අපි රටට ණයද? නැද්ද? (කිට්ටුවන්ත පාඨකයෙකුගේ අදහසක්...)

මං ලියන දෙවල් ගැන ණය ගැති වෙන කීප දෙනෙක් ඉන්නවා.. ඒ අතරින් අදටත් මං ලියන දේ කියවන කිට්ටුවන්ත පාඨකයින්ගෙන් කෙනෙක් තම්යි අපේ ගෙදර ප්‍රධාන ක්‍රතෘ තුමිය... අවුරුද්දට වැඩ අල්ලලා ඔහේ ඉන්න ගමන් මං මේ සටහන් ටිකක් එතුමියට කියෙව්වා..
ඒ අතරින් "මං රජයේ සේවකයෙක් නොවුණ හැටි" කියන පෝස්ට් එකට ගුරුතුමියක් වන පාඨකතුමියගෙන් ලැබුණ කමෙන්ට් එක ඔයාලත් එක්ක බෙදා ගන්න මට හිතුණා.. මොකද අර "නිලධාරියා හරි" කියලා ලැබුණ ඇනොනිමස් කමෙන්ට් එක එතුමියගෙ සිත් ගත්තා...

"උසස් අධ්‍යාපනය ලබන්න මූලික අඩි තාලම දාගන්න තමයි ළමෙක් විශ්ව විද්‍යාලෙ යන්නෙ. එතනින් පටන් අරන් යන්න ගොඩක් දුර තියනවා.. ඒක ඉගෙනීමෙ අවසානය නෙවෙයි..ආරම්භය"
(ගුරුතුමියක් නිසා පාඨකතුමියගෙ කමෙන්ට් එක ටිකක් දිගයි..)

"ළමයි කොටස් කීපයක් ඉන්නවා.. සමහරු නිදහස් අද්යාපනයෙන් ඉගෙනගෙන උපාදිය සම්පූර්ණ කරලා මාස්ටර්ස් කරන්න පිට රට ගිහින් නවතිනවා.. ටික දෙනෙක් ආපහු එනවා.. "


"සමහරු පිටරට ගිහින් උපාදි කරලා එහෙම්මම දියුණු රටකට යනවා"

"සමහරු තමන්ගෙ මුදල් වියදම් කරලා ඉගෙන ගෙන තමන්ගෙ තරුණ ජවය..දැනුම, ශක්තිය උපන් රටට දෙනවා" (තුන්වෙනි කොටසට ඇය අදහස් කරන්න ඇති ලංකාව තුළදි SLIIT, NIBM ආදියෙහි ඉගෙන ගන්න අය සහ විදේශ විවි වල ඉගෙන ගන්න අය )
 
"සමහරු පළමු උපාදියෙන් ඉගෙනීම 'සම්පූර්ණ' කරලා සාමකාමී සරළ ජීවිත වළට එළඹෙනවා.. ඒ අයගෙන් බොහෝ දෙනා තව අහවල් දේත් තිබුණානම් හොඳයි කියා හිතනවා"
 
ටික වෙලාවක නිහැඬියාවකින් පස්සෙ .. හුස්මක් අරන් තීන්දුව දෙනවා..................


"ඔයා රටට ණය නැහැ!!!!"

17 comments:

indi said...

උපාධිය අරගෙන රජයට සේවය කිරීම(ඒ කිව්වෙ රජයෙන් පඩි ලබා අයිස් ගැසීම)

පුර සඳ said...

මම හැම රජයේ සේවකයෙකුටම ඇඟිල්ල දික් කරන්නෙ නැහැ.. ඒත් .. කිව්ව කතාවට සෑහෙන්න එකඟයි..
අළුත් පරම්පරාවෙ මං දැකලා තියනවා ඉතාමත්ම කාර්යක්ෂම අය... ඔය අතරෙ ලංකාවෙ පෙන්ෂන් යන වයස 50 ක් කළා නම් අළුත් පරම්පරාවට ඉඩ දීලා expiry date පනපු update වෙන්නැති වැඩ කාරයෝ ටික ගෙදර යයි.. මොකද 60 දිත් යන්නෙ නැතුව තව extension අරගෙන අවසානයේ සියල්ල කෙළවර ලක්ෂ ගනන් උපයන්න රජයේ projects වලටත් රිංගන වැඩ බැරි ටාසන් ලා මං ඕන තරම් දැකලා තියනවා..

