ඇත්ත ජීවිතේ හැංගිමුත්තං සහ හොරා පොලිස්..

පුංචි කාලෙ හොරා පොලිස් හැංගිමුත්තං කරන්න මං ආසා නැහැ.. මට වෙනම සෙල්ලම් සෙට් එකක් තිබුණා... ඉස්කෝල දාන එක.. බත් උයන එක.. සැලඩ් හදන එක.. (අදටත් මං ආසම දේ තමයි මං උයන දේ අනිත් අයට කන්න දෙන එක )

ෆිල්ම් බලන්න ගියත් මං ආසා නැහැ ගහගන්න ඒවට..ඒ උනාට අහම්බෙකින් හරි හොරා පොලිස්, හැංගිමුත්තං කරලා පලපුරුද්ද තිබ්බ එක හොඳයි කියලා තේරුණේ අද..

අද උදෙන්ම නමෝ විත්තියෙන් කියලා මෙහෙයුමක් පටන් ගත්තා.. මොකද දින කීපයකට ඉස්සෙල්ලා මට ආරන්චියක් ආවා අපිට අයිති දේ කොල්ල කා ගන්න ලියවිල්ලක් අස්සන් වෙලාතියනවා කියලා... මම බැක්ග්‍රවුන්ඩ් රිසර්ච් කළා..

ඔයාලා කියවලා ඇති අර සත්ථිකුම්භ ජාතකය?... අර ගිරා පැටව් දෙන්නගෙ කතාව... ඉතින් මට ඉන්නවා ඔය වගෙ බාප්පලා දෙන්නෙක්.. මේ කතාවේ නායකයා සත්ථිකුම්භ.. තව පුරෝහිතයෙකුත් ඉන්නවා... මොන වැඩේට ගියත් මට හිමි වෙන්නෙ දුෂ්ටයාගෙ චරිතෙ... දුෂ්ටයා ගෙ ඇසිස්ටන් තමයි අපේ අම්මි...


උදේ 7 වෙද්දි හා හාපුරා කියලා පළමු ඇමතුම.. එකඟයි.. හරිම ස්වීට්... පුරෝහිතගෙන් අපොයින්ට්මන්ට් එක.. ඒකත් හරි...නිල වාහනය.. ඒකත් හරි...
 
දවල් 11 වෙද්දි හරියටම සත්ථිකුම්භයි, මායි මගෙ ඇසිස්ටනුයි පුරෝහිතගෙ දොරකඩ.. සත්ථිකුම්භ හාං කවිසියකිං වත් හිතුවෙ නැහැ කාපුවා වමාරන්න වෙයි කියලා... වමාරද්දි පුරෝහිතය හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දාලා කමිසය මුලුමනින්ම තෙමුණා.. මගේ මෙහෙයුම සාර්ථක උනා.. පුරෝහිතගෙ උදව්වෙන් සත්ථිකුම්භ හදපු කොලේට කියන්නෙ දිවුරුම් ප්‍රකාශයක් කියලා.. කෙටියෙන් කියනවානම් දිවුරුම් පෙස්සමක්.. මං නං කියන්නෙ පෙස්සමක්...
 
මං දැක්කා එක්තරා ඇරුණු ඉස්කෝලෙක සුදුසු කම කියන්න පිංතූරයක් පුරෝහිතගෙ සාලෙ තිබුණා.. මට සංවේගයක් උපන්නේ ඒ ගැන... වෘත්තිමය සුදුසුකම් දෙනකොට අපේ රටේ කොයි තරම් වෘත්තිය සදාචාරය උගන්නනවද කියලා... සල්ලි දෙනවානම් ඕනෙම කුණක් කරන තරමට දුක් විඳලා ගන්න සුදුසු කමක් බාල්දු කරන්නේ ඇයි?..
 
නොමේරූ වෘත්තිය සදාචාරය නිසා තමයි අපේ රටේ සත්ථිකුම්භලා රජ වෙන්නෙ...




ඔයාලට මොකද හිතෙන්නෙ?

4 comments:

රවා said...

වෘත්තිය සුදුසුකම් ඇති මිනිස්සු එ තැන් වල ඉන්නවා නම් වෘත්තිය සදාචාරය ඉබෙම රැකෙනවා. ගොඩක් රජයෙ තැන් වල වෘත්තිමය තත්වයක් නැහැ.. ඔක්කොම නැන්දලා මාමලා පුතාල දුවල ,මාමලගෙ පුත්තු එකම පවුල් වල කස්ටිය එක තැනක ඉන්නෙ.. හා.. හා.. ගොඩක් තැන්වල ඉන්නෙ.. එ අයත් කරන වැඩක් නැහැ.. බලෙ ඉන්න කෙනෙක්ගෙ ලියුම් වලින් නෙ ගොඩක් අය එන්නෙ...සමහර විටෙක ඔයා රජයෙ තැනක ඉන්න කෙනෙක් නම් මාත් එක්ක එකඟ නොවෙනවා වෙන්න පුළුවන් නමුත් ගොඩක් තැන්වල එහෙමයි වෙන්නෙ.. ටිකක් තැන් තියනවා හරියට වැඩ කෙරෙන..
:)

පිස්සා පලාමල්ල said...

මටනම් කතාව තේරුනා මදි

රවා said...

කතාව පුද්ගලික එකක් එකයි මෙයා ටිකක් හංගලා ලියන්නෙ එ උනාට මට හිතෙනවා පොදු ආකෘතියට ගැලපෙන කතාවක් කියලා..

පුර සඳ said...

රවා සහ පිස්සා.. ස්තූතියි අදහස් වලට..
ඔව්.. කතාව පුද්ගලිකයි තමයි.. ඒත් අපි කාටත් පොදු අත්දැකීමක්...
පිස්සා ට පුංචි ක්ලූ එකක් දෙන්නම්.. මේක ප්‍රසිද්දියේ විවේචනය කරන්න අමාරු ක්ෂේත්‍රයක්..
මගේ කළකිරීම මේකයි.. අපි වෘත්තිකයෝ වෙද්දි දිවුරුමක් දෙනවා... සමහර වෙලාවට හෘද සාක්ශියට.. මාව වෘත්තිකයෙක් කරපු ආයතනය මට කිව්වෙ වෘත්තිය ධර්මයක් සේ සළකන්න කියලා.. වෘත්තිය සේල් දාන්න එපා කියලා..
කෙටියෙන්ම කියනවානම්.. කෙනෙක් කියපු පලියට වෘත්තිය දැනුම සල්ලි නිසා පමණක් පාවිච්චි කරනවා නම් එතන ප්‍රශ්නයක් තියනවා නේද? .. මං ගිහිං තත්වෙ පැහැදිළි කරද්දි පුරෝහිතට කමිසෙ පෙඟෙන්න දාඩිය දැම්මා.. එයා එක කොල කෑල්ලක් විතරයි කියවලා තියෙන්නෙ.. අවුරුදු 10ක ඉතිහාසයක් තියන කතා වස්තුවක.. ඒකරලා අන්තිමේදි කියනවා මම මේ මොනවත් දන්නෙ නැහැ කියලා.. මේක කාටවත් කියන්න එපා කියලා මගෙන් ඉල්ලන්න තරම් බාල්දු වෙද්දි මට මං ගැන ලජ්ජවක් වගේම එතුමා ගැන දුකක් ඇති උනා...
රවා... මම රජයේ සේවකයෙක් නෙවෙයි... එකට හෙතු වෙච්ච කාරනාව ගැන මට වෙනම පොස්ට් එකක් දාන්න හිතුනා.. ළඟදීම බලාපොරොත්තු වන්න..

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...