Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

ආයෙත් හඳ පානෙ රස්තියාදු ගහන්න හිතුනා...

Comments: (10)
මාස ගානක දිගු නිහැඬියාවකට පස්සෙ.. හරියට සහරා කාන්තාරෙට වැටිච්ච අනියම් වැස්සක් වගේ පොත් ප්‍රදර්ශනේ.. මං හිතන්නෙ මාස ගානක කුණු කන්දල් ඔලුව ඇතුලෙ එකතු වෙලා තියන වෙලාවෙ තමයි "ජීවිතේ මල්" එක්ක බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව පැත්තට ගියෙ.. මීහරක් බානක් දාලා අදින තරම් දැවැන්ත වේගෙකින් ධාවනය වන 154 ක නැගලා BMICH එක ළඟින් බහිද්දි තිබ්බ අන්තිම ධෛර්ය බිංදුවත් හේබාලා ගිහිං තිබ්බෙ..


ඒත් ආයෙත් පුර හඳේ රස්තියාදු ගහන්න motivate වෙච්ච re-union එක උනේ ඔතනදි... ඒකට re-union කියන්නත් බැහැ.. මොකද "re" නම් කලින් හම්බෙලා තියෙන්න එපායැ?
ඉතිං මං තාම කිව්වෙ නැහැ නොවැ මොකද්ද මේ හමුවීම කියලා.. ඒ තමයි මං රෑට රෑට හඳපානෙ රස්තියාදු ගහද්දි හම්බෙච්ච පෑනෙ (cyber) මිත්‍රයෝ ටික..
කෙහෙල් කොටුවෙ චුටි මහත්තයාවයි මැරියන්වයි නම් මං ඈත තියා හඳුන ගත්තෙ විදේශ චිත්තර ශිල්පියාගෙ දක්ශතාව නිසාමයි.. වැප් ඇතුළු කට්ටිය සරසවි එක ඉස්සරහ හම්බෙලා තාවකාලිකව විසිර යද්දි උනත් මූඩ් එකෙන් බාගයයි හරි ගිහින් තිබ්බෙ... ඊළඟට මායි ජීවිතේ මලුයි තාවකාලිකව විසිරිලා ගියා ..
ඊ වෙද්දි මට තිබ්බෙ පරණ කාර් එකක් තල්ලු කරලා ස්ටාට් කර ගත්තා වගේ හැඟීමක්.. ඒත් ගියර් දාන ලීවරය හොයා ගන්න බැරිව හිටියෙ..
ඔන්න ටික වෙලාවකින් මං "දෙවියන්ගෙ අඩවිය" ට (අනුල ද සිල්වා පරිවර්තනය කළ ."Not without my daughter") ගොඩ උනා.. වරුණාව වෑස්සෙන තල මලක් යට ( කටුගම්පල තල මල වරුණ - ජිනදාස දනන්සුරිය ) ඉඳගෙන සියක් අවුරුද්දක ඕප දූප,  ( සියවසක පුවත්පත් සිරස්තල - අනුරාධා මළලසෙකර ) ටිකක් කියෙව්වෙ "ස්වයංජාත" (සමරවීර විජයසිංහ - 2008 ස්වර්ණ පුස්තක රාජ්‍ය සම්මාන  ) එක්ක තිත්ත කෝපි ( අනුල ද සිල්වා සිංහලට නැගූ Christine Wilson ගේ Bitter Berry )  එකක් බොන ගමන්...

පොත් කීපයක හිමිකාරත්වය හිමිවීම මගින් මානසික ආතතිය දුරු වෙන බව මං මීට කලින් දැනං හිටියෙ නැහැනෙ.. ? ෂිහ්!!! හැබැයි කලින් දැන ගත්තනම් මේ වෙද්දි මං ලෝකෙ ලොකුම පොත් එකතුවේ හිමි කරයා වෙලා ගිනස් පොතටත් ගිහිං... අපරාදෙ..
ගියර් ලීවරය හොයා ගෙන ෆස්ට් එකට දැම්ම වගේ හැඟීමක් මට ඇති උනා...
ඊට පස්සෙ රන්දිල් ගෙ උපන්දිනේ සමරන්න චොකලට් කේක් එක්ක චොකලට් මිල්ක් එකකට කට්ටිය සෙට් වෙච්ච මොහොත අමතක කරන්නම බැහැ..
ඔන්න ඉතින් ඔතනදි තමයි හරියටම හෑන්ඩ් බ්‍රේක් එක නිදහස් කරලා හඳ පානෙ රස්තියාදු ගහන්න ආයෙත් සිතිවිල්ල මගට බැස්සෙ...


හිතෙන්නෙ එක දෙයයි.. "ස්තූතියි!!"

කර කියා ගන්න දෙයක් නැතුව අතට අත දීම...

