මං රජයේ සේවකයෙක් නොවුණ හැටි...

මේ පෝස්ට් එකට උත්තේජකය උනේ.. කලින් පෝස්ට් එකට රවා දාපු කමෙන්ට් එකක්...... කතාව මේකයි..

ජීවිතේ වසන්ත කාලෙ උදා වේගන එද්දි මං ඒ ලෙවල් පාස් වෙනවා.. යාන්තම් ජාම බේරෙන්න..මොකද.. ශිෂ්‍ය නායක කම් අරවා මේවා තිබ්බ නිසා මට නං ඔයින් ගියා ඇති..ඉතිං මම ඊළඟ සැරේ විභාගෙට ලෑස්ති වෙන අතරෙ අහඹු සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙසට මං දිල්ලි සරසවියෙ ශිෂ්‍යාවක් බවට පත් වෙනවා..

කොහොම හරි මං මගේ ජීවිතේ ස්වර්ණමය යුගය අරඹන්නෙ ඊටත් ටික කාලෙකට පස්සෙ.. ඒත් අහඹු සිදුවීමක් ලෙස මගේ සඳ මුණ ගැහුණට පස්සෙ.. මුල් කාලෙ මං උදාසීන කමින් ඉගෙන ගත්තට පස්සෙ හරි ගියර් එකට එනවා.. දහසක් ප්‍රශ්න මැද්දෙ මං උපාධියක් සම්පූර්ණ කරද්දිම, සඳ මාව වෘත්තිමය මාස්ටර්ස් එකකට රෙජිස්ටර් කරනවා... එතැන් සිට මං හුඟක් දේවල් ඉගන ගන්නවා... හුඟක් පරිණත වෘත්තිකයින් ඇසුරු කරනවා...මේ අතරින් පතර හරි හරි කතා ගොඩක් තියනවා.. මතක් වෙන වෙන ගානට ඒවා ලියන්නම්...

ඉතින් අදට අවුරුදු කීපයකට කලින් හා පුරා කියලමද කොහෙද ආන්ඩුවෙන් උපාදි ධාරී රස්සාවල් දෙන්න සම්මුඛ පරීක්ෂණ තියනවා.. මාත් ඒකකට යනවා...


මාව පරීක්ෂණයකට ලක් වෙනවා..

මොකද්ද උපාදිය? බයොලොජි
මොනවද දක්ෂතා? ......................
කොහෙද යුනිවසිටි එක? දිල්ලි
මෙහෙ යන්න ලකුණු මදි උනාද? ඔව් ටිකක්..


(නිලධාරියා එම්බෝස් වී හිඳගෙන සිටි පුටුවෙන් කොන්ද කෙලින් කර ගනී)

"ඒ කියන්නෙ අපේ ළමයි පාඩම් කරලා යුනිවසිටි යනවා.. ඔයාලා ෆේල් වෙලා සල්ලි දීලා උපාධි අරන් පාස් වෙන ළමයින්ට කියලා සර්/මැඩම් කියව ගන්නද කල්පනාව?.."

මං තනි වචනෙන් උත්තරයක් දුන්නා... "ඔව්".. මං ෆයිල් එක ගත්තා.. ගෙදර ආවා.. ඊට පස්සෙ කීප වතාවක් මං තරඟ විභාග වලට ලිව්වෙ අම්මව සතුටු කරන්න.. මං පාස් වුනා.. මේ චන්දෙට විභාගය.. ඊළඟ චන්දෙට ප්‍රතිඵල.. 2006 ලිව්ව විභාගෙ සම්මුඛ පරීක්ෂණය 2009 තිබ්බා.. ගිය අය කිව්වා ඒක අවලංගු උනා කියලා.. හිටි ගමන් ආරංචි වෙනවා ඒ පත්වීම් දුන්න කියලා..

මං අදට පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක විභාග කළමණාකරණ කටයුත්තක නියැලෙනවා..


විටින් විට නෑදෑයො වැඩිහිටියෝ හම්බුනාම රජයෙ රස්සාවක වැදගත් කම ගැන දේශනාවක් ලැබෙනවා.. නිකන් ලැබෙන අවවාදෙනෙ .. මාත් අහගෙන ඉන්නවා..

පෙන්ෂන් එකක් තියන.. නිවාඩු තියන... එච්චර වැඩ නැති .. රස්සාවක් ගන්න .. පොඩි උත්සාහයක් කරන්න තියෙන්නෙ...

ඒත් මුල ඉඳළම මුල් බැහැගත්ත අකමැත්ත මහා යෝධයෙක් වගේ නැගී හිටිනවා..

