කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ...?

මං මේ හඳ පානෙ රවුමක් යන්නෙ හදි හදිස්සියෙන්... හිතේ උතුරන නැවුම් හැන්ගුමක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතිච්ච නිසා... ඔයාලට මතකද අර අනවසර පදිංචි කාරයෝ දෙන්නා? (මෙතන ක්ලික් කරලා බලන්නකො..)
ඊයෙ මං නොටිස් කළා අලුත් කෙඳි වගයක් එහෙම ඔතලා පොඩි රෙපෙයාර් වැඩ වගයක් ගිහිං තියනවා අපි නැති අතරෙ.. දැං ඩිංගකට කළින් මං ජීවිතේ මල් වැඩට යන්න කලින් කිව්වා කුරුළු බිරිඳ අද තප්පලං ගහගෙන ඉන්නෙ අමුතු ෆැෂන් එකකට කියලා.. වම් තට්ට අහස දෙසට...
මං ඉස්සරහ දොර ළඟ ඉන්දැද්දි ඔන්න පෙම්වතා අළුත් සින්දුවක්... සද්දෙ ඇහිච්ච ගමන්ම මෙන්න උපදින්න ඉන්න පුන්චි උන් ටිකත් දාල කිරිල්ලියෙක් වගේ විසේකාර ලීලාවෙන් හම්බාගෙන ගිහිං තුරුල් උනා.. මාත් ඇස් කොනින් ඔක්කොම බලාගෙන... වෙලාවකට මට හිතුනා අම්ම කෙනෙක් වෙන්න තාම කලින් වැඩියි කියලා.. එක වහලක් යටට ඇවිල්ලත් කොච්චර ටික කාලයක්ද?
මං හිතන්නෙ පොඩි ආරෝවක් වෙන්නැති.. දෙන්නා කරට අත් (තටු ) දා ගෙන රවුමක් ගියා.. මං හිමීට කිට්ටු උනා..

අනේ වාසනාවන්... පුංචිම පුංචි කුරුළු පැටව් දෙන්නෙක් වගේ චායාවක් නළියනවා... ඒත් තියන තැන හැටියට හිතාගන්න බැහැ එක්කෙනයි ද දෙන්නයිද කියලා.. මට පේන විදියට නිමුන්නු..(කොට ජීවිතේ.. ජනේලෙ උසයි )
ටිකකින් ජෝඩුව ආවා.. පනු පැටවු වගයක් හොටෙන් අරන්.. දෙන්න තරඟෙට පුන්චිඋන් හුරතල් කර කර කව්වනවා.. පුංචි බන්ඩියට දැන්ම පනු පැටව් බර වැඩිද මන්දා....?
මං ඔය දැක්කමයි කුරුළු ජෝඩුවක් එකතු වෙලා පැටවුන්ට කවනවා... අනේ වාසනාවන්...


ආ.. කියන්න අමතක උනා... ජෝඩුව එනකන් මං නැළවිලි ගීයකුත් කිව්වා..


පිං සිදු වෙන්නේ.. අනේ බාල ළමුන්නේ..
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...

කොළේ කොළේ දමා කුඩා නිවස තනන්නේ..
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ..
රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ..
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ...

මේ පහළ පින්තුර වල ඉන්නෙ අළුත් දෙමාපිය යුවළ..


මේ අර තට්ටක් අහසට එල්ල කරගෙන ඉඳගෙන හිටිය විදිය...


මේ ඉඳු කට ගෑමේ මංගල්ලෙ.. ඔය පින්තූර දෙකේ ඉන්නෙ අම්මයි තත්තයි දෙන්නා..


ෂහ්.. මට දුකයි.. මේ ඔක්කොම වාර්තා කරන්න වෙලා තියෙන්නෙ ෆෝන් කැමරාවෙන්..


අය්යෝ!!! ඔන්න කච කචේ... දෙන්න දෙමහල්ලො ආයෙත් රන්ඩුවක්.. හැබැයි ආදරෙන්... පොඩ්ඩක් ඉන්න... මං ඕප දූපෙ බලාගෙන එන්නං..

4 comments:

දුකා said...

Wooow . . . niyaamyi . .. . pics tikath narakama naha phone eken gatta wunaata . ..

Gayan Tharaka said...

ඒක හොදා ෆෝන් එකෙන් ගන්න එක. නැත්තං උන්ට බාධා උනොත් එහෙම ෆ්ලෑෂ් එහෙම වැදිලා.

හා පැටික්කි (MS) said...

අනේ අක්කියෝ ෂෝයි නේද.....
මුළු ගේම ඔය පැචොන්ගෙන් පිරුනම......
මටත් ඉස්සර අවුරුද්දකට සැරයක් දෙකක් ඔය පවුල් කතාව බලන්න ලැබුන..... ඒත් දැන් නැහැ........ :( :( :( :(

පුර සඳ said...

අද හවස් වෙනකොට කිරිල්ලි ඉන්නෙ තට්ට පාතට බාගෙන... වෙනදාට වඩා උසකින්..
@ දුකා සහ ගයාන් තාරක... ඔවු මොකද මං ෆෝන් එක පාවිච්චි කරනවා එයාල දැකලා තියන නිසා බය නැහැ.. නැත්නම් මුළදි එහෙම ෆෝන් එක එල්ල කරගෙන ෆොටෝ ගනිද්දි බය වෙලා පළාතෙ ඉන්නෙ නැතුව දුවනවා..
@ හා පැටික්කි... ඇත්තමයි නංගි.. හරිම ෂෝක්.. මං මේ බලාන ඉන්නෙ කිචි බිචි ගානකං...

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...