Comments: (11)
මේක මං දන්න කෙනෙකුට ඇත්තටම වෙච්ච දෙයක්... මොකද සිද්දිය වෙච්ච වෙලාවෙ මං එතන.. කතාවෙ පූරවාපර සන්දි ගලප ගත්තෙ පස්සෙ.. කතාව මේකයි..

"ඇය" පහුගිය ටිකේම ගෙදර යද්දි වැස්සට අහු උනා.. වැඩට අඳින කලිසම් තත බරිත උනාම හරිම අප්පිරියයි.. ඒක නිසා අද ටිකක් කොට සායක් අඳින්න හිතුවා.. කොට කිව්වට කොටම නෙවෙයි.. දණිස්ස වැහෙන නොවැහෙන ගානට..


ඔය අතරෙ රාජකාරිමය පාර්සලයක් එන්න තිබුණා.. හිතපු වෙලාවටම ඇගේ මේසෙ උඩ තිබ්බ දුරකතනය වැදුනා.. එහි අනිත් පස හිටියෙ එතුමා... එතුමා කිව්වෙ ඇත්තටම එතුමගෙ තත්වයට එන්න අපිට තව හුඟක් කල් යයි..


".... මම මේ ගාඩ් රූම් එකෙ ඉන්නෙ.. පාරෙ වාහනේ නවත්තලයි ආවෙ.. could you please come and collect this?.."
"Yes sir!! Sure!"
 
ඔහුට ආපහු යන්න ඇති හදිස්සිය තේරුණ නිසා ඇය ලිෆ්ට් එක එනකන් ඉන්නෙ නැතුව පිය ගැට පෙළ බැස්සා.. ටිකක් වේගයෙන්..


පඩිපෙළ බාගයක් බහිද්දිම නිකන් ගැරඬියෙක් කකුල් දෙකේ එතෙනවා වගේ අපුලක් ඇයට දැනුණා.. බලද්දි එතුමගෙ ඇස් වලින් පිට වෙච්ච ආලෝක කිරණ කීපයක් විළුඹේ සිට ඉහළට වේගයෙන් එතෙනවා.. දණිස්ස පහු කරන්න කළින් ඇයව එතුමා ළඟටම ගෙනියන්න ඇගේ වේගය සමත් උනා..
 
ඇය එතුමගෙ දෑස දිහා එක එල්ලේ බැළුවා.. ඒ බැළුම් ප්‍රහාරය සාර්ථක වෙච්චි නිසා අර අනවර්තේ එළියට දාපු ආලෝක කිරණ ටික ආපහු අරං නොපෙනෙන තැනක හංගන්න එතුමට වෙලා මදි උනා.. එතුමා අප්සට් ගියා...
 
එතුමා පාර්සලය දීල ඇයට නොනවත්වා shake-hand කරන්න පටන් ගත්තා... ඔවුන් දෙදෙනාමයි ගාඩ් රූම් එකේ හිටපු සිකියුරිටියි තුන් දෙනාම අන්දුං කුන්දුං වෙලයි හිටියෙ..
 
 
මේක මේ සාක් සමුළුවේ දි හුවමාරු කරගන්න ගිවිසුමක් තරම් ලොකු ලියවිල්ලක් නෙවෙයි, ඊයෙ හවසත් හම්බුණ ඇගේ අතට පාර්සලේ දීලා අතට අත දෙන්න තරම්.. අනික එතුමයි ඇයයි දෙන්නම ඉංග්‍රීසි පන්නෙ අයත් නෙවෙයි ...
 
ඒ කට්ටිය විතරක් නෙවෙයි.. මාත් අන්දුං කුන්දුං උනා... ඒක නිසා එතනින් එහාට එතුමට මොකද උනේ කියලා මතක නැහැ... අපි දෙන්නම එතුමා ගියාට පස්සෙ බඩ පැළෙනකං හිනා උනා... ආපහු ඔෆිස් එක ඇතුලට ගිහිං අනිත් අයටත් කියමින් හිනා උනා... එතුමාට පිංසිද්ද වෙන්න සිකුරාදා දවසෙ තියන වෙහෙසකර ඇල් මැරිච්ච ගතියෙන් මදකට මිදෙන්න අපිට පුළුවන් උනා... හිනාව කියන්නෙ වෙහෙසට හොඳ බෙහෙතක්..
 
 
 
ඒත් හවස බස් එකෙ නැගලා එද්දි මට එතුමා ගැන අනුකම්පාවක් ඇති උණා.. මොකද දන්නවද.. ඔය හැඟීම ඇති වෙන්න ඇත්තෙ හැත්තෑ වයස් පිරුණ එතුමට විතරක් නෙවෙයි.. තව බොහෝ දෙනෙකුට.. ඒත් ඒ ඒත් හිතේ ඇති වෙච්ච කුපාඩි හැඟීම ඇස් දෙකෙන් එළියට නොදා වහ ගන්න බැරි වෙන්නෙ එතුමා වගේ අසරණයෙකුට විතරයි...