සන්නා අම්මාට නොදුන් රොටිය.....

Comments: (15)
පමා වූ වෙසක් ගැන කිය කිය ඉඳලා හදිස්සියේ නැගිටලා ගිහින් අහපු කතාවක් මේක... කිව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන් (සන්නා)... ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයේ හිටපු මට...




සන්නා විශ්ව විද්‍යාලෙ ඉඳලා ගෙදර ගිය දවසක.. පහුවදා උදේ නැගිටලා පිච්චර් එකක් බලන්න සන්නා හදි හදිස්සියෙන් ලක ලෑස්ති වෙනවා.. මේසෙ උඩ වහලා තිබ්බ ලොකු රොටියක් ගිල දාපු සන්නා එලියට බහිද්දි අම්මා අහළ තිබ්බ තේ කෑල්ලෙ දළු කඩනවා...
"පුතේ.........." අම්මා සන්නාට අඬ ගහනවා.... " රොටියක් උයලා වහලා ඇති... මටත් කෑල්ලක් තියලා, කාලා පළයන්" අම්මා සන්නාට කියනවා... ඒ වෙද්දි සන්නා මුළු රොටියටම වග කියලා ඉවරයි...


උඩුවේ ධම්මාලෝක හිමියන් වටාපතින් දෑස වසා ගත්තේ.. ඇඬීම අකැප නිසා.... ටී එම්, වීජමු, රෝහණ බැද්දගේ ආදීන් බිම බලා ගත්තා... මමත් ඉන්ට නෙට් එකට මුවා වෙලා එතනින් නැගිට්ටා..

"මේ ණය මං ගෙවන්නෙ කොහොමද?" සන්නා ප්‍රශ්න කරනවා මට ඇහුණා..

පමා වෙලා වෙසක්....

Comments: (0)
"අදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතු වූ මොහොතේ.. ඔබ මතු බුදු වන දවසේ...... මහ රාහුල කුමරුන් සේ..." වික්ටර් රතනායක පුත් ජයන්ත මහනුවර ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයට ඇසෙන්න ගයයි...

මට වෙසක් ලබලා.. මුළු ලෝකෙටම වෙසක් ඊයෙ උනාට මට හරියටම වෙසක් අද... මට ඊයෙ පොළව පලාන යන්න ලැජාවක් උනා.... ඒක දන්නෙ මං විතරයි.. මේක කියෙව්වට පස්සෙ ඔයාලත් දන්නවා...


ඊයෙ මට වැඩ.. මග අරින්න බැරි රාජකාරී වැඩ... මට විතරක් නෙවෙයි.. මගේ විභාග අධීක්ෂක මණ්ඩලයත් වැඩ... විභාගෙ කරපු ළමයින්ගෙ හිත් වල මොනවා තිබුණද කියලා කියන්න හරියටම බැහැ...
 
 
ඉතින්හවස 4 විතර වෙද්දි තමයි මං පියවි සිහිය එළවගෙන වෙසක් ගැන හිතුවෙ.. බෞද්ධ කොඩියක්.. වෙසක් කූඩුවක්.. මල් පහන් .. පන්සල්.. අපෙ අම්මිත් ගල්කිස්සෙ ඇවිත් කියලා පණිවිඩේ ආවා දවල් වෙද්දි... මං ඉතින් බස් එකෙන් බැහැලා වට පිට බැලුවා.. කඩ ඔක්කොම වහලා උනාට පාරෙන් එහා පැත්තෙ පුන්චි කඩයක් ඇරලා.. බෞද්ධ කොඩි වෙසක් කූඩු ලෙළ දෙනවා.. මං වට පිට බලලා එක හීයට ඒ කඩේ ඇතුළට රිංගුවා..
 

අර කියපු ළජ්ජාව ඇතිවෙන්න පටන් ගත්තා...
මට මතක් උනා අපේ ගම්පළ ගෙදර තිබ්බ උණ පඳුර.. ඇඟිලි කපාගෙන උණ කූරු සුද්ද කරපු.. වෙසක් කොළ අලවන්න පාප්ප නා ගත්ත.. සිල් අරන් ගෙදර ඇවිත් ළමා සාරිය පිටින් වෙසක් කූඩු එල්ලපු කාලෙ මතක් උනා... ඊට පස්සෙත් කොහොම හරි වෙසක් එකට කූඩුවක් හදනවාමයි...
 


