වසර 34ක් එකට ඉඳීම.... හෙවත් HAPPY 34th ANNIVERSARY toAMMI & THATHTHI!!!!!

අවුරුදු 34ක් කියන්නෙ ලේසි පහසු කාලයක් නෙවේ.. මම යි මං ජාතියේම තවත් බෝම්බ දෙකකුයි පුපුරන්නෙ නතුව ම්ච්චර කල් ළඟ තියගත්තා කියන්නෙ ඇත්තටම දෙන්නට තෑගි දෙන්න වටිනවා....අපි වෙනුවෙන් නිතර දෙවේලේ අට ලෝ දහමට කම්පා වෙමින්, අවසානයේ අට ලෝ දහම ගැන කම්පා නොවෙන්න අපිට උගන්නන්න දෙන්නම හුඟක් මහන්සි වුනා..

ඒ වෙලාවට ඩිංගක්වත් හිතෙන්න නැතුව ඇති තමන්ගෙ ගොඩ ලොකු කරගන්න විදියක්.. එහෙම ඒ දෙන්න හිතුවා නම් ලෝකෙම විනාස කරමින් බෝම්බ තුනම පුපුරලා..

මට හිතා ගන්න බැහැ formal විදියට සුභ පතන හැටි............... පව්!!!!!!!!! දෙන්නා තනියම ඇති.. සති අන්තයේ අපි කවුරු හරි බලන්න එනකං.. ( බාගෙට ඉදිච්ච කෝලිකුට්ටු ඇවරිය යි, බාස්මති හාලුයි කිරි හට්ටියකුයි ත් මේ වෙද්දි ගෙනත් ඇති කියලා නම් මට ෂුවර්)..




සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ දෙදෙනාම ජීවත් වේවා!!!!!

7 comments:

Raven said...

‍සටහන මගේ හිත් ගත්තා.
සුබපැතුම් මගෙනුත් ඔබේ මවටත් පියාටත්.

මධුර විජයකොන් said...

"නැතිබැරි මොහොතක පිහිටට ඉන්නේ මව්නි පියා‍ණෙනි ඔබ පමණයි"

"අපේ නමින් නෙත කඳුළු උනන්නේ ඔබට පමණි මේ ක්ෂිතිජ වළල්ලෙ....."

දරුවන් කෙරෙහි මාපිය සෙනෙහස වනාහි සම්,මස්,ලේ,‍නහර, ඇට,ඇට මිදුලු දක්වාම විනිවිද ගිය දෙයකි

ඔබේ මාපියනට මම ද දිගාසිරි පතමි

RanDil said...

අපෙනුත් සුභ පැතුම් !!!!!!!!!!!!

ජීවිතේ මල් said...

නැතුව නැතුව.... ලෝකයෙන් සිටිය හැකි ලොකුම (එත් පවුලෙ පොඩිම) කාල බෝම්බය හැටියට අම්මපා මාව ආම්බාන් කිරීමම හිට්ලර් ඇල්ලීම වගේ නොවැ......... ඒ දෙන්නා ගෙවුව ජීවිතේ හරි පුදුමයි..... අපූර්වයි..... දීර්ඝායු !
:-)
ජය වේවා සහෝදරී...... දිගටම ලියා...න්.....

පුර සඳ said...

@මධුර විජයකොන්, Ravin, & Randil...ස්තූතියි!!!!

@ ජීවිතේමල්..ආ..හ්.. සහෝ... මම අද දැන ගත්තෙ... ඇමරිකාවෙ ටෙක්සාස් වල ක්‍රීඩාවක් තියනවලු.. මහා තඩි හරකෙක් කොටුවකට දාලා ඊට පස්සෙ මිනිහෙක් උගේ ඇඟ උඩට පනිනවලු.... පැනපු ගමන් මිනිහා උගෙ කොහෙන් හරි අල්ල ගන්නවලු... ඊට පස්සේ අර කොටුව පිට්ටනියකට අරිනවලු.. දැන් හරකා දඟලමින් මිනිහාව බිම දාන්න හදනවා... මිනිහා දිනන්නෙ වැඩිම වෙලාවක් හරකාගෙ පිට උඩ හිටියොත්ලු... (මට හිතුනා අපේ අම්මියි තත්තියි මේ ක්‍රීඩාව කළානම් මෙලහකටත් දිනලා...)

සංජු said...

අම්මගෙයි තාත්තගෙයි ඇත්ත පින්තූරයක් දැම්මනම් තමයි සැබෑ උපහාරයක් වෙන්නේ... මගෙත් සුභ පැතුම්...

පුර සඳ said...

@ සංජු.. ස්තූතියි!!! මයෙ ගාව කගෙවත් පිංතූර නෑ.. ඔක්කොම හිතේ විතරයි.. මේ සැරේ ගෙදර ගිහිං එද්දි ගෙනත් දාන්නම්....

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...