Anonymous said...

මෙය වැරදියට වටහාගන්න එපා කියලා මම මුලින්ම කියන්න ඔන. මොකද මගේ මව්පියො රජයේ සේවකයෝ නොවේ. මමද රජයේ විශ්ව විද්යාලයක ඉගෙන ගන්නා අතරේම පෞද්ගලික විශ්ව විද්යාලයක උපධිධාරියෙක්.
මටනම් කියන්න තියෙන්නේ මෙක අපේ රටේ තියෙන ක්රමයේ වැරද්දක් කියල.හිතලා බලන්න අපේ රටේ ලමයෙක් A/L ඉවරවෙද්දි වයස 20-21 විතර වෙලා.විශ්ව විද්යාලයකට තෙරිලා එලියට එද්දි 25-26 විතර.රස්සාවක් කරලා ස්ථාවර වෙද්දි 30 ට ආසන්න වෙලා. අපි හිතමු 30 දි ලමයෙක් හැදුවා කියලා එතකොට ලමයට 20ක් වෙද්දි දෙමාපියන්ට 50 කට අසන්නයි නේද? ලමයෙක්ගේ 20-24 කියන්නේ ලමයගේ උසස් අධයපනයට වියදමක් දරන්න ඔන.ඉතින් දෙමාපියන් විශ්රාම යන වයසත් පහුකරගෙන වැඩ කරන්නේ තමන්ගේ ලමයව තමාට වඩා උසස් තැනක තියන්න(බහුතරයක්) නැතුව ලක්ෂ ගණන් ගොඩ ගහන්න නෙවේ. එක තමා බහුතරයක් දෙනා බැරි බැරි ගාතේ වැඩ කරන්න වෙලා තියෙන්නේ.

මෙකට මේ මුලු ක්රමයම වෙනස් කරන්න ඔන. අඩු වයසකින් උපාධි සම්පුර්ණ කිරිමට ඉඩ සැලසිම(21-22), විශ්ව විද්යාලයට ඇතුලත් විමට නොහැකි අයට වෙනත් පාඨමාලා හැදැරිමට පහසුකම් සැලසිම.
රජයේ හා පෞද්ගලික විශ්ව විද්යාලය අරඹා එවා අතර තරගකාරිත්වයක් ඇතිකිරිම, අනෙක තමා අපේ සින්හල මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ රැකියා කිරිමට පමනයි හරිනම් නව ව‍යාපාර ඇරඹිමට උදව් කල යුතුය. තවද උස්ස අධයාපනය සදහා ණය දිමෙ වැඩසටනක් (ඉගෙන ගෙන පසුව ගෙවන්නා

නමුත් මෙය මට තනියම කරන්න පුලුවන් දෙයක් නම් නෙවේ,

පුර සඳ said...

මේක විෂම චක්‍රයක්... ඒත් කොතනින් හරි කැඩෙන්න ඕනෙ..
දැන් බලන්න අර 20-24 එළියට එන ළමයා 27-28 වෙද්දි හොඳ වගකීමක් දරන්න පුළුවන් විදියට train වෙන්න ඕනේ.ඇත්තටම එහෙම train වෙලා යන්නෙ කොහාටද.. වයසක අයගෙන් පුටු පිරිලා... ගේම දීලා දීලා සෙට්ල් වෙද්දි 30 පැනලා තමයි..
ඒ අතරෙ අර students loan කතාව නං මසුරන්.. බැංකු සම්බන්ද නැතත් ඒ වගෙ සමාජ ක්‍රම තියනවා.. මගේ යාළුවෙක් හිටියා අක්‍රම් කියලා.. එයාගෙන් තමයි මේක දැන ගත්තෙ... එයාලගෙ පල්ලියෙන් ඉගෙන ගන්න ළමයෙකුට වියදම දැරුවාම ඒ ළමයා රස්සවක් කරද්දි අනිවාර්යෙන්ම අර අරමුදලට වැටුපෙන් කොටසක් ගෙවන්න ඕනෙ. සක්විතිලා ඉන්න රටේ මේවා ප්‍රායෝගිකව කරන්න අමාරුයි.. ඒත් මේ රටේම මිනිස්සු මේ ක්‍රමය අත්හදා බලනවා.. ඒ ක්‍රමයට ඉගෙනෙගෙන හොඳ තැන් වල ඉන්න අයත් ඉන්නවා..

