සන්නා අම්මාට නොදුන් රොටිය.....

පමා වූ වෙසක් ගැන කිය කිය ඉඳලා හදිස්සියේ නැගිටලා ගිහින් අහපු කතාවක් මේක... කිව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන් (සන්නා)... ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයේ හිටපු මට...




සන්නා විශ්ව විද්‍යාලෙ ඉඳලා ගෙදර ගිය දවසක.. පහුවදා උදේ නැගිටලා පිච්චර් එකක් බලන්න සන්නා හදි හදිස්සියෙන් ලක ලෑස්ති වෙනවා.. මේසෙ උඩ වහලා තිබ්බ ලොකු රොටියක් ගිල දාපු සන්නා එලියට බහිද්දි අම්මා අහළ තිබ්බ තේ කෑල්ලෙ දළු කඩනවා...
"පුතේ.........." අම්මා සන්නාට අඬ ගහනවා.... " රොටියක් උයලා වහලා ඇති... මටත් කෑල්ලක් තියලා, කාලා පළයන්" අම්මා සන්නාට කියනවා... ඒ වෙද්දි සන්නා මුළු රොටියටම වග කියලා ඉවරයි...


උඩුවේ ධම්මාලෝක හිමියන් වටාපතින් දෑස වසා ගත්තේ.. ඇඬීම අකැප නිසා.... ටී එම්, වීජමු, රෝහණ බැද්දගේ ආදීන් බිම බලා ගත්තා... මමත් ඉන්ට නෙට් එකට මුවා වෙලා එතනින් නැගිට්ටා..

"මේ ණය මං ගෙවන්නෙ කොහොමද?" සන්නා ප්‍රශ්න කරනවා මට ඇහුණා..

15 comments:

ළමයා said...

සන්නා දෙයක් කියනකොට බොක්කටම වදින්න කියනවා.. සමහර කතා කියන හැටියට කදුලු එනව නොදැනීම.. මේක කියවනවාට වඩා දැනෙනවා සන්නාගේ කටින්ම මේක අහන්න තිබුණානම්..

මම මේ වැඩසටහන බාගෙට බැලුවේ මේ කොටස බලන්න ලැබුනේ නෑ.. ඒ වුනත් මේක කියවපුවාම මගේ හිතට පුදුම විදියට දැනුනේ..

ස්තූතියි

මාරයාගේ හෝරාව said...

මාත් අහලා තියෙන කතාවක් ඔක..
ඇත්තටම මට හරි ඔයාට හරි උනානම්..?

රවා said...

සන්නස්ගල මහත්මය අසන ප්‍රශ්න මා පුදුමයට පත් කරවනවා, මෙ වැනි ප්‍රශ්න සදහා උත්තරයක් දිමට මාගෙ දැනුමට නොහැකිය, ණය ගැන නම් මම දන්නෙ නැත.. මම දන්නා ලොකුම දෙ අම්මාය... අම්මා ඉදිරියෙ මහා මන්දාකිණීත් චුටි අගුටුමිට්ටන් වන හැටි දකිද්දි මගෙ ඇස් වලට කඳුලු නැගෙන ආකාරය වටහා ගත නොහැක. සන්නස්ගලගෙ අම්මා සහා මගෙ අම්මා අතර වෙනසක් නම් මා හට නොදැනෙවි...

ඇත් රැජිනිය නෙ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වෙවා......

Hasitha said...

ඇත්තටම හරිම සංවේදී සිද්ධියක් අක්කේ .

කුමාර said...

ඇහැට කදුලු එන සංවේදී කථාවක් මේක."මගෙ අම්මව මට මඟහැරුණා...
ඒ දුක මේ ආත්මයේදී ගෙවන්න බැහැ." සන්නස්ගල කියල තිබුනෙ එහෙමයි.

මේ තියෙන්නෙ සම්පූර්ණ ලිපිය.
http://www.silumina.lk/2009/09/20/_art.asp?fn=as0909202

indi said...

මටනම් මෙක මෙලෝ රහක් නෑ.....

Kandulu Binduwa said...

ඈත්තටම මේක හරිම සංවේදි කථාවක්..අපේ අම්මල අපි වෙනුවෙන් කොච්චර දුක් උහුලනවද..

kumaraya said...

ඉතින් චිත්‍රපටය අමතක කරලා සන්නට තිබුණේ කඩේට දුවලා බනිස් ගෙඩියක් වත් අම්මට ගෙනත් දෙන එකයි.... චිත්‍රපට බැලුව වගේද දැන් තියන පසුතැවිල්ල....

පුර සඳ said...

මේ වගේ සිද්දි වෙච්චි වෙලාවට අපි හිතිච්ච දුක පෙන්නන්නෙ නැතුව හිමීට ලිස්සලා යනවා... හොඳයි බොරුද?.. ඒත් හිතේ හුඟක් කල් යනකන් නිකන් නිදිකුම්බ කටුවක් ඇණිච්ච තුවාලයක් වගේ පොඩි කැක්කුමක් තියනවා.. බනිස් ගෙඩියක් ගෙනත් දෙන්න තිබුණා කියලා හිතෙන්නෙත් ඔය කියන හීන් වේදනාව දැනෙන වෙලාවට..