ඒත් මේ සැරේ... චික්... මාර ලැජ්ජාව.. වෙසක් කූඩුවට 150/=.. කොඩිය 100/=.. මං වට පිට බලලා කාටවත් මූන දෙන්නෙ නැතුව ත්‍රී වීලර් එකක නැගලා වෙසක් කූඩුවත් අරන් ගෙදරට පැන ගත්තා..
මං ගෙදර ආව ගමන් හිතේ තිබ්බ බරත් එක්කම වෙසක් කූඩුව පුටුවක් උඩින් තිබ්බා.. ඒත් පොඩි බයක් වගේ තිබ්බා.. මං හිතුවා වෙසක් කූඩුව කඩෙන් ගත්ත වරදට පවුළේ ගුරුතුමියගෙන් වෙසක් ධර්ම දේශනාව ෂුවර් කියලා..
 
 
ඒත් ඇය ගැඹුරු බැල්මක් දුන්නා විතරයි.. මං පුටු ඇන්ද අල්ලගෙන හිටගෙන බෑග් එක කරේ එල්ලගෙන ඉන්න ගමන් ඇගේ සුව දුක් ඇහුවා....අර පුටුව උඩින් තිබ්බ හිතේ බර පුටු ඇන්ද දිගේ මගේ අතට ගොඩ වෙලා නැවතත් මගේ හිත කරා ළඟා උනා...

ජයන්ත රත්නායකයන් අර සින්දුව කියන අතරෙ මට හිතුනෙ.... (හරියටම මොකද්ද ලියලා විස්තර කරන්න අමාරුයි වගේ)... ඒත් ඈ අපේ ජීවිත වල තියන (කමකය නැති ) බිසි ස්වභාවය තේරුම් අරන්ද කොහෙද මේ වෙන තෘත් නිස්සද්දයි..

"ටෝමලින් එකේ ලොබි එක ලස්සනයි" ඇය මට අඬ ගැහුවා.. හරියට ඛේමාවට දෙවුරම් වෙහෙරෙ ලස්සන කිව්වා වගේ.. "ටී එම් දොඩම්වල ඉස්කෝලෙට ගිහින් තියෙන්නෙ..." තවත් කැඳවීමක්.....


මං කියාගෙන ආව දේ ඉවර නැහැ.. ඒත් මදකට නැගිටින්නම්... තුන්වන  කැඳවීම එන්න කලින්..
 
 
 

පියාසැරි පුහුණුවේ GRADUATION එක

Comments: (3)

ඊයෙ උදේ බලද්දි අර ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා කූඩුව පැත්තෙ කරක් ගගහ හිටියා.. පොඩි කමට මූ රස්තියාදු කාරයෙක් වෙලා ද කොහෙද.. ඔය ඉන්නෙ!!

ඊළඟ කතාව පටන් ගන්නෙ ඊයෙ රෑ... මං කෑම එක බෙදාගෙන ටීවී එක දාගෙන නිවාඩු පාඩුවේ ඉඳගත්තා.. අර පොඩි එකා කීක් කීක් ගානවා කණ අස්සෙ.. බැලුව බැලුවා පේන්න නැහැ..මෙන්න බොලේ මූ ළඟම තියන ජනෙල් ග්‍රිල් එකේ ඉඳගෙන ඉන්නවා.. ළඟට හරිම කැතයි..


මුගෙ අඳොනාව අහ ගෙන ඉන්න බැරිනිසා මං පිඟානත් අරන් කාමරේට අවා.. ටිකකින් ඔන්න ගාල ගෝට්ටියක් ඇහෙනවා... බලද්දි අම්මයි තාත්තයි පුතයි තුන්දෙනා වාද කර ගන්නවා.. ෆෑන් එක උඩ ඉඳගෙන..


