කර කියා ගන්න දෙයක් නැතුව අතට අත දීම...

මේක මං දන්න කෙනෙකුට ඇත්තටම වෙච්ච දෙයක්... මොකද සිද්දිය වෙච්ච වෙලාවෙ මං එතන.. කතාවෙ පූරවාපර සන්දි ගලප ගත්තෙ පස්සෙ.. කතාව මේකයි..

"ඇය" පහුගිය ටිකේම ගෙදර යද්දි වැස්සට අහු උනා.. වැඩට අඳින කලිසම් තත බරිත උනාම හරිම අප්පිරියයි.. ඒක නිසා අද ටිකක් කොට සායක් අඳින්න හිතුවා.. කොට කිව්වට කොටම නෙවෙයි.. දණිස්ස වැහෙන නොවැහෙන ගානට..


ඔය අතරෙ රාජකාරිමය පාර්සලයක් එන්න තිබුණා.. හිතපු වෙලාවටම ඇගේ මේසෙ උඩ තිබ්බ දුරකතනය වැදුනා.. එහි අනිත් පස හිටියෙ එතුමා... එතුමා කිව්වෙ ඇත්තටම එතුමගෙ තත්වයට එන්න අපිට තව හුඟක් කල් යයි..


".... මම මේ ගාඩ් රූම් එකෙ ඉන්නෙ.. පාරෙ වාහනේ නවත්තලයි ආවෙ.. could you please come and collect this?.."
"Yes sir!! Sure!"
 
ඔහුට ආපහු යන්න ඇති හදිස්සිය තේරුණ නිසා ඇය ලිෆ්ට් එක එනකන් ඉන්නෙ නැතුව පිය ගැට පෙළ බැස්සා.. ටිකක් වේගයෙන්..


පඩිපෙළ බාගයක් බහිද්දිම නිකන් ගැරඬියෙක් කකුල් දෙකේ එතෙනවා වගේ අපුලක් ඇයට දැනුණා.. බලද්දි එතුමගෙ ඇස් වලින් පිට වෙච්ච ආලෝක කිරණ කීපයක් විළුඹේ සිට ඉහළට වේගයෙන් එතෙනවා.. දණිස්ස පහු කරන්න කළින් ඇයව එතුමා ළඟටම ගෙනියන්න ඇගේ වේගය සමත් උනා..
 
ඇය එතුමගෙ දෑස දිහා එක එල්ලේ බැළුවා.. ඒ බැළුම් ප්‍රහාරය සාර්ථක වෙච්චි නිසා අර අනවර්තේ එළියට දාපු ආලෝක කිරණ ටික ආපහු අරං නොපෙනෙන තැනක හංගන්න එතුමට වෙලා මදි උනා.. එතුමා අප්සට් ගියා...
 
එතුමා පාර්සලය දීල ඇයට නොනවත්වා shake-hand කරන්න පටන් ගත්තා... ඔවුන් දෙදෙනාමයි ගාඩ් රූම් එකේ හිටපු සිකියුරිටියි තුන් දෙනාම අන්දුං කුන්දුං වෙලයි හිටියෙ..
 
 
මේක මේ සාක් සමුළුවේ දි හුවමාරු කරගන්න ගිවිසුමක් තරම් ලොකු ලියවිල්ලක් නෙවෙයි, ඊයෙ හවසත් හම්බුණ ඇගේ අතට පාර්සලේ දීලා අතට අත දෙන්න තරම්.. අනික එතුමයි ඇයයි දෙන්නම ඉංග්‍රීසි පන්නෙ අයත් නෙවෙයි ...
 
ඒ කට්ටිය විතරක් නෙවෙයි.. මාත් අන්දුං කුන්දුං උනා... ඒක නිසා එතනින් එහාට එතුමට මොකද උනේ කියලා මතක නැහැ... අපි දෙන්නම එතුමා ගියාට පස්සෙ බඩ පැළෙනකං හිනා උනා... ආපහු ඔෆිස් එක ඇතුලට ගිහිං අනිත් අයටත් කියමින් හිනා උනා... එතුමාට පිංසිද්ද වෙන්න සිකුරාදා දවසෙ තියන වෙහෙසකර ඇල් මැරිච්ච ගතියෙන් මදකට මිදෙන්න අපිට පුළුවන් උනා... හිනාව කියන්නෙ වෙහෙසට හොඳ බෙහෙතක්..
 
 
 
ඒත් හවස බස් එකෙ නැගලා එද්දි මට එතුමා ගැන අනුකම්පාවක් ඇති උණා.. මොකද දන්නවද.. ඔය හැඟීම ඇති වෙන්න ඇත්තෙ හැත්තෑ වයස් පිරුණ එතුමට විතරක් නෙවෙයි.. තව බොහෝ දෙනෙකුට.. ඒත් ඒ ඒත් හිතේ ඇති වෙච්ච කුපාඩි හැඟීම ඇස් දෙකෙන් එළියට නොදා වහ ගන්න බැරි වෙන්නෙ එතුමා වගේ අසරණයෙකුට විතරයි...

11 comments:

Anonymous said...

Ahinsaka sathutak labanna eth.

දොඩන් said...

අනේ අපොයි

freedom said...

ඔය වගේ සීන් වලදි පුරුෂ පාර්ශවේ හිතන හැටිත් බලන්නකෝ ඔන්න.
http://kathandara.blogspot.com/2009/12/blog-post_06.html

freedom said...