මට ඕන වෙලාවට රස්සාව වෙනස් කරන්න පුළුවන්.. මගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.. ජොබ් මාකට් එකේ ඩිමාන්ඩ් එක හොඳයි... තරඟකාරියි...අලුත් තාක්ෂණය හොඳයි.. සජීවී මිනිසුන් මුණගැහෙනවා.. ජීවිතේ ගෝ එකක් තියනවා... (මට හිතෙන්නෙ එහෙමයි )


ඔන්න ඔහොමයි මං රජයේ සේවකයෙක් නොවීමේ කතාව...

12 comments:

Anonymous said...

බොහොම හොඳයි එහෙම හිතන එක.ඔබගේ අදහස් වලට ගරු කරන ගමන්ම මගේ අදහසත් කියන්න අවසරයි..

රජයේ සේවයත් නිකම් ඉඳන් පුටු රත්කරන රස්සාවක් කියල හිතන එක වැරදී.බොහොම දුප්පත් මිනිස්සුන්ගෙ ඉදල කෝටිපත් ව්‍යාපාරිකයන්ටත් අවශ්‍ය වෙන සේවාවන් රැසක් සපයන්න රජයේ සේවකයන් බැදිල සිටිනව. පුරවැසියෙක්ගෙ උපතේ ඉඳල මරණය තෙක්මත් සමහර අවස්ථා වලදී ඉන්පසුවත් අවශ්‍ය වන අත්‍යාවශ්‍ය සේවා රැසක් සපයන්න මේ නිලධාරීන් බැදිල ඉන්නව. සමහර උදවිය නම් ඉන්නව තනතුරු නිසා බැබලෙන්න හදන. එයාලට නම් ආයුෂ අඩුයි.

"පෙන්ෂන් එකක් තියන.. නිවාඩු තියන... එච්චර වැඩ නැති .. රස්සාවක්" කියන මතය ඔලුවෙ තියාගෙනම එන අය නම් ඉතින් කොහෙමෙත් වැඩ කරන්නෙ නැහැ. එයාලට ඉන් එහාට ඉහලට යන්නත් කවදාවත් බැහැ.

"මට ඕන වෙලාවට රස්සාව වෙනස් කරන්න පුළුවන්.. මගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.. ජොබ් මාකට් එකේ ඩිමාන්ඩ් එක හොඳයි... තරඟකාරියි...අලුත් තාක්ෂණය හොඳයි.. සජීවී මිනිසුන් මුණගැහෙනවා.. ජීවිතේ ගෝ එකක් තියනවා..."

මේ කියන දේවල් රජයේ නිලධාරීන්ටත් තියනව.හැබැයි බොහොම අඩු වේතනයකට
. හැබැයි මුළු ගැන්විලා තුසීතව ඉන්න අයට නම් නෙමෙයි.ඒ වගේ අය කොහෙගියත් පරදිනව.

Anonymous said...

අනේ වාසනාවන්.

රවා said...

මම රජයෙ සේවකයෙක් නොවුණු හැටි.

මම නම් වැඩිය සල්ලි , නිදහස , මහන්සිය ගැන හිතන කෙනෙක් නෙමෙ. රස්සා හොයලා මිනිස්සුන්ගෙ ලියුම් අරන් පන්දමෙක් හැටියට නම් කිසිම තැනකට යන්නෙ නැහැ. මගෙ තොරාගත් මාර්ගයෙ මට වැඩිය අත්දැකිම් තියන කෙනෙකුගෙ රෙකමදාරුවක් මට ප්‍රශනයක් නැහැ. පැන්සන් එක වගෙද මිනිස්සුත් එක්ක එකතුවෙලා වැඩක් කරයි කියලා හිතට දැනෙද්දි තියන සතුට...

Roshanherath said...

ජීවත් වෙන්න රජයේ රැකියාවක් ම කරන්න ඕනි නෑ. ඊට වඩා සතුටින් පෞද්ගලික අංශයේ සමහර රැකියා කරන්න පුලුවනි. මොකද එතැනදි (පෞද්ගලික අංශයේ දි) තැන තියෙන්නෙ දක්ෂතාවලටයි. රජයේ ආයතන බොහෝමයක තැන තියෙන්නෙ පන්දමට හෝ වයසටයි.

පුර සඳ said...

වත්.. ස්තූතියි සුභවාදී අදහසට!!! මං දැන් කොළඹ බස් එකකට නැංගා... මට තිස්සෙම හිතෙන්නෙ ඔයාගෙ කොමෙන්ට් එක ගැන.. ලෑන්ඩ් කළ ගමන් ලියන්නම්..