පොඩි එකා එකට එක කිය කිය උනත් හොඳටම බැනුම් ඇහුවා... හොඳ වැඩේ.. !!!! ටික වෙලාවක් මෙහෙම රණ්ඩුව ගියාට පස්සෙ අම්මයි තාත්තයි පැත්තකට ගිහින් කුටු කුටු ගෑවා.. වෙලාව රෑ අටට විතර ඇති... බද වැස්ස..

මේ පින්තූරෙ නම් ඩිංගක්වත් පැහැදිලි නැහැ.. මේ දොරට උඩින් තියන බීරළු ළඟට වෙලා තමයි අර දෙමාල්ලන්ගෙ කුටු කුටුව ගියෙ..




ඊට පස්සෙ අම්ම ආයෙත් ඇවිත් පොඩි එකාට හිමීට පැහැදිලි කරලා දුන්නා... ඌත් ෆෑන් එකේ තට්ටක සී සෝ පැද පැද අහගෙන හිටියා... ඌටත් ඕනෙ වැඩේ කර ගන්න නෙ.. තක්කඩියා!!!





ටික වෙලාවකින් අම්මයි තාත්තයි එකතු වෙලා පුත්‍රයා ව රෑ කියලා බලන්නෙ නැතුව ... බද වැස්සෙ පිනි බබා එක්කරගෙන ගියා..



ප.ලි.: මේ පෝස්ට් එක දාන්න ගත්තෙ ඊයෙ රෑ... නවත්තන්න උනෙත් පොඩි එකාගෙ අන්ඩපාල වැඩක් හින්දා... ඒ ටික ඊළඟ එපිසෝඩ් එකට දාන්නම්..











එයා දැන් ලොකු ළමයෙක් හෙවත් පියාසැරි පුහුණුව...

Comments: (4)
අර අපේ ගෙදරට ආව අනවසර පදිංචි කාරයෝ ගැනයි.. කොහෙන්ද ඒ පොඩි නෑදෑයෝ ගැනයි මං ඔයාලට කිව්වනෙ...
ටික දවසකින් තමයි දන්නෙ නෑදෑයෝ කිව්වට එක්කෙනයි කියලා.. ඉතින් අද උදේ බලද්දි මහා කළබගෑණියක්.. මං හිතන්නෙ පුන්චි එකා දැන් ලොකු ළමයෙක් කියලා අම්මටයි තාත්තටයි හිතෙන්න ඇති.. බැලින්නං ඇත්ත තමයි.. ඌ අහුරක් විතර ලොකු වෙලා..

මේ ඉන්නෙ ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා..



මං ඉස්සෙල්ලාම දැක්කෙ අම්මා ඉඳගෙන පුන්චි එකාගෙ අත් තටු හොටෙන් හැඩ කරනවා.. ඊට පස්සෙ කකුල් වලට කොට කොට සුද්ද කළා.. අම්ම ඉගිල්ලිලා ගියාට පස්සෙ පොඩි එකා ලතෝනි තියන්න පටන් ගත්තා..





මෙන්න මෙහෙම තමයි අම්මා පිහාටුයි කකුල් දෙකයි සුද්ද කරලා හැඩ කළේ..



ඉතින් ඔන්න අම්ම මයෙ හිතේ තාත්තටත් කේලම කියලා එක්කන් ඇවිත්... දෙන්නගෙම හොටේ කෑම.. අම්මා ඉස්සෙල්ලාම ගිහින් ආදරෙන් කැව්වා..
 
හබුං කටයි පණු දෙකටයි..!!! උසි කපුටෝ උසී.....!!!!
 
වෙනදාට වඩා අද කෑම ලෝඩ් එක අඩුයි.. ඔන්න ඉතින් පොඩි එකා ඒ ටික කාලා ආයෙත් ලතෝනි දෙනවා.. ඒ ගමන තාත්තා ඉස්සරහට ඇවිත් ටිකක් ඈත ඉඳලා කෑම පෙන්නලා නොපෙන්නලා වගේ පොඩි උන්නැහෙව ඇවිස්සුවා.. ආයෙ ඉතින් ඉඳලා ඉවරයි..
පොඩි එකත් අත ඇරියෙ නැහැ.. හැකි වෙර යොදා කූඩුවේ හිටගත්තා.. තාත්තා එ ඉක්මණට කිට්ටු උනා... මොන මොනවදෝ හයියෙන් හය්යෙන් කිව්වා...
 