ඔය වගේ සීන් වලදි පුරුෂ පාර්ශවේ හිතන හැටිත් බලන්නකෝ ඔන්න
http://kathandara.blogspot.com/2009/12/blog-post_06.html

පුර සඳ said...

ස්තූතියි හැමෝගෙම කමෙන්ට් වලට..
@ freedom අර අයිස්වර්යා ලමයගෙ ලෝ කට් එකත් එක්ක තියන පෝස්ට් එක මං දැක්කා... හරි හරි ඉතිං...
උඩ පලවෙනි පිංතූරෙ තියෙන්නෙ අද දවල් මං දැක්ක සායට සමාන සායක්.. ඉතිං ඕකෙ වැඩියෙ පෙන්නපු මුකුත් නැහැනෙ.. ඒත් අවුරුදු 70ක කෙනෙකුට ඕකත් ඇති... අපිට බලන එකවත්, බලන්න හිතෙන එකවත් වලක්කන්න බැහැ.. ඒක ස්වභාව ධර්මයට තියමුකො... වැඩේ අප්සෙට් යන්නෙ බලපු කෙනා අප්සෙට් යද්දි.. නැත්නම් ඉතිං බලලා නොදැක්කා වගේ හිටියානම් අර දැරිවිටත් පොඩි ආඩම්බරයක් හිතෙයි..

Anonymous said...

තමා යමක් අඳිද්දි ඒ දැරිවි , බාහිර ලෝකය තම දෙපා දෙස බලන බව දැරිවි නොදන්නවා කියා සිතිය හැකිද? මට නම් හිතෙන්නේ දැරිවි එය දන්නවා.. සහ එය පෙන්නන්න අකමැත්තක් තිබේ නම් එසේ අඳින්නේ නැහැ නේද ? ඔතැනදි පිරිමි පාර්ශවයට වැරදි කීම , උපහාසයට ගැනීම කොතරම් හරිද වැරදිද යන්න සිතීමට මත්තෙන් ගැහැණු දැරිවි එය දෙපාරක් සිතීම වටී...
සිදුවීම එක පැත්තක් දකින්නේ අන්තවාදීන්. දෙපැත්තක් දකින්නේ ඊට වඩා මානුෂික ලක්ෂණ පෙන්වන්නන්.. තුන් පැත්තක් තිබෙන බව දකින්නේ සමබරව සිතන්නන්... තම මතය...අනෙකාගේ මතය සහ 'සාදාරණ මතය'

ලස්සනට ඇඳීම සහ 'ආතල් දීම' ගැන කාන්තාවන් මීට වඩා හිතනවා නම්, දන්නා පිරිමි යහලුවන් ගෙන් හෝ අසා දැන ගන්නවා නම්, ඔවුන් ගැහැනු ලමයින් දිහා බලලා කියා ගන්නා දේවල්, එය ඉතා වටිනවා.

පිරිමි අපත් හැඟීම් දැනීම් තිබෙන මිනිසුන්. එය එක් එක් මිනිසුන් එක් එක් සීමාවල් දක්වා යනවා. සමහර මිනිසුන්ගේ ක්‍රියා කලාපය සාධාරන කරන්න බැහැ කොහොමත්. ඒත් මේ ලිපියේ දැක්වූ ක්‍රියාව තුල උපහාසයට පත් වෙන්නේ අර 'එතුමා' පමණක් නෙමෙයි කියාලායි මට නම් හිතෙන්නේ.....(මඩක් නෙමෙයි, මගේ පුද්ගලික කල්පනාවක්)

පුර සඳ said...

ගැණු පිරිමි දෙගොල්ලම ලස්සන දකින්න කැමැතියි.. ලස්සන බලන්න තහනමක් නැහැ.. හැබැයි සංයමයකින් බලනවනම් තමයි හොඳ...

Anonymous said...

හපොයි...ඔය වගේ අය ඇමරිකාවට ආවොත් ඇටකටු විතරයි ඉතිරි වෙන්නෙ.
මෙහෙ කෙල්ලො (රස්නෙ කාලෙට කැම්පස් එකට) අඳින්නෙ කකුල් ඔක්කොම එලියෙ තියන කලිසම් කොටනෙ. ඒව දිහා බලන් ඉන්න අය නම් මම දැකලා නෑ. (ඒව දැකලම කිසි වගක් නෑ.) (මෙහෙ) කෙල්ලො එහෙම අඳින්නෙ පහසුවට මිසක් කකුල් පෙන්නන්න නෙවේ කියලයි මට හිතෙන්නෙ.

dinesh said...

මට මේක කියවන්න කම්මැලියි.

පුර සඳ said...

@nadeesthoughts මමත් බලන් හිටියෙ කාට හරි මෙහෙමත් හිතෙනකන්.. මොකද රට රට වල දෙශගුන තත්ත්ව වලට අඳින්න ඔනෙ විදියක් තියනවනෙ..මං කිව්ව කෙනත් වැස්ස නිසයි කොට සායක් ඇඳගෙන ඇවිත් තියෙන්නෙ.. ඉතින් අපි කොහොමද චෝදනා කරන්නෙ...

Ishan Tharinda Minigammana said...

හිනාව කියන්නෙ වෙහෙසට හොඳ බෙහෙතක් කියන්නෙ ඇත්ත..

මිවිඉත

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...