රවා said...

මම දැනගත්තා කවුරුහරි කෙනෙක් මෙ වචනෙ දානවා කියලා, සන්නස්ගලගෙ අම්මට බනිස් ගෙඩියක් ගෙනත් දෙන්න තිබුනා නෙද කියලා.. එහෙම හිතන මිනිස්සු නොහිතන ගොඩාක් දෙවල් මෙ ජිවිත ඇතුලෙ තිබෙනවා.. එවා අල්ලන්නත් පුළුවන් එවගෙම අයට විතරයි..

පුර සඳ said...

මම ඊයෙ රෑ ත් හිතුවා ඉන්ඩි සහ කුමාරයා කියපු කතා ගැන... ලොජිකලි... හරි... සන්නට තරං රසවත්ව මට කතා කියන්න බැරි නිසා රසභාවයන් අඩුයි.. මං පිළි ගන්නවා...
ඔය අතරෙ මටත් ඔය වගේ සිද්දි වෙලා තියනවා.. ඒවා මතක් වෙද්දි අර කිව්ව වගේ දෙයක් දැනෙන නිසා සන්නගෙ කතාව මට දැනෙනවා..සරළව කිව්වොත් හවස් වෙලා කෝල් කරද්දි කිව්වොත් දවල් කතා කරයි කියලා මම බලාන හිටියා කියලා.. මේක දැනෙනවා..හොඳයි නැද්ද?

indi said...

අපි ටිකක් රලුයි ඒත් ඔයා සැලෙන්න එපා.....ධර්මසේන හාමුදුරුවො ධර්මය කියන අමු තිත්ත බේත් මිනිස්සුන්ට ගිල්ලවන්න සධ්දර්මරත්නාවලිය වගේ කෘති ලියල සාහිත්‍ය පෝෂනය කලා.....ඒත් කඩෙන් ගන්න කොකාකෝල වගේ හැමෝටම දැනෙන විඳින හැඟීම් කීපයක් සාහිත්‍ය කියන ලේබලයට මිනිස්සුන්ට විකුනල සන්නස්ගල මාස්ටර් තමන්ගෙ මඩිය ලොකු කරගන්නව.....මේක හුදෙක් මගේ පෞද්ගලික අදහස.....

RanDil said...

http://www.silumina.lk/2009/09/20/_art.asp?fn=as0909202

නංගී අර කෝල් කථාව නම් ඇත්තම ඇත්ත. මම හැමදාම දවල්ට අම්මාට කථා කරනවා. බැරිවෙලාවත් දවසක් දෙකක් බැරි වුනොත්, තුන්වෙනි දවසේ අම්මා කථා කරලා අහනවා දැන් ඉතිං අපිම කථා කරන්න ඕනේ නැත්නම් අපි ගැන බලන්නේ නැහැ නේද කියලා.

Taboo Subjects said...

ඔය කතාව පළ වූ සිළුමිණ මුල් ලිපිය ඉතාම සංවේදියි.

කොහොම වුනත් මා නම් හිතන්නේ සන්නා අම්මට ණය ගෙවා ඇති බව, වෙන මොන දේකින් වත් නෙවෙයි මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ සිංහල-ඉංගිරිසි මහා ශබ්ද කෝෂයේ වෙළුම් දෙක පළ කිරීම තුළින්. මෑතදී අපේ රටේ පළ වූ වටිනාම පොත් මේවා විය හැකියි. මා දවස ගානේ එයින් යමක් ඉගෙන ගන්නවා.

රුපියල් හත් දාහයි, වෙළුම් දෙකම. කිසිම පාඩුවක් නැහැ. පුස්තකාලයක් ගෙදර තියෙනවා වගේ.

- Taboo

වළාකුළු said...

ඔයාගෙ ලිපියට දාල තියෙන ටික විතරක් කියවනකොට හොඳට දැනෙනව. සංවේදීයි. ඇ‍ඬෙන්න දැනෙනව. ඒත් සම්පූර්ණ විස්තරය කියවද්දි ඒක එහෙමද?
"මගෙ අම්මව මට මඟහැරුණා...
ඒ දුක මේ ආත්මයේදී ගෙවන්න බැහැ."
ලස්සන වචන වලින් කරපු වැරදි වහන්න බෑ. අවුරුදු 05ක් දරුවෙකුට තමන්ගෙ අම්මව මග ඇරෙනවද? ගොඩක් අයට වගේ සන්නස්ගලටත් දුක් විඳල තමන්ව හඳපු අම්මලගෙ වටිනා කම දැනෙන්නෙ ඒ අය මළහම. දැන් වඩන වලින් හරඹ කරනව. ඇත්ත, ඒව ගෙවාගන්න බැරි පව්කාරකම්.

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...