සංකේත.. පර්ස් එක, කුඩය සහ ලේන්සුව...
7:30 PM Posted by පුර සඳමේ දවස් වල අපි දවල් වරුවෙ එළියට බහින්නෙ ඕනම කමකට විතරයි නෙ.. ඉතින් ඔය වගේ ඕනෙම කමක් ඇති වෙලා ඉතාම අකමැත්තෙන් මං ගාළුපාරට ආවා...
මට ඇවිදින්න තිබුණේ මීටර 100 ටත් වඩා අඩු දුරක්... ගිනි කාස්ටක අව්ව.. බැරිම තැන මං කුඩේ ඉහළගත්තා.. අත් බෑගය ගෙනාවෙ නැති මෝඩ කම කියලා තේරුණේ එක අතකින් කුඩෙයි අනිත් අතින් පර්ස් එකයි අල්ලගෙන තුම්මුනින් වැක්කෙරෙන දාඩිය පිහ ගන්න විදියක් නැති වෙද්දියි...
කඩ මන්ඩිය පහු කරලා ටික දුරක් එද්දි කර් එකක් නැවැත්තුවා පාරක් අහන්න වගේ.. ම්හු.. අහන පාටක් නැහැ.. මං මගේ පාඩුවේ ඉස්සරහාට ගියා..
මීටර 10-20ක් විතර යද්දි ආයෙත් අර කාර් එක මාව පාස් කරලා නැවැත්තුවා.. ඒක ටොයොටා ඇලියොන් කාර් එකක්.. මං ගනන් ගත්තෙ නැහැ.. මොකද ඉඳලා හිටලා කොල්ලෙක් නක්කලේට වෙට්ටු දානවා කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි නෙ?.. මට ඕවා නවත්තන්න බෑ නෙ?.. මං නොනැවතී ඉස්සරහට ගියා..
ආයෙත් ඒ කාර් එක මාව පාස් කරලා නැවැත්තුවා..ඒ ගමනෙ ඉස්සරහා ෂටරය පාත් කරලා... මම නැවතිලා තියුණු බැල්මක් දුන්නා.. බඩ තඩි, තට්ට, අවුරුදු 65-70 ක විතර පොරක් මා දිහා කන්න වගේ බලන් ඉන්නවා.. මට කලින් කට ඉස්සර උනා..
"ඇයි අංකල්?"..
පිළිතුර ආලවන්ත කෝලවන්ත බැල්මක්.. චික්... පොර ගියර් එක නියුට්‍රල් කරගෙන මං ඇවිදින වේගෙට...
"ඇයි අංකල් මොකද්ද ප්‍රශ්නෙ?"
මං කිණිසි පාරක් වගේ බැල්මක් මදක් නැවිලා ඇරපු ෂටරය කඩාගෙන යන්න දුන්නා..
නැවතත් අසරණ කෝල බැල්මක්... මට හරියට පෙණුනෙ ඩ්‍රයිවර් සීට් එකේ තඩි ගෙම්බෙක් ඉන්නවා වගේ..
වික්ශිප්ත වූ ප්‍රශ්නාර්තයක් එක්කම නැවතත් මට පෙර කට..
"අඃ.. අංකල් කිව්වට සීයා කෙනෙක්.. සොරි.. ඇයි?"
පොර ගාලු පාර පලාගෙන වගේ ලෑල්ලට පාගලා ගියා..
කතාවේ දෙවෙනි කොටස වුනේ හවස් වරුවේ.මං නංගිත් එක්ක නැවත දෙහිවලට ගියා. යද්දි මං එයාට ඔය කතාව කිව්වා..
"හහ්.. කුඩයක් ඉහලගෙන පර්ස් එකක් අරගෙන යද්දි කාර් නවත්තන එක පුදුමයක් යැ? තව ලේන්සුවකුත් තිබුණනම් මරු" ඒ නංගිගෙ අදහස..
"ලේන්සුවත් තිබුණා නේන්නම්.. :-( "
"ඉතිං හරිනෙ..." ඈ හක හක ගා හිනා උනා..
මට පොළව පලාගෙන යන්න හිතුනා..
"මං ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ ලෝකෙ පැරණිතම ස්වයං රැකියාවට යුනිෆෝම් එකක් තියන බව... "
"යුනිෆෝම් එක දැන් සාමාන්‍යකරණය වෙලා.. ඉතිරි වෙලා තියෙන්නෙ ඔය අයිටම් තුන විතරයි.. කුඩෙයි, පර්ස් එකයි, ලේන්සුවයි"
අනේ කාලේ.. වනේ වාසේ!!!!