තාත්තගෙ කුරුළු අත්දැකීම් ගැන පාඩමක්..
 
ඔන්න පොඩි එකාට හති... ඒ ගමන තාත්තා ගෙනාපුවායින් කොටසක් කන්න දුන්නා... දැන් මද විරාමයක්...
 
මෙන්න පොඩි එකා මර හඬ තලන හැටි..




විනාඩි කීපයකට පස්සෙ ආයෙත් ගෝසාව... ටික ටික පොඩි එකාට කන්න නොදී කෑම පෙන්න පෙන්න ගත කරන කාලෙ වැඩි උනා...

මට තේරුණා මේක පියා සැරි පුහුණුවක් කියලා... මාත් ඉතින් බලාන හිටියා..
ඔන්න ඉතින් ඔහොම යද්දි.. කෑම කටට දාන්නෙ නැතුව කූඩුවේ ගැට්ටෙන් තිබ්බා... ඊළඟ සැරේ ජනෙල් ග්‍රිල් එකේ උඩින් තිබ්බා.. ඒ සැරේ පොඩි එකාට සිද්ද උනා බෙල්ල දික් කරලා කන්න.. ඌ බිම බැලුවා විතරයි මර හඬ තලාගෙන කූඩුවට ගුලි උනා..
 
මේ තියෙන්නෙ මං බොහොම අමාරුවෙන් ගත්ත පවුලේ පින්තූරෙ..


තාත්තයි අම්මයි දෙන්නම ඌට කණ පිරෙන්න හොඳවයින් දෙකක් කිව්වා.. පොඩි එකා බිමට වැටෙයි කියන බයට මම පාපිස්සක් දැම්මා..
 
ඔය අතරෙ නිකම යාම බලා ගන්න දැඩි උවමනාවක් තිබ්බත් ෂෝට් ලීව් එක හාෆ් ඩේ එකක් නොවී බේර ගන්න මට නික්ම යන්න උනා..


හවස මං එද්දි, මං දාපු පාපිස්ස එහෙමම තිබුණා.. ඒ උනාට ඒ පැත්තෙ පාළුව පිරිලා.. හරියටම බලල කියන්න තරම් මම උස නැහැ.. හවසත් හිටියා කියලා "ජීවිතේ මල්" කිව්වා..

ඒ උනාට නීකමට හරි එකට හිටිය අයට කියලා යන්න තිබුණා නෙ?

යාළුවෝ යාළුවෝ... මාළුවෝ..

Comments: (0)
මේක මේ ආව ෆෝවර්ඩ් එකක්... ඒත් මරු කතාව...





ඔයාලා මෙහෙම දේවල් දැකලා තියනවාද? මං නං දැකලා තියනවා.. මං හිතන්නෙ ඉස්සර කාලෙත් තිබිලා තියනවා..ඒකනෙ කතාවක් හියෙන්නෙ " නඩුත් හාමුදුරුවන්ගෙ.. බඩුත් හාමුදුරුවන්ගෙ කියලා "




ධර්ම ද්වීපයට තෙරුවන් සරණයි!!! උපුල්වන් දෙවියන්ගේ රැකවරණයි!!!

කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ...?

