වැස්සයි කඳුළුයි ඇඬීමයි...

වැස්ස ටිකක් පෑව්වට පස්සෙ මයෙ හිතේ මට එහෙම්මම නින්ද ගිහිං... උදේ වෙනකම්ම දන්නෙ නැහැ. ඉකි ගහපු හින්දද කොහෙද උගුරත් හීනවට රිදෙන්න ගත්තා.. ඒත් අහස බර වෙලා තියනවාට වඩා වහින එක හොඳයි. ඊට පස්සෙ සිසිලක් සැහැල්ලුවක් දැනෙන නිසා.


මට හැමදාම අඬද්දි මතක් වෙලා හිනා යන එකක් තියනවා...
 
මං දැකලා තියන සුරූපීම ලළනාවක් දවසක් මොකද්දෝ හිතෙ අමරුවකින් පෙළෙන ගතියක් පෙන්නුම් කරපු නිසා ටිකක් කිට්ටු වෙලා බැලුවා.. ගෑණිගෙ හිත හොඳයි.. ඒ නිසා හරිම ඕපන් ... උදව්වක් කරන්න උනත් බය නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන්... "..................... ඉතිං, ............" ..මං කතාව අහං හිටියා.. මටත් දුකයි.. කොල්ලා කනුවක් තියලා...


මටත් ඇඬෙන්න කිට්ටුයි... එයාටත් එහෙමයි.. කඳුළු බිංදු දෙකක් ඇස් වල එල්ලෙනවා.. ඇය ඒවා වැටෙන්න නොදී ඉන්න මාර සටනක් කරනවා.. මට සියුම් ආඩම්බරයක් ඇය ගැන ඉපදුනා.. "ධෛර්යමත් වෙන්න සහෝදරිය!!!!" මං ඉතින් ඔය වචන වලින්ම නැතත් ඇයට කිව්වා..."ඇස් වලට කඳුළු ආවට වැටෙන්න දෙන්න එපා..." මං සෑහෙන වෙලාවකට පස්සෙ බොහොම සංවේදීව කිව්වා..


හිතුවට වඩා උද්‍යෝගයෙන් ඇය කටහඬ අවදි කළා. "ඔව් අනේ... මේ මගුල් අයි ලයිනෙර් එක හින්දා මට අඬාගන්නවත් නැහැ.."

මං හිනා වුනා.. හිතිං....

7 comments:

said...

ගෑනුන්ගේ නියම ස්වරූපය පේන්නේ එතකොට තමයි

පුර සඳ said...

ම.. ගෑණු ගැන වැරදියට හිතන්න එපා... අපි මෙහෙම බලමු... ගෑණිට වඩා ප්‍රතිරූපය වැදගත් කියන මට්ටමට ලෝකෙ (නො.)දියුණු වෙලා.. පිරිමියෙක් ඇඬුවොත් දකින මිනිස්සු කියන්නෙ ගෑණියෙක් වගේ කියලා.. ඒ කියන්නෙ ඇඬීම ගෑණු වැඩක්.. ගෑණියෙකුට ගෑණු වැඩක් කරගන්න ප්‍රතිරූපය බධාවක් වෙලා... ප්‍රතිරූපය ඉටිරූපයක් කරගෙන ඒ වෙනුවෙන් අඬාගන්නවත් බැරුව දුක් විඳින්න මේ (නො.)දියුණු ලෝකෙ ගෑණුන්ට සිද්ද වෙලා...

පිස්සා පලාමල්ල said...

ලොකෙ වෙනස් වෙලා තියෙන තරම... අඩන්නවත් බැහනෙ නිදහසෙ...

පුර සඳ said...

@ පිස්සා.. මට ලඟදි ආරංචියක් ආවා අලුත් ක්‍රමයට නම් මළ ගෙවල් වල අඬන්නෙ නෑ කියලා.. (ළඟදි කිව්වට අවුරුද්දකට විතර කලින්..)හෙණ පොෂ් යාලුවෙක්ගෙ ආච්චි මරුණා.. මළ ගෙදර එන්න කරදර වෙන්න එපා කිව්වට හිතවත් කම නිසා අපිත් ඉතින් ගියා.. එදා වැස්ස.. අමාරුවෙන් ගේ හොයාගෙන මඩේ එරිච්ච වෑන් එක තල්ලු කරගෙන දෙවැටෙන් එගොඩ වෙලා ගියාම අපිට ඔරෙන්ජ් බාර්ලි සංග්‍රහයකින් පස්සෙ සැන්ඩි (සඳමාලි.) කියනව "අපේ අම්මට කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. විලාප තියනවා. දැන් මළ් ගෙවල් වල ඉස්සර වගේ අඬන්නෙ නැහැනෙ..අනේ සොරි ඔයාලටත් වාතයක් නේද?" කියලා... අනේ කාලේ ; වනේ වාසේ...

``` Outsider``` said...

ගැහැණියත් පිරිමියත් අතර වෙනස අද වෙද්දි බොහෝ දුරට ජීව විද්‍යාත්මක වෙනස්කම් වලට පමණක් සීමා වන තරමටම වගේ සමාජීය ජීවිතයේදී ගැහැණියගේ හා පිරිමියගේ දායකත්වය සම වෙනව. ඉතින් මේ මුසුවීමේදී ගැහැණියගේ අනුවර්තනයක් සිදුවීම ස්වභාවිකයි.

පුර සඳ said...
This comment has been removed by the author.
පුර සඳ said...

එය දායකත්වයක් මිස ආඥාවක් ඉටුකිරීමක් නෙවෙයි. සතුටින් කෙරෙන බෙදාහදා ගැනීමක්.. මේ ළඟදි බොස් කෙනෙක් මීටින් එකක කියලා තියනවා "I dont treat you'll as women" කියලා.. දෙන්නා (දෙන කෙනා) වගේම ගන්න කෙනාත් සාදාර්ණ වෙන්න ඕනෙ

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...