Subscribe to:
Post Comments (Atom)
21 comments:
මන්ද බුද්ධිකයින් ගෙන කොළබ පිරීගෙන යනවා නෙද.. වැරැද්ද ඔයාගෙ ඇයි ඔයා පාරෙ ඇවිදගෙන ගියෙ.... හා.. හා... ඔයාම කියන්න සමාජය බල්ලට ගිහිල්ලද..? නැත්තම් බල්ලො සමාජයට ඇවිල්ලද..? කාටද මෙක කියන්නෙ... මිනිස්සු කාර් වැන් , තට්ටු ගෙවල් හදාගෙන එ කාර් වලින්ම ගිහින් කරන දෙවල් නෙද..
අනික අපිට මෙහෙම නම් දුප්පත් මිනිස්සුන්ට කොහොම ඇතිද..?
( hiks... මමත් දුප්පත් කෙනෙක් හා හා..)
පුරහඳට තවම කට්ටිය වෙට්ටු දාන්න එනවලු.... හිනා යනවනෙ හලෝ.. මාර ජෝක් එක ආ....
@ රවා... මං හිතන්නෙ නෑ බල්ලො ඔය තරම් අමනයි කියලා ..
@Roshan LOL
හිකිස්,,,, ඇයි යක්සයෝ,,,, මම ඉතින් කියන්නේ නැහැ... ආයෙ ඉතින් කුඩෙයි, ලේන්සුවයි, පර්ස් ඒකයි අරං පල පාරේ... මොට්ට රාල.... හූ............
ඔහොම තමයි ලංකාවේ. සත්‍යය ප්රබන්දයට වඩා අමුතුයි ලු නෙ.
@ ජීවිතේ මල්.... ඇයි යකෝ සාලෙ!! අව්ව/වැස්ස නම් කුඩයක් ඕනෙ.. එහෙම නැතිනම් කැප් එකක් දාන්නයි වෙන්නෙ
ගෑණියෙකුගෙ ආත්මෙන් බාගයක්ම තියෙන්නෙ බෑග් එකේ නෙ.. අයිඩෙන්ටිය, සල්ලි, නොම්මර, බැංකු කාඩ් මේකී නොකී දහසකුත් දේවල්.. මේකට පිළියමක් හැටියට සඳුදා ඉඳලා වැඩට යනකොට ඔය ඔක්කොම ජාති ෂොපින් බෑග් එකක දාගෙන යන්න කියලාද මට කියන්නෙ?
ලේන්සුව... ඒකට නම් ඉතිං තියෙන්නෙ ගමයා වගේ තුවායක් කරේ දාගෙන යන්නයි.. මොකද ටිෂු වලින් පිරිමහන්න පුළුවන් දාඩියක් නෙවෙයිනෙ මේ දවස් වල තියෙන්නෙ..
කුඩෙයි, පර්ස් එකයි, ලේන්සුවයි
එතකොට ෆෝන් එක...?
මං හිතන්නෙ වැඩේ දියුණු වෙලා තියන තරමට බුකින් දාන්නෙ ඔන් ලයින් ද දන්නෙ නෑ.. ඒ හින්දා ෆෝන් එක සිම්බල් එකක් හැටියට ගනන් ගන්නවාද කියලා ෂුවර් නැහැ..
අනේ කාලේ වනේ වාසේ... මෙහෙමත් ලෝකයක්.
ඉස්සර දහසින් බඳි පියල්ලක් අතින් අරන් සූ සැට බරණින් සැරසුණ ලියක් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට තනියෙන් ගියාලු... දැන්..? හිකිස්..
එහෙමත් එකක් ද ? දන්නෙත් නැහනේ. හැබයි කියපු කතාව නම් මරු.
සීයා කෙනෙක් නේ හික් හික්...
@ පිස්සා.. සීයෙක් කිව්වට සීයෙක් මත් නෙවෙයි.. ඒ උනාට මට ෂුවර් පොරට මුනුබුරෝ ඇති කියලා.. එහෙම කිව්ව ගමන් එයාලව මතක් වෙන්නෙ ඇති.. හැබැයි මගෙ වයසෙ දරුවො නම් ඇති..
ඇත්තටම කණගාටුයි අක්කෙ....
ඔය වගේ සිද්ධියකට අපේ අම්මත් මීට ගොඩ කාලෙකට කලින් මුහුණ දීල තියෙනවා... ඒ කතාව අම්මා අපි ටිකක් ලොකු මහත් වෙලා දැනුම් තේරුම් ඇති කාලෙක කියල දෙද්දී මට දැනුණු දුකත් කණගාටුවත් අක්ක වෙනුවෙනුත් ඇති වුණා...
