අනවසර පදිංචි කරුවන් ගේ ගෙවැදීම...

අපේ ගෙදරට අහන්නෙ බලන්නෙ නැතුව පදිංචියට ආව ජෝඩුව ගැන මං කිව්වනෙ? මෙතන කොටලා බලන්නකො..
දැං ඒ ගෙයි කට්ටිය පදිංචියි.. කට්ටිය කිව්වට මහ ලොකු සෙනගක් නැහැ.. ජෝඩුව ආවා.. මූලික වැඩ කෙරුණට පස්සෙ කීප සැරේ මං දැක්කෙ මිසිස් ව විතරයි..
මං හිතන්නෙ දෙන්න තුන්දෙනා වෙන්න හිතලා වගේ.. කිරිල්ලි මළු සේසතම රැකගෙන හිත තද කරගෙන ගෙදරටම වෙලා ඉන්නවා.. හෙට උදේට පුළුවන් උනොත් හොරෙන් පිංතූරයක් අරන් දාන්නං...
මට පොඩි ප්‍රශ්නයක් තියනවා... මේ දෙන්නා කොන්ඩ කුරුල්ලෝ.. මෙයාලා හරියටම කොහොමඩ දන්නෙ අපි එයාලට කරදර කරන්නෙ නැහැ කියලා...? මොකද මීට කලින් හම්බෙලා කතා කරලා තියනවයැ?

1 comments:

හා පැටික්කි (MS) said...

මං අදයි මේක කියෙව්වේ.....

ඒගොල්ලො කූඩුව හදන්න තැනක් තෝරගන්නේ පරිසරය ගැන හොඳට හොයල කියලයි මම හිතන්නේ. මොකද අපි හැසිරෙන විදිය අනුව තැන තෝරගන්න බව අත්දැකීමෙන් මං දන්නව.....

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...