රවා said...

මම නම් මෙ කිසිම කෙනෙක් ගැන වත්.. මම ගැනවත් සැහිමකට පත් වෙලා නැහැ...මම හිතන හැටියට අපි හැමොම ලොකයට ගොඩාක් නය මිනිස්සු.. අනිත් බොහො රටවල මිනිස්සු මහන්සිවෙනවා.. ලොකය ලස්සන කරන්න නිර්මාණ කරන්න.. අලුත් අලුත් දෙ හදන්න.. අපෙ කොච්චර උගත්තු හිටියත් කියන්නෙ..

ඔක මල්ලි මෙහෙ කරන්න බැහැ.. අහවල් කැල්ල අර රටෙන් ගෙන්වන්න වෙන්නවා.. කොස්ට් එකත් අඩුයි..

ඉතින් මම දැකලා තියනවා සමහර රජයෙ විශ්වවිද්‍යාල වල ඉන්න මහචාර්ය, අචාර්ය වරු පවා නිදහස් අධ්‍යාපනය ගැන ප්‍රශ්න කරනවා..

මා ඉන්න ක්ෂ්ත්‍රයෙ මිනිසුන් හට වැරදිම් වෙන්නෙ නැහැ. නව නිර්මාණත් නැහැ.. තැන් තැන් වලින් ගෙනා කොටස් එකතු කර බොඩ් ලැල්ලක නම දාගන්න බොහො පිරිස් වෙහෙසෙනවා. කෙතරම් මහන්සි වුවත් සැහිමකට පත් නොවන මිනිසුන් බොහො තැන්වල පිරිලා, මෙ මිනිස්සු බැංකු වලටත් ණයයි.. මම නම් ණය මහ පොළවට විතරයි.

කකුල පොළවෙ තබා ගෙන ඉන්නා කෙනෙක් එහි ණය ගෙවිමට හැක්කෙ මා සිතන ආකාරයට ක්‍රම දෙකකට පමණි.. එකක් තමුන්ගෙන් පසු තමුන්ගෙ ගුණ සුවද ගෙනියැමට නැණවත් ගුණවත් දරුවෙකු සමාජයට තිළින කිරිම, වර්ථමාන සමාජයෙ දියුනුවට ට හා අනාගත පරම්පරා වල සුභ සිද්ධිය තකා නවනිර්මාණයක් එළිදැක්වීම සමාජයට තිළින කිරිම..

සිස්ටම් එක එමෙ අත වෙනස් කරලා වැඩක් නැහැ සිස්ටම් එකෙන් එන වුන් බහුභුත අච්චු නම්, ඉහල දැනුම් තියන පිරිස ඉංග්‍රිසියෙන් පොත පත ලියනවා, සිංහල ගණන් වත් ගන්නෙ නැතුව..
ජපන්නු කොච්චර දැනුම පිටින් ගත්තත් දැනුම එගොල්ලන්ගෙ, කරගන්නවා.. එයාලගෙ භෂාවට හරවලා..ජර්මන් මිනිස්සු .. එයාලත් එයාලගෙ භෂාවට තමයි මුල් තැන දෙන්නෙ.. අපෙ උගත්තු " මොනවද මෙ ලංකාවෙ වෙන්නෙ... මම ඇමරිකා වෙ ඉන්න කාලෙ මගෙ අම්මෙ...."

පුර සඳ said...

