ඉවර වෙන්නැති කතා .... සොඳුරු ලමා විය... : Walking back to childhood...


අවුරුදු 20 කට විතර පස්සෙ ඒ දවස් වල වැඩි පුර කතා නොකරපු.. ඒත් හිතෙන් ගොඩක් ලෙන්ගතු අපි 4 දෙනෙක් පෙරුම් පුරලා පුරලා එකතු පහදු වුනා.. තව හරියටම ගාන සම්පූර්ණ ව්නා නම් 10 දෙනෙක් විතර එන්න තිබුනා..සෙට් වෙනවා... ආතල් ගන්නවා වගෙ ගොඩක් හර බර professional වචන පාවිච්චි කලාට අන්තිමට අපි හමු වුනේ ice cream parlor එකේ...

ඒ කතන්දර ගොන්න කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්නවත් බැහැ.. හැමෝම පවුල් පන්සල් වෙලා, ළමා ළපටි ඉන්න වගකීම් දරන උදවිය.. ඒවා පොඩ්ඩකට පැත්තකින් තියලා හෝරා දෙකක් පුරාවට අවුරුදු 20 කට කලින් වගේ හිනා වුනේ ඒ කිසිම දෙයක් නැති ගානට...

ආරියදාස සර් ගෙ ඔලු බක්කො.. විකි ගෙ විද්‍යා පංතිය... ගමේ වැළ..... හනේ හනිච්චං...සමහර දේවල් දන්නෙ අද....


තාම හිත එකලස් කර ගන්න බැහැ... මොනවද ලියන්නෙ කියලා.... මයෙ හිතේ ටිකක් හුස්මක් කටක් අරගෙන ලියන එක හොඳයි.. හෙමි හෙමිහිට ලියන්නම්...

3 comments:

බුද්ධි said...

කොහෙන් හරි පටන් අරං ලියනකං මං බලං ඉන්නවෝ !

ගයාන් තාරක said...

හෙමිට හරි ඔය ඔක්කොම ලියනවනං අපි ඉන්නව කියවන්න. :D
එහෙනං හෙමිං හෙමිං ලියන්නකෝ

said...

ආරියදාස සර් කිව්වේ අර පියෝ කරන නුගේගොඩ ක්ලාස් කරපු සර්ද? අපොයි මාත් ගියා එයා ගාවට

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...