මල්ලි ඔට්ටුව පැරදිච්ච හැටි...

ඔයාලට මතක ඇති මං කියනවා මල්ලිගෙ ආගමන කතාව.. ඉතිං ඔය මල්ලිම කරපු වැඩක් තමයි මේක..


අපේ ගෙදර නැවතිලා හිටියා නෑදෑ අක්ක කෙනෙක්.. ටික කාලෙකට.. එයා දෙවෙනි පාර ඒ ලෙවල් කරන්න පාඩම් කරන්න තමයි නැවතිලා හිටියෙ.. එයාව බලන්න ලොකු අම්මයි ලොකු තාත්තයි නිතර නිතර ආවා..

අපි ඉතිං හවස් වරුවෙ ටිකක් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා.. මල්ලි හුඟක් වෙලාවට එයාගෙ ෆුට් සයිකලේ පදිනවා.. අපි බැඩ්මින්ටන් ගහනවා..
 
දවසක් මල්ලි බයිසිකලේ ට නම්බර් ප්ලේට් එකක් ගහගෙන. අක්කව අවුස්සනත් එක්ක අක්කලගෙ කාර් එකේ නම්බර් එක තමයි ගහගෙන තියෙන්නෙ...


අක්ක හිතුවා මේක එයාට අගෞරවයක් විදියට.. 17 ශ්‍රී කියලයි නොම්මරේ පටන් අරන් තිබුණෙ..

මල්ලි හිතුවා වගේම අක්කා අහක යන තොප්පිය උඩ පැනලා අල්ලගෙන අම්මරුවෙන් තද කරලා දමා ගත්තා.. ඒ විතරක් නෙවෙයි අක්කටත් තද වෙලා...


"අපේ කාර් එක 17 ශ්‍රී නෙවෙයි ඩෑෂ්" පළමු පන්දු ඕවරයෙ ප්‍රථම පන්දුව අක්කගෙන්...


" අපොයි ඒක කොහෙද ඩෑෂ්..? ඒක ශ්‍රී... කබලක්නෙ..?"

"ඇපේ තාත්තා කබල් ගන්නෙ නැහැ.. ඒක ඩෑෂ්"

කොහොම හරි කතාව දුර යද්දි අක්කා ප්‍රබල ආයුදයක් පාවිච්චි කරන්න ලෑස්ති උනා.. ඒ බව් තේරුණේ ඇස් වලින් උල්පතක් වගේ එකක් මෝදු වෙද්දි... මල්ලිට තෙරුණා වැඩේ දෙල් වෙන්න එන්නෙ කියලා..
අක්කා මේක සීරියස් ම ගත්තා.. අපේ ගෙවල් වල්ත් ඉතිං ඉස්සෙල්ලා ගන්නෙ පිට කෙනාගෙ පැත්තනෙ..?


මල්ලි ටිකක් කිට්ටු වෙලා සාම සාකච්චාවක් පැවැත්තුවා..

"හරි!! අපි ඔට්ටුවක් අල්ලමු.. "

"හා...!! මට විස්වාසයි ඒක ඩෑෂ් කියලා.." අක්කා හැඬුම් බරව කිව්වා විතරක් නෙවෙයි ඔට්ටුවත් එයාම ඉදිරිපත් කළා.. " ඒක ශ්‍රී උනොත් එහෙම මං ඒ කර් එක මල්ලිට දෙනවා.. ඩෑෂ් උනොත් මල්ලි මල්ලිගෙ වාහනේ අපිට දෙන්න.."


මල්ලිත් කීප සැරයක්ම අක්කගෙ වාක්‍යය උච්චාරණය කළා.. කට පාඩම් වෙනකම්.. "හරි.. එකඟයි.."


ඔන්න ඉතිං සෙනසුරාද උදා උනා කියමුකො..ලොකු අම්මයි ලොකු තාත්තයි ආවා දෝණියන්දෑ බලන්න.. අපිත් ඉස්සරහට ගියා කාර් එකේ නම්බර් ප්ලේට් එක බලන්න..

"හු හූ.... 17 ඩැෂ්...." අක්කා උඩ පැන්නා..

"හරි හරි මං ඔට්ටුව පරාදයි.. පොරොන්දුව ඉටු කරනවා!!!"

"කෝ .. යතුර ගේන්න.."

මල්ලි ගෙට ගියා... කබල් යතුරක් අරන් ආවා..අක්කා අතට දුන්නා..


"චික් මේ මොකද්ද.. අරන් එනවා කාර් එකේ යතුර.."

"ඒක තත්තගෙනෙ..? මගේ නෙවෙයිනෙ"

"මේ ජරාව මොකද්ද..?"

" මගේ වාහනේ ගරාජ් ඒකේ කණුවට තියලා බඳින දම්වැලේ යතුර
ගන්න .. ගන්න!!! බය වෙන්න එපා"

ඉතිං ඔහොම තමයි මල්ලි පරාද කරලා අක්ක ඔට්ටුව දිනුව හැටි..

"මූ තමයි දවසකටවත් මිනිහා..!!" ලොකු තත්තා කිව්වා...

6 comments:

හා පැටික්කි (MS) said...

මල්ලිගේ මොලේ ඉල්ල ගන්න බැරිවෙයිද දන්නෑ.... හිකිස්/......

Chanaka Aruna Munasinghe said...

අපොයි 2වෙනි පාර A/L කරන අක්කෙක් කාර් එකේ නම්බර් එක ගැන චූටි මල්ලියෙක් එක්ක රණ්ඩු වෙලා ඇඬුවද? චිකේයියා

ජීවිතේ මල් said...

අම්මපා මේ ඔහේගෙ මල්ලි හෙවත් මගේම අයියන්ඩිද බොල??? මට මතක නැහැනෙ මේ සීන් එක? මම එතකොට දණ ගාන වයසෙත් නෙමෙයිනෙ.... ම්ම්......

පුර සඳ said...

ඔවු ඔවු ඌ තමයි... මේක ඇත්තම ඇත්ත.. බොරු නම් අම්මිගෙන් අහන්න..ඔයා 6 වසරෙ විතර..

දුකා said...

මල්ලී නම් සිරා බුවෙක් . . . ඌව දේශාපාලනේට යවන්න අප්පා . . හොඳ අනාගතයක් තියෙයි . . හික් හික් . . .

දුකා said...

අප්පට සිරි මේ පුරහඳයි . . ජීවිතේ මලුයි අකක්යි නංගීයිද . .. ෂා නියමයිනේ . . එකම පවුලේ ලේඛකාවියෝ දෙදෙනෙක් . . . නමුත් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ ලියවිල්ලෙන් නම් . ..

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...