Comments: (4)
මං මේ හඳ පානෙ රවුමක් යන්නෙ හදි හදිස්සියෙන්... හිතේ උතුරන නැවුම් හැන්ගුමක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතිච්ච නිසා... ඔයාලට මතකද අර අනවසර පදිංචි කාරයෝ දෙන්නා? (මෙතන ක්ලික් කරලා බලන්නකො..)
ඊයෙ මං නොටිස් කළා අලුත් කෙඳි වගයක් එහෙම ඔතලා පොඩි රෙපෙයාර් වැඩ වගයක් ගිහිං තියනවා අපි නැති අතරෙ.. දැං ඩිංගකට කළින් මං ජීවිතේ මල් වැඩට යන්න කලින් කිව්වා කුරුළු බිරිඳ අද තප්පලං ගහගෙන ඉන්නෙ අමුතු ෆැෂන් එකකට කියලා.. වම් තට්ට අහස දෙසට...
මං ඉස්සරහ දොර ළඟ ඉන්දැද්දි ඔන්න පෙම්වතා අළුත් සින්දුවක්... සද්දෙ ඇහිච්ච ගමන්ම මෙන්න උපදින්න ඉන්න පුන්චි උන් ටිකත් දාල කිරිල්ලියෙක් වගේ විසේකාර ලීලාවෙන් හම්බාගෙන ගිහිං තුරුල් උනා.. මාත් ඇස් කොනින් ඔක්කොම බලාගෙන... වෙලාවකට මට හිතුනා අම්ම කෙනෙක් වෙන්න තාම කලින් වැඩියි කියලා.. එක වහලක් යටට ඇවිල්ලත් කොච්චර ටික කාලයක්ද?
මං හිතන්නෙ පොඩි ආරෝවක් වෙන්නැති.. දෙන්නා කරට අත් (තටු ) දා ගෙන රවුමක් ගියා.. මං හිමීට කිට්ටු උනා..

අනේ වාසනාවන්... පුංචිම පුංචි කුරුළු පැටව් දෙන්නෙක් වගේ චායාවක් නළියනවා... ඒත් තියන තැන හැටියට හිතාගන්න බැහැ එක්කෙනයි ද දෙන්නයිද කියලා.. මට පේන විදියට නිමුන්නු..(කොට ජීවිතේ.. ජනේලෙ උසයි )
ටිකකින් ජෝඩුව ආවා.. පනු පැටවු වගයක් හොටෙන් අරන්.. දෙන්න තරඟෙට පුන්චිඋන් හුරතල් කර කර කව්වනවා.. පුංචි බන්ඩියට දැන්ම පනු පැටව් බර වැඩිද මන්දා....?
මං ඔය දැක්කමයි කුරුළු ජෝඩුවක් එකතු වෙලා පැටවුන්ට කවනවා... අනේ වාසනාවන්...


ආ.. කියන්න අමතක උනා... ජෝඩුව එනකන් මං නැළවිලි ගීයකුත් කිව්වා..


පිං සිදු වෙන්නේ.. අනේ බාල ළමුන්නේ..
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...

කොළේ කොළේ දමා කුඩා නිවස තනන්නේ..
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ..
රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ..
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ...

මේ පහළ පින්තුර වල ඉන්නෙ අළුත් දෙමාපිය යුවළ..


මේ අර තට්ටක් අහසට එල්ල කරගෙන ඉඳගෙන හිටිය විදිය...


මේ ඉඳු කට ගෑමේ මංගල්ලෙ.. ඔය පින්තූර දෙකේ ඉන්නෙ අම්මයි තත්තයි දෙන්නා..


ෂහ්.. මට දුකයි.. මේ ඔක්කොම වාර්තා කරන්න වෙලා තියෙන්නෙ ෆෝන් කැමරාවෙන්..


අය්යෝ!!! ඔන්න කච කචේ... දෙන්න දෙමහල්ලො ආයෙත් රන්ඩුවක්.. හැබැයි ආදරෙන්... පොඩ්ඩක් ඉන්න... මං ඕප දූපෙ බලාගෙන එන්නං..

මල්ලි ඔට්ටුව පැරදිච්ච හැටි...

Comments: (6)
ඔයාලට මතක ඇති මං කියනවා මල්ලිගෙ ආගමන කතාව.. ඉතිං ඔය මල්ලිම කරපු වැඩක් තමයි මේක..


අපේ ගෙදර නැවතිලා හිටියා නෑදෑ අක්ක කෙනෙක්.. ටික කාලෙකට.. එයා දෙවෙනි පාර ඒ ලෙවල් කරන්න පාඩම් කරන්න තමයි නැවතිලා හිටියෙ.. එයාව බලන්න ලොකු අම්මයි ලොකු තාත්තයි නිතර නිතර ආවා..

අපි ඉතිං හවස් වරුවෙ ටිකක් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා.. මල්ලි හුඟක් වෙලාවට එයාගෙ ෆුට් සයිකලේ පදිනවා.. අපි බැඩ්මින්ටන් ගහනවා..
 
