දරු සෙනෙහසට කව් ගී ලියවුනා මදී...........

ඉතාම සිත්ගන්නා සුළු සංවේදී ගීයකින් "පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" කියලා මලිනි ජයරත්නයන් කියනවා.. ඒත් "යෝද ඇලේ වීරිය වුන අප්පච්චී" "ගෙඩි සියයක් බිම හෙලුවත්" "මිදුලේ වැලි මාලිගාවෙ" වගේ ගීත මට මතක් වෙනවා..


හැබැයි දරු සෙනෙහසට නම් කව් ගී ලියවුනා හොඳටම මදී...... මට එහෙම කියන්න හිතුනා. මම කියන්නෙ දරුවන්ගෙ හිතේ අම්මා තාත්තා ගැන උපදින ආදරය ගැන.. ඒකට කියන වචනයක්වත් තියනවාද කියලා මට ඔලුවට එන්නෙ නැහැ.. "දරු සෙනෙහස" කියන්නෙත් දෙමව්පියො දරුවන්ට දක්වන ආදරයට..


මං දන්න "දරුවන්" 75% කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගෙ දෙමව්පියන් වෙනුවෙන් සාමාන්‍ය රටාවෙන් ඔබ්බට ගිහිං කැප කිරීම් කරන අය... පුංචිකාලෙ අම්මලා තාත්තලා දීපු දෙවල් වලට මානසික ණය ගෙවන අය.. බොහෝ දෙනා ඉතා ඉහළ පොලී අනුපාතික වලට යටත් වෙලත් සතුටින් ඒ දේ කරන අය.. (ඔයාලා එකඟ වේද මන්දා? )


මං ඊයෙ සෙනසුරාදා දවසෙ හිමීට කල්පනා කරලා බැලුවා මේ ගැන.. මේ කිසිම දෙයක් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත්ත දත්ත නෙවෙයි... පුද්ගලිකව මං දන්නා අඳුනන "දරුවන්" ගෙ ලිස්ට් එකක් හදලා පොඩි සර්වේ එකක් කරලා බැලුවා... ඒකෙ ප්‍රතිඵල තමයි ඔය කිව්වෙ..




"මහළු දෙමව්පියන් වැඩිහිටි නිවාස වලට යැවීම කියන්නෙ සමාජමය ප්‍රස්නයක් බවට පත් වෙලා.." දෙමව්පියන් ගැන කතා කරද්දි ඕක තමයි හොඳටම මාකට් කරන්න පුළුවන් කතාව...
 
 
 
තවත් කියනවානම් "ඒ නිසා ආච්චිලා සීයලා දරු මුණුබුරන්ට දෙන සුන්දර ළමා අත් දැකීම අපේ දරුවන්ට නැති වෙලා.. " කතාව මෙහෙම දිගට දිගට යන්න පුළුවන්..
 
 


මං පහුගිය අවුරුදු 10-12 කාලෙ අරන් බැලුවා... (මේ කාලෙ මගේ රාමුව විදියට අහු වෙන්නෙ මේක මං වැඩිහිටි "දරුවෙක්" විදියට ගත කරපු කාලෙ නිසා වෙන්න ඇති ) දරුවන් ලොකු මහත් වෙද්දි.. දෙමව්පියෝ උන්ගෙන් "නිදහස්" වෙන කාලෙ වෙද්දි, ඔවුන් ආවේණික නොවුවත් එකිනෙකාට සුවිශෙෂී පොදු ගැටළු වලට මුහුණ දෙනවා...
 
 
දියවැඩියාව.. පිළිකා.. ඔත්පළ වීම්... නීතිමය ප්‍රශ්න.. මානසික ප්‍රශ්න.. රැකියා අහිමි වීම්... විශ්‍රාම වැටුප මදි නිසා තවත් රැකියා කිරීම්... දරුවන්ට දෙන දේ දුන්නාට පසු අසරණ අඩපණ වීම්.. මේ තියෙන්නෙ ප්‍රස්න වලින් සමහරක්...
 
 
දරුවන් බොහෝ දෙනෙක් ජීවත් වෙන්නෙ දෙමව්පියන්ගෙ මේ වේදනාව පපු කුහරයේ රඳවාගෙන.. ඔයාලා එකඟ වෙයිද මන්දා?


අනේ... කාටහරි පුළුවන්නම් මගේ හිතේ තියන ගීතය ලියන්න.............?
 

14 comments:

වැහි කිරිල්ලී said...

සද .,සද දරා ඉන්න අහසට,සදටත් වඩා ආදරේ වග දැනුන දාක ඔයාගේ හිතේ තියන ගීතය ලියාවේවි.

dinesh said...

මටනම් අපේ තාත්ත තමයි මේ ලෝකෙ හොදම තාත්ත.

ජීවිතේමල් said...