@රවා.. අළුත් අළුත් දෑ නොතනන ලෝකය ලොව නොනගී.. කියලා පඬි වරයෙක් කියලා තියනවා... අපේ අය අළුත් ජාති හදලා පේටන්ට් බලපත්‍රය තුට්ටු දෙකට විකුණනවා.. අපි නිදහස හම්බෙලා අවුරුදු 60කට වඩ කල් ගිහිල්ලත් කොච්චර පරාදීනද? මේ මානසිකත්වයෙන් තමයි රට ඉස්සෙල්ලාම ගොඩ ගන්න ඕනෙ..ඒක රටටම කරන්න බැහැ.. හැබැයි ගෙවල් ඇතුලෙදි පොඩි උන්ට උගන්නන්න තමයි තියෙන්නෙ..
තව මං විස්වාස කරන දෙයක් තමයි ඕනම කෙනෙක් පුළුවන් තරම් භාෂා ගණනක් ඉගෙන ගන්න ඕනෙ කියන එක.. එතකොටයි විශ්ව දැනුම සිංහලට හරවන්න පුළුවන්.. නැතුව ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට බැනීම මෝඩ කමක්..

Anonymous said...

mama thama Anonymous widiyata udin comment damee.

mama igena gana campus eketh mama hitpu awrudu 3 tama kisima project ekak, research ekak wage ratata wadak athi deyakwath ewage deyak karanwath puhunuwak labuwe na.
awurudu 3 tama kale lecture ge note eka (ganan hadana hati pawa) kata padam karala liyapu eka.ape campus eka adugane subject eke tiyena application monawadawath kiyala apita kiyala dene na.ithin mehema rata diyunu wene kohomada?
mehema degree ekak gana kenek kohomada monawath design, development karane?
ape rate godak university wala ugannana kramaya waradi namuth apita e kramaya yatathe pawathenna eke anugamanaya karana wela tiyenawa.
kotinama internet eke balala wadipura wisthara kalth mewa iganuwe nane kiyala lakunu kapana aya inne.

පුර සඳ said...

මං අවුරුදු තුනක් ලංකාවෙ විශ්ව විද්‍යාලයක ඉගැන්නුවා.. ඇනොනිමස් කියන කතාව හරි... හැබැයි ලෙක්චරර් කම්මැලි නැතුව උගන්නන්න කලින් ඉගෙන ගන්නවානම්, අප්ඩේට් වෙනවානම් ඔයිට වඩා ක්‍රමය වෙනස් වෙනවා.. ගිය අවුරුද්දෙ assignment මාතෘකා ටිකම මේ අවුරුද්දෙත් දෙන්නෙ නැතුව නිර්මාණශීලී උනානම්.. මීට වඩා හොඳයි නේද? ඒ වගේම එහම අය ඉන්නවා.. මං ඔය වැඩේ කරන්න ගිහිං අමාරුවේ වැටිච්ච කෙනෙක්.. (ප්‍රතික්ශේප වෙච්ච )
ඔය අතරෙ මම හොඳටම විස්වාස කරන දෙයක් තමයි විවි ඉන්න කාලෙ තව මොනවා හරි skills දියුණු කර ගන්න... එතකොට job market එකේ අපේ වටිනාකම වැඩි වෙනවා.. එතකොට අට්ටාල උඩ "දියව් දියව්" කියලා කෑගහන්න ඕනෙ නැහැ offers ළඟටම එනවා

රවා said...

ඔය හදලා විකුනන ගොඩක් පෙටන්ට් Development ගනයට වැටෙන එවා.. මම ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනයට බනිනනෙ නැහැ.. නමුත් දැනුම සිංහලට හරවා ගැනිමට දැනුම ඇති මිනිස්සු සිංහල මාධ්‍යයෙන් පොත් පත ලිවිය යුතුයි.. නමුත් එක වෙන්නෙ බොහොම අඩුවෙන්. මම දන්නා ආකාරයට වෙනත් දියුනු රටවල් වල මිනිස්සු ඉංග්‍රිසි මධ්‍යයෙන් ලියවි ඇති දැනුම තමුන්ගෙ මව් භාෂාවට පරිවර්තනය කරගන්නවා..