දවසක් මල්ලි බයිසිකලේ ට නම්බර් ප්ලේට් එකක් ගහගෙන. අක්කව අවුස්සනත් එක්ක අක්කලගෙ කාර් එකේ නම්බර් එක තමයි ගහගෙන තියෙන්නෙ...


අක්ක හිතුවා මේක එයාට අගෞරවයක් විදියට.. 17 ශ්‍රී කියලයි නොම්මරේ පටන් අරන් තිබුණෙ..

මල්ලි හිතුවා වගේම අක්කා අහක යන තොප්පිය උඩ පැනලා අල්ලගෙන අම්මරුවෙන් තද කරලා දමා ගත්තා.. ඒ විතරක් නෙවෙයි අක්කටත් තද වෙලා...


"අපේ කාර් එක 17 ශ්‍රී නෙවෙයි ඩෑෂ්" පළමු පන්දු ඕවරයෙ ප්‍රථම පන්දුව අක්කගෙන්...


" අපොයි ඒක කොහෙද ඩෑෂ්..? ඒක ශ්‍රී... කබලක්නෙ..?"

"ඇපේ තාත්තා කබල් ගන්නෙ නැහැ.. ඒක ඩෑෂ්"

කොහොම හරි කතාව දුර යද්දි අක්කා ප්‍රබල ආයුදයක් පාවිච්චි කරන්න ලෑස්ති උනා.. ඒ බව් තේරුණේ ඇස් වලින් උල්පතක් වගේ එකක් මෝදු වෙද්දි... මල්ලිට තෙරුණා වැඩේ දෙල් වෙන්න එන්නෙ කියලා..
අක්කා මේක සීරියස් ම ගත්තා.. අපේ ගෙවල් වල්ත් ඉතිං ඉස්සෙල්ලා ගන්නෙ පිට කෙනාගෙ පැත්තනෙ..?


මල්ලි ටිකක් කිට්ටු වෙලා සාම සාකච්චාවක් පැවැත්තුවා..

"හරි!! අපි ඔට්ටුවක් අල්ලමු.. "

"හා...!! මට විස්වාසයි ඒක ඩෑෂ් කියලා.." අක්කා හැඬුම් බරව කිව්වා විතරක් නෙවෙයි ඔට්ටුවත් එයාම ඉදිරිපත් කළා.. " ඒක ශ්‍රී උනොත් එහෙම මං ඒ කර් එක මල්ලිට දෙනවා.. ඩෑෂ් උනොත් මල්ලි මල්ලිගෙ වාහනේ අපිට දෙන්න.."


මල්ලිත් කීප සැරයක්ම අක්කගෙ වාක්‍යය උච්චාරණය කළා.. කට පාඩම් වෙනකම්.. "හරි.. එකඟයි.."


ඔන්න ඉතිං සෙනසුරාද උදා උනා කියමුකො..ලොකු අම්මයි ලොකු තාත්තයි ආවා දෝණියන්දෑ බලන්න.. අපිත් ඉස්සරහට ගියා කාර් එකේ නම්බර් ප්ලේට් එක බලන්න..

"හු හූ.... 17 ඩැෂ්...." අක්කා උඩ පැන්නා..

"හරි හරි මං ඔට්ටුව පරාදයි.. පොරොන්දුව ඉටු කරනවා!!!"

"කෝ .. යතුර ගේන්න.."

මල්ලි ගෙට ගියා... කබල් යතුරක් අරන් ආවා..අක්කා අතට දුන්නා..


"චික් මේ මොකද්ද.. අරන් එනවා කාර් එකේ යතුර.."

"ඒක තත්තගෙනෙ..? මගේ නෙවෙයිනෙ"

"මේ ජරාව මොකද්ද..?"

" මගේ වාහනේ ගරාජ් ඒකේ කණුවට තියලා බඳින දම්වැලේ යතුර
ගන්න .. ගන්න!!! බය වෙන්න එපා"

ඉතිං ඔහොම තමයි මල්ලි පරාද කරලා අක්ක ඔට්ටුව දිනුව හැටි..

"මූ තමයි දවසකටවත් මිනිහා..!!" ලොකු තත්තා කිව්වා...