පුලුවන් ..ඒත් මෙතන ලියන්න බෑ.... හි හි.....

budhajeewa said...

ඔහොම විවෘතව බලන්න යන්න එපා, අපේ සමාජයෙ ගොඩක් දේවල් වෙන්නේ වෙන්න ඕන පැත්තට විරුද්ධව සහ කිසිම පදනමක් නොමැතිව බව ඔබට අවබෝධ වේවි!

හොඳම දේ, කල්පනා කරන්නේ නැතිව - හොයා බලන්නේ නැතිව, මව්පියන් වැඩිහිටි නිවාස වලට යැවීම ගැන "සදාචාරය පිරිහුනු" පරම්පරාවේ දරුවන්ට දෝෂාරෝපණය කිරීමයි. ඔවුන් කරන්නේ වැරදිම බව දැකීමයි!

පුර සඳ said...

@වැහි කිරිල්ලි.... අහසට තියන වැඩ කන්දරාවෙ හැටියට මගේ ගීතය ලියන්න වෙලා නැතුව ඇති.. ඒත් එතකන් පුරසඳ බලාන ඉන්නවා...

@දිනෙශ්... ඒ අදහස වෙනස් කර ගන්න එපා..

@ජීවිතේ මල්... මෙතන නැති උනාට කමක් නැහැ කොතන හරි ලියවෙනවානම්..

@බුද්ධජීව ..විවෘතව නොබලා කොහොමද.?.. ඇයි අපිට හැම දේම සාම්ප්‍රදායිකව බලන්න පොළඹවන්නෙ? ඇත්ත ඇති හැටියට ගත්තහමඇත්ත තිත්ත උනත් දිගු කාලීන සුවයක් තියනවා නේද?

budhajeewa said...

@පුර සඳ:
සාම්ප්‍රදායිකව නොබලා ඇත්ත ඇති හැටියට ගන්න ඕනෑ නම්, "සමාජ විරෝධියා" - "හැදියාවක් නැති එකා" - "සදාචාරයක් නැති එකා" වැනි නම්බු නාම දරන්නට සූදානම් විය යුතුයි.

පුර සඳ said...

honorable කියනවාට වඩා ඒ නම්බු නාම වලට මං කැමතියි...ඒ වගේ ආමන්ත්‍රණයකට පස්සෙ පොඩිපහේ සුවදායක ගතියක් දැනෙනෙවා.. ඒවාට කියන "රැඩිකල්" වගේ වැදගත් වචනත් තියනවා..
සම්ම්ප්‍රදායික වෙන්න ඕනෙ නැහැ කියන්නෙ සම්පූර්ණ පෙරලිකාරයෙක් වෙන්න ඕනෙ කියන එක නෙවෙයි...දරුවො දෙමව්පියෝ තෙරුම් ගන්න දොරටුවක් විවෘත්ත කර ගන්න ඕනෙ..එතනදි ගනු දෙනුව පහසුයි.. අන්න ඒ දොරටුව සාම්ප්‍රදායට පටහැනි සංකල්පයක් වෙන්න පුළුවන්..

budhajeewa said...

@පුර සඳ: ඒක එහෙම නම්, එළකිරි සහ ජලය, නෝ ප්‍රොබ්ස්.

ඔය කියන අවබෝධය මට නම් හිතෙන විදියට තනි තනි පවුල් වශයෙන් ගත්තොත් ඒක ඇතුලෙ තියනවා.

ඔය අන්ධ ලෙස මවු පියන්ට කීකරු, පෙරළි පෙරළි වඳින, මව්පියන් දෙකයි දෙකයි එකතු කළාම පහයි කීවම පිළිගන්න දරුවන් ඉන්නේ කතා පොත්වල විතරක් වෙන්න ඕනෑ. නමුත් ඔය වගේ එකක් තමයි හාමුදුරුවරු ආදීන් "හොඳ මොඩලය" ලෙස පෙන්වන්න උත්සාහ කරන්නේ. සැබෑව නම්, වත්මන් පරපුර මව්පියන්ව පවා ප්‍රශ්න කරන්න පසුබට වෙන්නේ නෑ කියන එක.

ඒ වගේම, දරුවන් තමන්ට ඕනෑ හැටියට අඹන්න පුළුවන් සහ ඒ සඳහා තමන්ට අයිතිය ප්‍රශ්න කිරීමකින් තොරව ඇතැයි සිතන මවුපියන් ද ඇතැයි මම හිතන්නේ නෑ.

ඉතින්, ඔය අවබෝධය බොහෝ තැන් වල තිබෙන බව පේනවා.

ඕකෙං දැඩි ලෙස අපගමනය වන නියැදි නැත්තේම නෑ!