රුසියන්, ජපන්, ජර්මන් මෙ රටවල් තුන දෙවන ලොක යුද්ධයෙන් පසුව හැසිරුණු හැටිත්.. රුසියාවෙ 1917 තෙ විප්ලවයෙන් පසු 1956 තරම් කාලය වන විට ඇති කරගත් දියුණුවත් ගැන සලකා බලන්න..

තමුන්ගෙ භාෂාවට වැඩි තැනක් දිමෙන් බුද්ධිගලනය පාලනය කරගත හැකි බවත්, රටට අවශ්‍ය නිර්මාණ වැඩි කරගත හැකි බවත් මා විස්වාස කරනවා..

අපි ලොකෙට තේ, පොල් , රබර් ටිකකුයි යකඩ කුට්ටි ටිකකුයි අනං මනං ටිකක් විකුනලා..., ලොකෙන් නිනිති තාක්ෂනය , මිසයිල් තාක්ෂනය, න්‍යෂ්ටික තාක්ෂනය ඉල්ලුවට හරියන්නෙ නැහැනෙ..

ගොඩක් මා දන්නා ප්‍රසිද්ධ තාක්ෂනික සමාගම් තියනවා ලංකාවෙ.. එවා තමන්ගෙ නිෂ්පාදන දෙශිය වෙලදපොළට නිකුත් කරන්නෙ නැහැ.. එවා දියුණු රටකට ගිහින්.. මිල 10 ගුණයකින් වැඩි වෙලා ආපහු ලංකාවට එනවා.. ඉතින් එයට දායක වන මමත් රට ණය කරවන්න එකතු වෙනවා.

රවා said...

මම තවදුරටත් විස්වාස කරනවා උපාධියක් තිබෙන මිනිසෙකු රස්සා හොයනවට වැඩිය.. රස්සා ඇතිකරන එක කළ යුත්තෙ කියලා.. ඉගෙන ගත්තු මිනිස්සු කැමති නැහැ දහඩිය මහන්සිය හෙලා දෙයක් ගොඩ නගා ගන්න. නමුත් මතක තබා ගතයුතුයි.. අපි විශ්වවිද්‍යාල වලට යන්නෙ අපිත් එක්ක අපෙ පන්තියෙ හිටපු එකට ඉගෙන ගත්තු 50 දෙනෙක්ව අතරමග හලලයි.. එ අය ඔක්කොටම රජයෙන් කරයි, අරහෙන් කරයි මෙහෙන් කරයි කියලා දිලා, අපි 50 , 60 දහා පඩි තියන ජොබ් හොයාගෙන කරොත් අර අපිත් එක්කලා හිටපු මනුස්සයින් ට මොකද වෙන්නෙ... එ ගැනත් උගත් මිනිස්සු කල්පනා කර යුතුයි..

රවා said...

Anonymous ට
ඔබ ගොඩාක් දුරට හරි.. සමහර වෙලාවට ලෙක්ච්ස් වලදි දෙන දෙවල් එහෙන්ම ම අහනවා..
දවසක් පළවෙනි වසරෙ ඉද්දි.. අපිට පැවරුමක් දුන්නා, ගණන් තුනයි දුන්නෙ.. එ ගනන් තුනම හදලා ගෙනියද්දි මගෙන් කොල්ලෙක් අරන් ගනන් දෙකක් කොපි කරගත්තා. කරලා මෙ ගනන් දෙක ඇති බන්.. කියලා අපි දෙන්නම ගිහින පැවරුම බාර දුන්නා.. මෙන්න බොලෙ අරුගෙ ලකුණු වැඩියි..බලපු හාම මගෙ පෙජ් බොඩර් එක ඇදලා නැහැ.. එක හින්දලු ලකුණු අඩු.. මම කාටවත් මුකුත් කියලා ලකුණු වැඩි කරගන්න ගියෙ නැහැ.. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තුල.. අනුකාරකයන් බිහි කරනවා මිසක් රටට අවශ්‍ය මිනිසුන් බිහි වෙනවා හොරයි..

ජීවිතේමල් said...

