හාෆ් ෂීට් එකක් නැති පොලෝසිය... "හෙට එන්න"

මේක මට ගිය සතියෙ ඇත්තටම වෙච්චි එකක්...


මගේ ඩ්‍රයිවින් ලයිසම නැති උනා ටික කාලෙකට කලින්... ටික කිව්වට ටිකක් මත් නෙවෙයි. ඉතින් ඔන්න අපේ ආණ්ඩුවෙන් කාර් එහෙම ලාබ කළාට පස්සෙ.. මට ඔය ලයිසොමේ වටිනා කම ටික ටික තේරෙන්න ගත්තා..


දත් සිල්පය පෙන්නල තමයි ලයිසොම ගත්තෙ.. හැබැයි මට ඉන්න අර අණ්ඩපාල මල්ලි කියපු කේළමක් නිසා මට ඩ්‍රයිව් කිරීමේ වරම අහිමි උනා.. ඔය අහිමි වීමෙන් ටික කාලෙකට පස්සෙ ඉගෙන ගන්න රට ගියායින් ඔන්න ඉතින් සුක්කානම මට නොදන්නා මිත්‍රයෙක් බවට පත් උනා...ලයිසමත් එක්ක පර්ස් එක පොකට් ගහලා දැනට අවුරුදු අටක් විතර.. ඉතින් මේ වැල් වටාරම් ටික සංක්ශිප්ත කළාම කොටින්ම මට ලයිසන් තිබ්බට එලවන්න බෑ... ( හිකිස් )
 
 
මේ ලයිසම හදා ගන්න කියලා හිතලා දාන තුන්වෙනි පොලිස් එන්ට්ට්‍රිය දාන්න ඔන්න මම ගිය සතියෙ අහල පහල පොලිසියකට ගොඩ උනා..
 
 


පළවෙනි එන්ට්‍රිය දාද්දි නං එන්ට්‍රිය දාල කොපිය ගන්න මාසයක් විතර ගියා.. දෙවෙනි එන්ට්‍රිය දාද්දි ඔන්න කාබන් කොපියක් පහුවදාම දුන්නා..ඔය සිද්දි දෙකම උනේ නුවර..
 
 
 
මෙදා සැරේ ඔන්න කොළඹ මහනගර සභාවක එන්ට්‍රිය දැම්ම කියමුකො.. එන්ට්‍රියේ වචන 100 යි... ඒකෙ කොපිය ගන්න වචන 100ක විතර ලියුමක් ලියන්න ඕනෙ.. ඔන්න ඉතින් මං ලියුම ලියන හැටි හිතන ගමන් එතන හිටිය මිස් ගෙන් ඇහුවා හාෆ් ෂීට් කොලයක් ගන්න පුලුවන්ද කියලා... "හාෆ් ෂීට් කොළ නැහැ.. කබඩ් එකේ තියනවාද දන්නෙ නැහැ ලොක් කරලා තියෙන්නෙ...".. දැන් ඉතින් මොකද කරන්නෙ.. වෙලාව 4.00 යි..
 
 


මං ඉතිං ළඟම තියන යාලුවෙක්ගෙ ගෙදරකට ගිහින් කොලයක් ඉල්ලන් ලියුම ලියාගෙන ආවා.. 4.25 යි..පාලන අංශයට දෙන්න කිව්ව නිසා කෙලින්ම එතෙන්ට ගියා.. මේස පුටු 10ක් විතර කැරකෙන පංකා වලට යටින් තිබුණා.. කවුරුත් නැති නිසා එලියෙ කවුන්ටරේ හිටිය රාලහාමිගෙන් විමසීමක් කළා.. " දැන් 4.25ත් පහු වෙලා.. එයාලා නාන්න ගිහිං.. හෙට එන්න".. "සර් මං ජොබ් එකක් කරන කෙනෙක්.. පුළුවන්නම්..."                  "එක සැරයක් කිව්වනෙ හෙට එන්න" ..
 
 
රාළහාමිට "හෙට එන්න" කියන්නෙ වචන දෙකක් විතරක් වෙන්න පුළුවන්.. ඒත් මට? කෙටි නිවාඩුව.. අවසරය.. රැස්වීම්... උදෙන්ම කරන්න තියන වැඩ....?

10 comments:

dinesh said...

ඇත්ත.මමනම් හිතන්නෙ පොලීසිය කියන්නෙ අපි නොයාම යුතු තැනක්.ඒත් සමහර දේ වලට අපි යා යුතුම වෙනවා.ඒ වෙලාවට ඉතින් තමන්ගෙ රස්සාව,ආත්ම ගරුත්වය,කාලයවාගෙ දේවල් ගැන මොහොතකට අමතක කරන්න වෙනවා.දැන් බලන්න ඔයාට "හෙට එන්න"කියන එක ඒ බුවාට ගානක්වත් නැතිව කියන්න ඇති.නමුත් ඒ වෙනුවෙන් ඔයාට සිදුවන පාඩුව.අද කර ගන්න බැරි වැඩක්නම් කමක් නෑ.රටේ ජනතාවගෙ බදු සල්ලි වලින් පඩි කන ඒත් සාමාන්්‍ය මනුස්සයගෙ අවශ්්‍යතා ගැන තැකීමක් නොකරණ මේ වාගෙ රාළහාමිල ලංකාවෙ පොලිසිව තව කොච්චරනම් ඇද්ද?