පුර සඳ said...

වත්, කොලු, රවා, රොෂාන්... ස්තූතියි අදහස් වලට..
මට ඇත්තටම හිතෙනවා අනේ වාසනාවන් කියලා... ටීචින් එග්සෑම් ලිව්වා කියලා දන්න අය කියන්නෙ "අපරාදෙ චුට්ටක් මතක් කළේ නැහැනෙ කියලා".. මම විභාගෙ ලිව්වා, ප්‍රතිඵල ආවා. ඉතිං මට රස්සාවට යන්න ඉස්සෙල්ලා ආණ්ඩුවේ වැඩ කරන්න බැහැනෙ.. මං මොකටද මතක් කරන්නෙ... මට සම්මුඛ පරීක්ෂණය තියන දවස දන්නන එක රජයේ වැඩක්...
මට මෙහෙම හිතෙනවා වත් ගෙ අදහස ගැන.. (කතන්දරේ දිගයි.. තරහා නැතුව ඊළඟ පොස්ට් එක බලනවද? )

රවා said...

රජයෙ සමහර කිපදෙනෙක් 30 කට විතර 1 කෙනෙක් ඉන්නවා, අවංකව වැඩකරන එහෙම අය හින්දා තමයි ඔහොමවත් ඔය සෙවය ගෙනියන්න පුළුවන් වෙලා තියන්නෙ.. එහෙම අය තමයි අපි රජයෙ ආයතනයකට ගිහිල්ලා බොර්ඩ් ලැලි කියවනකොට ඇවිල්ලා මොකද මල්ලි වෙන්න ඔනා කියලා අහන්නෙ.. එ අයට ස්තුති නොකෙරුවොත් එක අපිට මදි පුංචි කමක් වෙනවා..

Anonymous said...

ඒ නිලදාරියා කියපු කතාව හරියටම හරි....

පුර සඳ said...

අය්යෝ!!! මාර වැඩේ.. anonymous... කියලා කෙනෙක් comment එකක් දාලා තිබුණා publish කළාට මේකෙ පේන්නෙ නැහැ.. එයා කියන්නෙ..."ඒ නිලදාරියා කියපු කතාව හරියටම හරි.... " කියලා..
1. තමන් හරි දේ කියනවානම් ඇනොනිමස් වෙන්නේ ඇයි? එක්කෝ කියන දේ ගැන ෂුවර් නැති නිසා.. නැත්නම් අර නිලදාරියා කිව්ව කොටසේ ඉන්න කොණ්ද පණ නැති කෙනෙක් නිසා..
2. ඒ ලෙවල් පාස් නැත්නම් විදේශ විවි වල foundation කියලා course එකක් තියනවා. ඒක පාස් වුනොත් විතරයි උපාදියට රෙජිස්ටර් වෙන්න පුළුවන්..ඔයයි නිලදාරියයි නොදන්න දේ තමයි සල්ලි විතරක් තිබ්බ පලියට උපාධි ගන්න බැහැ කියලා.
3.ලංකාවෙ ඒ ලෙවල් පාස් වෙන හැමෝටම විවි යන්න බැරි එයාලා මෝඩ හින්දා නෙවෙයි. යන්න තරම් විවි වල ඉඩ නැති නිසා..
4. ඔයා වගේ අයට නොතේරෙන ඒත් පුද්ගලික අංශයට තේරෙන දේ තමයි විදේශීය උපාධිදාරියාගෙ දැනුමෙන් අත්දැකීමෙන් ලංකාව සංවර්ධනයට ප්‍රයෝජනවත් දේ ලබා ගත යුතුයි කියන එක..

dinesh said...

රජයේ සේවකයෙක් උනානම් කොච්චර හොදයිද?මාසෙකට දවස් දහයක් විතර නිවාඩු. උදේ දහයට විතර ගිහින් හවස පහ වෙනකොට ගෙදර. දැන් මම අවුරුදු හයක් ලිෆ්ට් එකෙන් උඩටයි පල්ලෙහාටයි.දවල්ට එලියට යන්න බෑ.ගියොත් පොලිසියෙන් අල්ලන් යනව.

පුර සඳ said...

@ dinesh... ?????????????????????????????

අරුණ සර් said...

@ wath මම එකගයි.ඔය ප්‍රශ්නෙත් හරියටම ක්‍රියාවෙන් ඔප්පු වෙන එකක්.මමත් රජයේ ගුරුවරයෙක්.අපි වැඩ කරනවා.ප්‍රශ්න තැත්තේ කොහෙද?

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...