මේක සමාජමය ප්‍රශ්නෙකට වඩා සහ පෞරුෂමය ප්‍රශ්නයක් කියලා මට හිතෙනව.

"මේ "ක්‍රමය" තුල ‍රැඳී ඉන්න - ( රාජ්‍ය සේවය ) - ඉතා අපහසුයි මේ ක්‍රමය වැලඳ නොගෙන.."- මේකනේ හැමෝම කියන්නේ.... එයම ව්‍යසනයක්.මොකද මේ විෂම චක්‍රයේ නැවැත්මට , උවමනාව තියෙන එකෙකුගේවත් දායකත්වයක් නැහැ. උඩුගම් බලා යන්න ගියොත් පැවැත්ම නැති වෙනවා. නිවැ‍රැද්ද පෙනී පෙනී වැ‍රැද්දට අනුගත වෙමින් කට පියාගෙන අතපය අකුලගෙන ඉන්නව. හැමෝම හැමෝටම ඇඟිල්ල දික් කරනවා. වැ‍රැදි පෙන්නනවා. හැදෙන කෙනෙක්, හදන්න ඉදිරිපත් වෙන කෙනෙක් නැහැ.
"මේ තත්වේ දැන් හදන්න බැහැ- අපි හැදිල වැඩක් නැහැ, රට හැදෙන්නෙ නැහැ-අපි හැදුනොත් අපිට පාඩුවක් මිසක් අපිට සෙතක් නැහැ- අපිට ඔලුව ගහල ඉන්න බැහැ ඕවා කතා කරන්න ගියොත්" මේ වගේ නා නා ප්‍රකාර හේතු...

කවුරුත් හැදෙන්න , වෙනසක් කරන්න උවමනාවක් නැහැ. අපි නොකරන්නේත් ඒක. අපි එයට බයයි. අපේ අරමුණු විහිදිලා. ඒවා තුල රටක් වශයෙන් තියා අපි හරි individual මිනිසෙක් වශයෙන් වත් දැක්මක් තියනවද කියා සැකයි.

පොඩි තැනින් හෝ අපි පටන් ගත යුතුයි. එක් තැනකින් නිවැරදි දේ ප්‍රතික්ශේප වෙනවනම්, කල යුත්තේ වැ‍රැද්දට අනුගත වීමද? තව තැනකින් නොසැලී නොවැටී පටන් ගැනීමද?

අධයාපන ක්‍රමයට ඇඟිල්ල යම් දුරකට දික් කරමින් මාත් ලිපියක් ලිව්ව. මේ කමෙන්ට් ලියල තියන ගොඩක් අය එහිදිත් මා එක්ක අදහස් කීවා..( http://sansaare.blogspot.com/2010/04/blog-post_08.html) මා එහිදිත් කිව්වේ අප පවුල තුලින් ආකල්පමය වෙනස පටන් ගත යුතුයි. රජය එය කර දෙන තෙක් නොසිට. පවුල් දහසක් එසේ හැදෙන විට, එයම සමාජයක් වෙනවා. ඒ බලවේගය රටක් හදන තැනට යාවි- අද හෙට නෙමෙයි- ඒත් කවදා හරි- එය මේ රටේ නොවන්නේත් අප රටක අනාගතය දෙස දුර බලනවට වඩා එදිනෙදා ගෙවන ජීවිතය තුල ඒ මොහොතේ ජීවත් වීමෙන් සැහීමට පත් වෙන නිසා.

ජපානය මේ තරම් දියුනු උනේ, රටක් වශයෙන් හිතන්න හුරු උනේ, එක රාත්‍රියකින් නෙමෙයි.. කාලයත් සමග,,, හෙමිහිට. එය අපත් මතක තබා ගත යුතුයි.

වැ‍රැද්ද තියෙන්නේ රටේවත් ,රජයේවත්, සමාජ ක්‍රමයේවත් නෙමෙයි. අපේ හිත් වල. .. වෙනසක් කොට බලන්න කම්මැලි, නිවැරදි දේට වඩා ,"රට යන අතට උවමනා" දේ කරන අපේ මනසෙයි අඩුව තියෙන්නේ... අපි නිවැරදි දෙයට ඉඩ තිබියදීත් එය නොකලොත්, නොසැලී අරමුණු ක්‍රියාත්මක නොකලොත් තමා අපි රටට ණය වෙන්නේ..