හ්ම්ම්... මේකත් එක්තරා විදියක ප්‍රශ්නයක්.. වැදගත් කෙනෙක්ට පාරෙ යන්නත් නැහැනෙ..
අද ගාලු පාරෙ.. හෙට වෙනකොට ඔය වෙළදාම අනිත් පාරවල් දිගේත් පටන් ගනීවි.. ඔය කියන යුනිෆොම් එක නැති උනත්, පාරෙ යන්න බැරි තත්ත්වයක් එයි කියල බය හිතෙනවා.. අපිටත් අම්මලා, නංගිලා ඉන්නවා නේ.
@ Ransarasidu... මල්ලි ඔය මට වෙච්චි දේ ලංකාවෙ වෙන දේවල් බලපුවහම ඇත්තටම සුළු දෙයක්.. මොකද මගේ යහළුවෙක් ළඟදි දවසක කොල්ලුපිටියෙ තියන ඇගේ කාර්යාලය ඉදිරිපිට උදේ 9 ට 5ක් විතර තියෙද්දි පාර පනින්න ඉඳලා.. ඒ කියන්න ඉතාම ජනාකීර්ණ ට්‍රැෆික් සහිත වෙලාව.. ඇය ඒ වන විට සත් මස් ගැබිණියක්.. පදික මාරුව උඩ කාර් එකක් නවත්තලා.. ඇය හිතලා ඇය ගැබ් බර නිසා පාර පනින්න උදව් කලා කියලා.. ඉතින් අර මට උනා වගේම ෂටරය පාත් කරපුවාම ඇයත් හිතලා පාරක් අහනවා කියලා...
පදික මාරුව උඩ කියලාවත් සලකන්නෙ නැතුව, ඇයට පාර පනින්න නවත්තපු ඒ "මහත්මයා" ගැන උපන් පහන් සිතින් ඇය වාහනය තුළට නැවිලා තියෙන්නෙ කාරුණිකව.. දුටු දෙයින් පස්සට විසි උන ඈ කාරයාලයට දුවගෙන ගිහින් තියෙන්නෙ ඉහින් කනින් දාඩිය වගුරුවමින්.. වීදුරු කළු කළ කාර් එක තුළ ඉඳගෙන කරලා තියන ප්‍රදර්ශනය ඔයාට හිතා ගන්න පුළුවන් නේද මල්ලියෙ.?...
එහෙම රටක් මේක...
@ sameerausa මෙහෙමයි... මම අහලා දැකලා තියන විදියට ඔය වෘත්තියේ යෙදෙන අය වෙනම හඳුනා ගන්න පුළුවන්.. ඒක common sence වෙන්න ඇති. මට පුදුමෙ ගිනි මද්දහනෙ, කොට්න් දිග කලිසමයි, ඒකටම එච්චර ගැලපෙන්නෙ නැති ටීෂර්ට් එකයි අඳලා.. කිසිම මේක් අප් එකක නැතුව, අව්වෙන් බේරෙන්න කුඩේකුයි, දාඩිය පිහින්න ලේන්සුවයි අයන් යන මට කාර් එකකින් වෙට්ටු දාන තරම් රාගය මන්දබුද්ධිකද?
@ sameerausa මෙහෙමයි... මම අහලා දැකලා තියන විදියට ඔය වෘත්තියේ යෙදෙන අය වෙනම හඳුනා ගන්න පුළුවන්.. ඒක common sence වෙන්න ඇති. මට පුදුමෙ ගිනි මද්දහනෙ, කොට්න් දිග කලිසමයි, ඒකටම එච්චර ගැලපෙන්නෙ නැති ටීෂර්ට් එකයි අඳලා.. කිසිම මේක් අප් එකක නැතුව, අව්වෙන් බේරෙන්න කුඩේකුයි, දාඩිය පිහින්න ලේන්සුවයි අයන් යන මට කාර් එකකින් වෙට්ටු දාන තරම් රාගය මන්දබුද්ධිකද?
අදම හොයන්න ඕනේ ඒ 3 ගෙනියන අය...
මේයත් ඉතින් නලව නලව යන්න ඇති. නැත්නම් ඉතින් කොහෙද?
/බිඟුවා...!
@ බිඟු... ඔන්න ඉතින් බිඟු රැජිණගෙන් ගුටි කන පොටක්.. හ්ම්ම්ම්.. හ්හ්ම්ම්.. බිඟු පැටියාව මතක් කර ගන්න...ඔය අනන් මනන් අරන් පාරෙ යන අය ගැන හොයන්නැතුව..
ha haaaa...
eyaata kiyanna epaa itin...
api apineee...
hiks
@ bungu .. V V no? ;-)
Post a Comment
හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...