සහකාර දඩයම... හෙවත් වැරදෙන කුරුමානම...
7:23 PM Posted by පුර සඳඅවුරුදු කිහිපයකට කලින් ඕට්‍රම් ලයින්ස් වල 2065 හේ ඉන්න කාලෙ... මමයි හසිනියි රදිකායි තුන්දෙනා Summer එක විඳවන්න බැරුව විඳින්න හිතාගෙන රූෆ් ටොප් එකට යනවා.. ගුදිරි මෙට්ටයකුත් අරගෙන විලි වැසීමේ අරමුණ පමණක් ඇතුව ඇඳගෙන...දාඩිය බේරි බේරි රෑ දෙගොඩහරි යාමෙ වෙනකම්ම බයිලා ගහනවා.. හඳ එලිය විතරක් තියෙද්දි මාර තර්ක උපදිනවා..
රටේ තියන ඕප දූප.. ජාතික අන්තර්ජාතික මට්ටම් වල ගැටලු අපි සාකච්ඡා කරපු මට්ටමින් විසඳුනානම් මේ වෙද්දි ලෝකෙ ලස්සන තැනක් වෙලා... අපිට ගොඩක් වෙලාවට තියන ප්‍රශ්නයක් තමයි ලංකාවෙ ද ලෝකෙද මන්දා... ගැහැණු පිරිමි අනුපාතයේ තියන විෂමතාවය..
රටවල් හැට ගානක විවිධ වර්ග වර්ණ වලට අයත් ළමයි හිටිය නගරයේ .. විසේකාර විසි ගනන් වල හිටිය කෙල්ලන්ට තිබුණ ආතතිය තමයි හවස හයෙන් පස්සෙ ගේට්ටු පලුවෙ එල්ලිලා ඔංචිලි පදින කොල්ලො ටික... මොකද .. ගොඩක් ගෙවල් වල Boys are not allowed කියලා ලේබලයක් තිබුනා.. ලංකාවෙන් යන අම්මලා තාත්තලා ඒ ලේබලේට හරි කැමතියි..ගේට්ටුවෙන් ඇතුලට යන්න තියන එකම basic qualification එක තමයි ගැහැණු බව..
ඉතිං ඔය අව්වට මොලේ කොළොප්පං වෙච්ච දවස් වල දාපු කෙස් පැළෙන තර්ක වල ප්‍රතිඵලයක් හැටියට නිදා ගන්න මිනිහෙක් හොයන ක්‍රමය ගැන අපි සම්මුතියකට ආවා.. හඳ එලිය උත්සන්න වෙලා තියන දවසක හසිනි අතින් මේ උදාන වාක්‍යය කියවුනා... "මිනිහෙක් නම් සුදුසු වෙන්න ඕනෙ රෑට නිදා ගන්න නෙවේ.. උදේට නැගිටලා දවස පටන් ගන්නයි..."
කතාව සියට සීයක් ඇත්ත.. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මං නියපොතු කකා කල්පනා කරන්න වුනා.. .........මුකුත් නෑ වගේ, "සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වළා රොදක සැඟවිලා..." සිංදුව මුමුනන්න ගත්තෙ වෙලා තියන අකරතැබ්බය ටිකක් අමතක වෙන්නත් එක්ක..
"හෙට සෙනසුරාදා.. සඳ උදා වෙන දවස... ........... උදේ ට නැගිටින්න නම් ඉස්සෙල්ල රෑට නිදා ගන්න එපා යැ... කිකිළි ද බිත්තරය ද? බිත්තරය ද කිකිළිද? ..කිකිළි ද බිත්තරය ද? බිත්තරය ද කිකිළිද? ............" මට එදා හීනෙනුත් අහුනෙ ඇන්ටිගෙ උදාන වාක්‍යය " Boys are not allowed!!!!!"
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...