ජීවිතේමල් said...

මම නිකම් චූටි උදාහරණයක් දෙන්නම්.බොහොම සරල...
අපි රාජ්‍ය කන්තෝරුවක වැඩ කරනවා කියන්න. එතකොට 99.99% අයම අයිස් ගහනවා. වැඩ කරන්නේ නැහැ.
ඒත් අපිට පේනවා මේක හොඳ නැහැ. අපි එසේ නොවිය යුතුයි. අපි හරි දැක්මකින් , අපේ වැඩ ටික හරියටම ඉ‍ටු කරන එකට අන් අයගේ හෝ සමාජමය පැවැත්ම ගැන තැකිය යුතුද? මම impractical දෙයක්ද කියන්නේ ? කන්තෝරුවේ දියුණුවට, අන් අයගේ ආකල්පමය වර්ධනයට අපිට බුද්ධිමත්ව හිතලා යමක් කරන්න බැරිද? හැබැයි අපි meter දාල ඒක පරිස්සමෙන් කරන්න ඕනා. ඒක තමා අපි වෙනසක් කරන්න කලින් ඒකත් කනා බල්ලන් ගහන්න වගේ, ආවේග වලින් නොකර, ඒකත් strategy එකකට කල යුත්තේ.. මේ සමාජමය වගකීම අපිට නැද්ද? කරන්න බැරි තරම් ප්‍රායෝගික නැති දෙයක්ද මම කිව්වේ?

පුර සඳ said...

ඔය මාතෘකාව කතා කරද්දි ප්‍රශ්න කීපයක් තියනවා..
රජය රස්සාවල් දිය යුතුමද? නැහැ නේද? රස්සාවල් දෙන බවට කොහෙවත් පොරොන්දුවක් නැහැ නේද? (ඡන්ද පොරොන්දු නෙවෙයි )
උපාධිය අධ්‍යාපන සුදුසු කමක් මිස වෘත්තිය සුදුසුකමක් නෙවෙයි නෙද? එහෙනම් ඒ වෘත්තිය සුදුසුකම හදා ගන්නේ කොහොමද?
අපි කොයි තරම් දුරට ස්වාදීනද?
රැකියාවකට අයදුම් කළාම අපි කොයි තරම් තරඟකාරිත්වයක් දෙනවාද? ඒ කියන්නෙ භාෂා හැකියාව, පෞරුෂය, ප්‍රසන්න බව, ඉදිරිපත් කිරීම වගේ දෙවල් එක්ක..? (communication skills, personality, presentable, presentation skills)

පුර සඳ said...

@ රවා...මට අද වගේ මතක හිතේ කහටක් තියනවා.. අදටත් මං දන්නෙ නැහැ මමද එයාද හරි කියලා.. මේක උනේ අර මං කිව්ව විවි උගන්නන කාලෙ.. අපේ දෙපාර්තමේන්තුවෙන් සඟරාවක් ගැහුවා.. ළමයි ඕකට ලිපි දුන්නා.. ඔන්න එඩිටර්ස් බෝඩ් එක රැස් උනා.. මගේ ළමයි අතරෙ හිටියා හොඳ මොළ කාරයෙක් inside-out හිතන්න ඔහුට හොඳට පුළුවන්.
පොරගෙ තර්ක අමුතුයි. මූලික වටයෙදි මං කියවපුවාම හිතුනා පළ උනාම හොඳ සංවාදයක් ගොඩනැගෙයි කියලා.. මොකද ...මතවාදී කතන්දර ගොඩක් පිටු දෙක තුන අතරෙ තිබුණා..
ඒත් රිජෙක්ට් උනා.. ආචාර්ය තුමාගෙ අදහස උනේ "රෙෆරන්ස් මදි"... ඉතිං මගේ තර්කය මේකයි.. අපේ ස්වාදීන අදහසක් ඉදිරිපත් කරන්න මහා රෙෆරන්ස් ගොඩක් ඕනෙද?
මං එතුමා උනානම්, සඟරාව ගැන අයිතියක් මට තිබුණා නම් උගේ තර්ක ටික එහෙම්ම දාන්න මං ඉඩ දෙනවා.. ඌ කැන්ටිමේදි වාදෙක පැටළුනාවෙ.. ඒ ගැන ගෝරියක් ගියාවෙ.. ඒත් ඒකෙන් ඌට හම්බෙන පන්නරය අපිට හදන්න බැහැ..
අපි තාම යටත්..

