අපේ කතා බහේ ඉතුරු ටික.. (රජයේ සේවකයෙක් නොවුණ හැටී )

මේක පසු වදනක්..

මට මෙහෙම හිතෙනවා වත් ගෙ අදහස ගැන.. දොස්තර වරු, නර්ස් ලා, ගුරුවරු මේ අයත් රජයේ සේවකයො.. මේ අය නැතුව අපේ පැවැත්මක් නැහැ..ඒක අවිවාදාත්මකයි. ඒ අපිට සේවා සපයන අය.. අර පොඩි කාලෙ පරිසරයට ඉගෙන ගත්තෙ?.. මතකද? මෑත කාලීනව දැක්ක විදියට මේ අය ඉතාම හොඳ කාරුණික සේවයක් සපයනවා.

මං මෑත කාලීන කියන වචනෙ කිව්වෙ, මට මතකයි අපි පුංචි කාලෙ තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලදාරියෙක් විදියට වැඩ කළා. දවසක් අපි දුර නෑදෑ ගෙදරක ගිහින් එන ගමන්, වාහනයක් සොයමින් හිටිය අමාරු ලෙඩෙක්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චා..කාර් එකේ පස්ස දොර ඇරගෙන ලෙඩාගෙ අයිතිකාරයා ඉස්සෙල්ල බැස්සා.. උපස්ථායිකාවක් අත් දෙක බැඳගෙන "කෝ ඔය ලෙඩා බස්ස ගන්නකො.. ඇවිදින්න පුළුවන්න්නෙ?" කියලා කුසීත කමින් අහද්දි තත්තා වාහනයෙන් බැස්සා.. අසුරු සැණින් රෝද පුටුද උපස්තායකයින් ද වැහි වැස්සා..

අද ඇත්තටම මේ තත්ත්වෙ වෙනස්.. ඉඳුරාම වෙනස්.. සෞඛ්‍ය සේවය අනර්ඝයි... අනිත් සේවයනුත් ඒ තරමට දියුණුයි..

එතකොට මං ඇඟිල්ල දික් කරන්නෙ කාටද?


හරි!!! කාර්යාල වලට.. හැබැයි හැමෝටම නෙවෙයි..පැහැදිලිවම අර කලින් පෝස්ට් එකේ වගේ නිලදාරින්ට.. අපරිණත (පරිණත වෙන්න උවමනාවක් නැති ) වෘත්තිකයන්ට.. 
අපිට හිතන්න වෙනවා සෞඛ්‍ය වගේ සේවාවන් දියුණු වෙන්නත් මේ මහත්තුරු එක තැන පල් වෙන්නත් හේතුව.. මට හිතෙන්නෙ සේවාවන් දියුණු කරද්දි ඒ අය පුහුණු කරන පාඨමාලා වල ආචාර ධර්ම උගන්නනවා.. තරඟ විභාග වලින් එන අයට මේ වාසනාව කොයිතරම් තියනවාද කියලා මං දන්නෙ නැහැ.. 
 
මගේ රියදුරු බලපත් නැතිවෙලා සෑහෙන කල්.. අදාල කාර්යාලයට ගිය දවසක් ඇත්නම් "නෝනා" නිවාඩු, කනවා, තේ බොනවා, පොඩ්ඩකට එලියට ගිහින්..


ඒ අතරම ආගමන විගමන දෙපාර්තමේන්තුව වගේ විශිෂ්ට තැන් තියනවා..

මං හැමදාම හිතන දෙයක් තමයි ග්‍රාම සේවකය ඇයි ඊමේල් නැත්තෙ කියලා.. අපොයින්ට්මන්ට්  ගන්න.. අවශ්ය දේ කියන්න.. ඕන කරන ලියවිලි කලින්ම ලෑස්ති කරගෙන යන්න... ඒක කොයි තරම් අගේ ද?
 
අපි මේ වගේ දේවල් කොයි තරම් ලස්සනට ඊමේල් වලින් හසුරවනවද?තැපැල් ගාස්තු නැහැ.. ප්‍රමාද නැහැ...
 
ඔය අරවා මේවා මොනවා නැතත් හිත පිරෙන්න වැඩ කරලා දෙන මහත්වරුන් නෝනා වරුන් ඉන්නවා.. මට දුක ඒ අයට යි අනිත් අයටයි එකම හැන්දෙන් බෙදන එක ගැන..


ලියනවානම් තව හෑලි ලියන්න පුළුවන්.. දැනට ඕක ඇති... :-)

4 comments:

රවා said...

මෙන්න තවත් උදාහරණයක් ඩොකාලව මට එපා වෙන්න

රජයෙ ඉස්පිරිතාලවල ඉන්න හොද දොස්තරලා කස්ටිය මෙ වගෙ අයව හදනවා නම් ඔන්න ඉස්පිරිතාලත් හැදෙයි. පුද්ගලික සෞඛ්‍ය සේවය ගැන වෙන්නැ අක්කා කියන්නැත්තෙ.
හැබැයි මම එකක් කියන්න ඔනා. අපුරු මාහත්මා ගති තියන දොස්තරලා ගොඩාක් ඉන්නවා.. එයත් ඉන්නෙ මෙ අය අතරෙමයි .. අරගොල්ලා කරන දෙවල් වලට හොද අය කරන දෙවල් කැපිලා ගිහිල්ලා සෞඛ්‍ය සේවය සාමාන්‍යයි..

අනුරාධ said...

අහ්.... මට වැරදිලා මේකට දාන්න ඕන කමෙන්ට් එකක් ඔයාගෙ මුල්ම ලිපියට දාලනෙ. අව්ලක් නෑ කොහොමත් කියන්න ඕන උනු දේ කිය උනානේ.

පුර සඳ said...

අනුරාධ ස්තූතියි!!!බස් එක සර්විස් කරලා පාරට දාන්න ඕනෙ!!

dinesh said...

ග්‍රාම සේවකට ඊමේල්.......හහ්හා...............තව අවුරුදු 50ක් වත් යයි.

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...