මල්ලි ගේ ආගමන කතාව...


මං පුංචි කාලෙ ඒ කියන්නෙ මාස ගානෙ කිරි බබා කාලෙ තාත්ති එනකම් ඉන්නවලු නිදා ගන්න නිදියන්නෙ "අන්න බලන් සඳ ර්න් තැටියෙන් සුදු" සින්දුවට විතර ලු....



ඔහොම කාලෙ ගෙවෙද්දි අනිත් ලමයින්ට මල්ලි ලා නන්ගිලා එන්න පටන් ගත්තා... මගෙත් ඉල්ලීම දරුණු යුද්ධයක් තත්වයටම ආව නිසා, තාත්ති කඩේකට ගිහින් මල්ලි කෙනෙක් තෝරලා තියනවා...


ඔහොම ඉන්නැද්දි තාත්ති මල්ලිව ගෙදර එක්කන් එන්න කැමති කරවගෙන.. ඒක හරි අමාරු වැඩක්ලු.. ඉතින් පඩි දා ට පස්සෙන්දා බස් එකෙන් බැහැලා දෙන්නා එනවලු...



අපේ ගෙදරට එන්න තියෙන්නෙ වෙල මැද්දෙන් වැටිච්ච රේල් පාරක් පහු කරගෙන.. තාත්ති ගෙදර එද්දි මගේ මූඩ් අප්සෙට්.. මොකක් හරි වැඩක් වැරදිලා හීනි පේර කෝටුව වැඩ කරලා...


මාර වැඩක් වෙලා තියෙන්නෙ..


ඉතින් , රේල් ගේට්ටුව ලඟදි කව්දෝ මල්ලිට කියලා අක්ක ගෙ දඟ වැඩ ගැන.. තාත්තිගෙ බෑග් එකේ තිබ්බා අගුලක් දාන්න පිත්ත්ල තහඩුවක්... ඕකෙ හිලක් තිබුනා.. ඉතිං අර කතාව අහපු ගමන් මල්ලි මං ගැන කලකිරිලා බෑග් එකෙන් බැහැලා යන්න ගිහිල්ලා... මං ඇති වෙනකම් ඇඬුවා... ටිකක් අමාරු උනත් හොඳ ළමෙක් වෙන්න හිතා ගත්තා...


මට ඒ වැඩේ ටිකක් අමාරු බව තේරිච්ච අපෙ අම්මි තමන්ම ගිහින් මල්ලිව තොරගෙන කරුණු පැහැදිලි කරලා එක්කන් එන්න තීරනය කලා.. අන්තිමට අපි එකඟ තාවයකට ආවා...මං දඟ නොකර ආච්චි එක්ක දවස් කීපයක් ඉන්නවා. ඒ අතරෙ අම්මි ගිහිං මල්ලිව තෝරගෙන කරුණු පහදලා දීලා එක්කරගෙන එනවා...


හරි... දැන් වැඩේ තීන්දුයි.. මට හිතාගන්න බැහැ අම්මි එච්චර දුරක් තනියෙන් යන්නෙ කොහොමද කියලා.. මොකද එයා අවිදින්නෙත් අමාරුවෙන්.. කමක් නැහැ.. මල්ලියෙක් ගේන වැඩේ හරිනෙ...



ඔන්න ඉතින් ආච්චි ආවා.. පුංචිත් ආවා... ගිවිසුම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා මං පුන්චි එක්ක ඉන්න එකඟ උනා.. මං කිව්ව හරි !!! අම්මිට තනියෙන් යන්න අම්මරුයි ලු. .. කමක් නැහැ.. මල්ලිගෙ වැඩේ හරිනෙ...


ඔන්න ඉතිං අපේ අම්මි දවස් ගානක් මහන්සි වෙලා හොයලා හොයලා.. හොඳ මල්ලි කෙනෙක් තෝරලා අරං ආවා.. ගෙම්බෙක් හැඩ කාර් එකක.. මල්ලි හරියට චීස් බෝලයක් වගේ.. මහන්සි වෙලාම අම්මි හුඟක් කෙට්ටු වෙලා තිබුනා.. මට මල්ලියෙක් ලැබුනා...


වැඩේ හරි!!!

6 comments:

sansarasidu said...

අපූරු ගිවිසුම....
කොහොම හරි කමක් නෑ වැඩේ කෙරුනානේ...
හික් හික් :D :D :D

අක්කෙ ඔයා ඒ කතාව ලස්සනට කියල තියෙනවා...
සුබ පැතුම් !!

හා පැටික්කි (MS) said...

ඔය වැඩේ මේ දවස් වල අපෙ පුංචිටත් වෙල තියෙන්නෙ..... නංගිය මල්ලියෙක් හොයන්න කඩවල් ගානෙ එක්කන් ගියා බැරිම තැන. කඩවල මල්ලිල හිටියෙ නැති නිසා දැන් කට පියන් ඉන්නවා.... අපෙ අයියත් මාව ගේන්න කැටයක් එකතු කරල ඒකෙන්ලු මට මුල්ම කරාබු 2 ගත්තෙ......

RanDil said...

මටත් මතක් වෙනවා අපේ නංගිලා ගෙදරට ආපු හැටි. ඒ දෙන්නව (නිවුන්නු නෙමෙයි) අරං අම්මයි තාත්තයි එද්දි මම ගෙදර තියෙන අම්මාගේ තාත්තාගේ ලොකු කොට්ට වට කරලා ඇඳ හඳලා බලාගෙන හිටියා. :-) ඒත් අම්මා ආපු ගමන් පොඩි පොඩි කොට්ට පොඩි තියලා බබාව තිබ්බා. මම මූණට එබිලා බැලුවම මාත් එක්කද කොහෙද හිනාත් වුනා. හරිම සුන්දර මතකයක් නේද?

Gayan Tharaka said...

දැනුත් ඒක කිවුවම ඒ කිරි බබා දොයියනවද?
තාමත් ගෙනාපු මලිලි බබා හොද බබෙක්ද?

පුර සඳ said...

ඔය කියන මල්ලිට පස්සෙ නගියෙකුත් ආවා.. ඒ කතාවත් දවසක කියන්නම්... දෙසැරෙම අම්මි කිව්වෙ එයාලව ගේන්නෙ මට කියලා...ඒක හිතේ පතුලටම කිඳා බැහැලා අද වෙනකම් තියනවා.. උන් දෙන්නව මට පුදුම විදියට දැනෙනවා....ඔය ඉහලින් කිව්ව මල්ලි ගෙ ආගමන කතාව ඇත්තම ඇත්තක්මයි...

පුර සඳ said...

@ ගයාන් තාරක
කිරි බබාට ඒ සින්දුව කියද්දි තාම නින්ද යනවා.. අත්තමයි... මල්ලි බබා ට දැන් වයස 29 යි... අම්මි තාමත් කියන්නෙ "මගෙ කීකරු පුතා...." කියලා..

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...