පුර සඳ said...

@ ජීවිතේ මල්.."පොඩි තැනින් හෝ අපි පටන් ගත යුතුයි. එක් තැනකින් නිවැරදි දේ ප්‍රතික්ශේප වෙනවනම්, කල යුත්තේ වැ‍රැද්දට අනුගත වීමද? තව තැනකින් නොසැලී නොවැටී පටන් ගැනීමද?"
මෙහෙමයි.. මම අභියෝගාත්මකව කියනවා ඒ කතාව හරි කියලා.. මං පටන් ගත්තෙ උගන්නන්න.. ඊට පස්සෙ රිසර්ච්.. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්.. ඇකඩමික් මැනේජ්මන්ට් (පුද්ගලික ආයතන ).. මං ක්ෂේත්‍රය මාරු කරන්න භය නැහැ.. මොකද අළුත් දෙයක් ඉක්මණින් ඉගෙන ගන්න මට පුළුවන් ලියලා ආත්ම ශක්තියක් වගේම සන්නිවේදන ශක්තිය තියනවා... මට හෙට කරන්න රස්සාවක් නැති උනොත් අළුත් ක්ෂෙත්‍රයකට සම්බන්ද වෙන්න මට පුළුවන් වෙයි..

රවා said...

මම දන්නවා, ගොඩක් ආචාර්‍ය වරු මහාචාර්ය වරු එහෙම තමයි.. එයාලා අපිට ප්‍රොජෙක්ට් දිලා අපිට ඔනා දෙ නෙමෙ කරන්න දෙන්නෙ.. එයාලට ඔන දෙ අපි ලව්වා කරව ගන්නවා.. බොහො දුරට.. නිර්මාණශීලි බිළින්දව කුස ඇතුලෙම මරා දානවා..ජිවිතෙ මල් හරි දෙයක් කිව්වා සිස්ටම් එකට අනුගත වෙන්නෙ නැත්නම් සිස්ටම් එකෙන් එලියට විසික් වෙනවා.. කියලා.. එක හරි.. නමුත් කොච්චර තැන් වලදි ප්‍රතික්ෂෙප වුනත් මම ඇතුලෙන් මාව වෙනස් කරගෙන නැහැ.. වෙනස් වෙන්න ඔනා තැන් වලදි මම ගොඩක් වෙනස් වෙනවා.. මම ගොවිතැන, ව්‍යාපරයක් පහු ගිය මාස කිපයෙ පවත්වාගෙන ගියා.. එතනදි මට වැටහුණා, සල්ලි වලට වැඩිය මිනිස්සු ගැන හිතලා, අවංකව, තමුන්ගෙ ව්‍යාපරයට අවශ්‍ය කරන ජාලයන්, චක්‍රයන් හදා තමුන්ගෙ දිවි පෙවත සරලව ගෙනිච්චාහම ඉත පහසුයි, සැහැල්ලුයි, තෘප්තියක් දැනෙනවා.. ණය ටික ටික ගෙවන්න පුළුවන් කියන හැගීමකුත් තියනවා.. මම නම් දැනට රස්සාවක් කරන්නෙ නැහැ.. හැබැයි මගෙම කියලා දැනටත් වගාව කරනවා.. එක හරිම හිතට සැහැල්ලුවක් දැනෙන දෙයක්.. ආසයි.. ණය ගෙවන්න තියන තවත් ක්‍රම තමයි.. නමුත් සැහැල්ලුව විතරයි..

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...