Anonymous said...

......... අම්මගේ පොලිසිය

පුර සඳ said...

අහ්.. මට කියන්න අමතක උනා... අර නාන කතාව කිව්ව රාලහාමිට මං කිව්වා 4.00 ට දෙන්න තිබුනා හාෆ් ශීට් එකක් හොයන්න එලියට යන්න උනා කියලා.. එතකොට කියනවා "කඩවල් මෙච්චර තියන .... ටවුමෙ පැය බාගයක් ගියාද ලියුම ලියාන එන්න?" කියලා.. මට තියන ප්‍රශ්නෙ මේ රටේ සීනි කිලෝ එකට, පාන් ගෙඩියට බදු ගෙවන අපිට රජයේ ඔෆිස් එකකින් හාෆ් ෂීට් එකක් ඉල්ලන්න අයිතියක් නැද්ද? එච්චරටම මේ ආයතන පිරිමැස්ම ප්‍රගුණ කරනවද? හාෆ් ෂීට් එකටත් රටවැසියා/ පාරිභෝගිකයා "කඩේ යවන්න" බලාපොරොත්තු වීම කොයි තරම් නරකද?

dinesh said...

ජපානෙ පොලිසියනම් සාමන්්‍යය ජපන් ජාතිකයන්ට සලකන්නෙ ඉතාම වැදගත් විදියට.එයාල ඇත්තටම හිතනවා එයාල ජනතා සේවකයො බව.මෙහෙත් රාත්‍රී කාලයට ලංකාවෙ වාගෙ ඩ්‍රින්ක්ස් අරගෙන ඩ්‍රයිව් කරන අය පරීක්ෂා කරණව සමහර වෙලාවට.ඒ වෙලාවට වාහනේ නවත්තල කතා කරන්නෙ ඉතාමත් ආචාරශීලී විදියට.එහෙම චෙක් කරල ඉවරවෙලා "ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි"කියන්නත් අමතක කරන්නෙ නෑ.අපේ පොලිසි වලට ලොකු තාක්ශණික පහසුකම් නැහැ කියමුකො.ඒ උනත් අර වාගෙ සුහද ශීලීව ජනතාව අපහසුතාවයට පත් නොවන විදියට එයාලගෙ සේවාව ඉ‍ටු කරන්නෙ නැත්තෙ ඇයි.???

පුර සඳ said...

මට ප්‍රශ්නයක් තියනවා... බැරි වෙලා හරි මම නිකමට හරි "අහවලාගෙ දුව/ නංගි/ වයිෆ් " වගේ දෙයක් කිව්වානම් තියනවාද දන්නෙ නැති කොල මැවෙන හැටි.. නාන ඇඳුම පිටින් ඇවිත් හරි උපන් ඇඳුම පිටින් ඇවිත් හරි මගේ ලියුම ගන්න හැටි බලා ගන්න තිබුණා... එහෙම උනා නම් කබඩ් එකේ ලොක් එක කඩලා හරි මට කොලයක් හම්බෙනවා..අනේ අම්මපා !!! අපේ උන්ට බැරි වෙච්චි හැටි පොලිසියට බැඳෙන්න....

කාංචන දිනූක said...

පොලිසිය ගැන ලියනවනම් පිටු ටොන් ගණනක් ලියතහැකි. අඩුගානේ මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නේ නෑ. හැබැයි හොඳ නිලධාරීන් නැත්තෙත් නෑ. ඒත් අර වගේ අය නිසා ඒ අයත් ඒ ගානටම වැටිලා. මොනව කරන්නද. තව එකක් මම නම් ASP කෙනෙක්වත් නෙවේ නම් සර් කියන්න යන්නෙ නෑ. සර් කිව්වම සමහරු අපි බල්ල ගානට දානවා.

Anonymous said...

මමත් දවසක් හැදුනුම්පත නැති වෙලා පොලීසියට තුන් පාරක් බඩ ගෑවා. අන්තිම සැරේ වරැවක් හිටියා පොලීසියේ කාබන් ‍කොලයක් නැතුව. මම හිතා ගත්තා මීට පස්සේ පොලීසියට ගියොත් කාබන් කොලයක් අරන් යන්න..

පිස්සා පලාමල්ල said...

අපෝ පොලිසිය ගැන නම් කතා කරන්න එපා. ඒක දැන් බල්ලට ගිහින්. හොඳ කෙනෙක් ඉන්නෙ බොහොම කලාතුරකින්.

ආධුනිකයා said...

පොලීසිය ගැන කතා කරනවට වැඩිය හොඳයි කට බිම අතුල්ලගන්නවා.ඔය ඊයෙත් මට්ටක්කුලිය පැත්තෙ නටල තියෙන්නෙ හොඳ නාඩගමක්.

මාරයාගේ හෝරාව said...

අකුරු චුට්ටක් ෙලාකු කරන්න බැරිද?

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...