එකම දේ, ඒ සම්බන්ධව කවි සිංදු ලියැවෙන්න තරම් එය විශේෂ දෙයක් නොවීම. අතීතයේ ඔවැනි දේවල් ලියවෙන්න ඇත්තේ දරුවන් ලබා බලෙන් ගරකරවා ගැනීමේ අවැසිතායන් තිබුනු පරම්පරා අතින් වෙන්න පුලුවන්!

නරක නම්, ඔය විවෘත භාවය ඒ ඒ පවුල් තුළම හිරවී තිබෙනවා ඇරෙන්නට, සමස්ථයක් ලෙස සමාජය තුළ නොමැති වීමයි! අන්න ඒ සමාජයයි ඉහත මා සඳහන් කළ ලෙස දරුවන්ගේ සෑම ක්‍රියාවකම දෝෂ සහ කුමක් කළත් මොනව වුනත් මව්පියන් ප්‍රශ්න කළ නොහැකි ලෙස නිවැරදි ලෙස දකින්නේ!

පිස්සා පලාමල්ල said...

ඒක ඇත්තටම නොහිතන පැත්තක්....

දෙමව්පියන්ගෙ බලපෑම්... බලාපොරොත්තු නිසා ඇතිවන පීඩනය නිසා ළමයින්ගෙ අනාගතේ අවුල් වෙන අවස්තා මම දැකල තියෙනවා. ඒත් අපේ සමාජය ඒව ගැන කතා කරන්නෙ නැහ.

බුදජීව කිව්ව වගේ ඒව ගැන කතා කරන කෙනෙක් සමාජ විරෝධියෙක් විදියට හංවඩු ගහන සමාජයක අපි ඉන්නේ.

ඒ වගේම අපේ සංස්කෘතිය තුල ළමයි දෙම්ව්පියන් කියන දේම කල උතුයි යන අදහසක් තියෙනවා.

පිස්සා පලාමල්ල said...

දෙමව්පියන්ගෙ බලපෑම්... බලාපොරොත්තු නිසා ඇතිවන පීඩනය නිසා ළමයින්ගෙ අනාගතේ අවුල් වෙන අවස්තා මම දැකල තියෙනවා. ඒත් අපේ සමාජය ඒව ගැන කතා කරන්නෙ නැහ.

බුදජීව කිව්ව වගේ ඒව ගැන කතා කරන කෙනෙක් සමාජ විරෝධියෙක් විදියට හංවඩු ගහන සමාජයක අපි ඉන්නේ.

ඒ වගේම අපේ සංස්කෘතිය තුල ළමයි දෙම්ව්පියන් කියන දේම කල උතුයි යන අදහසක් තියෙනවා.

පුර සඳ said...

@ බුද්ධාජීව සහ පිස්සා.... එළම එළ කිරි...!!!! චියර්ස්!!!!!!!!!!!!!!!!!!! මං වගේ "පන්නා දැමිය යුතු" දරුවන් සිටීම ගැන සතුටුයි..මොකෙක් හරි රිලවෙක් බඩගාගෙන වැන්දහම හරි ලොකුයි.... මටනම් උන් සත පහකට විස්වාසන් නැහැ.. ඔනාවට වඩා බුදු සරණයි කියන උන් තමයි අනිත් විස්වාස නැති කාණ්ඩෙ...

budhajeewa said...

@පුර සඳ: වානර වර්ගයේ සතුන් අතරේ යමෙකුට වඩා අඩු උස ප්‍රමාණයක් තවෙකෙකු විසින් දැක්වීමෙන් නිරූපණය කරන්නේ, එම සත්වයාට වඩා තමන්ගේ තත්වය පහත් යන්න එසේ උස අඩු කර දක්වන සත්වයා විසින් ප්‍රකාශ කිරීම ලු. (ඕක තිබ්බේ "මනුසත් උයන" නමින් එස්.එම්. බන්‍දුසීල පරිවර්තනේ කරපු Desmond Morris ගේ "Human Zoo" පොතේ වෙන්න ඕන.)

උස අඩු කර දක්වන ප්‍රමාණය අනුව, එසේ කරන සත්වයා තමන්ගේ තත්වයේ පහත්බව නිරූපණය කරනවා.

නයිට් කම ගන්න එලිසබත් ආච්චි ඉස්සරහා දන ගහන මිස්ටර් ටයිකෝට් කෙනෙකුයි, කවුරුහරි ගාව දනිං වැටිලා වඳින එකෙකුයි නිරූපණය කරන්නේ ඔය වානර ලක්‍ෂණයයි.

ඉතිං, පොඩි උංට ඉස්මුරුත්තාව හැදෙනකං "ඔවදන්" දෙන අපේ වැඩිහිටි සමාජය, "වැඩිහිටියන්ට ගරුකරන්න!"ට කියා, එහි භාවිත අර්ථය දකින දකින නාකියාට පෙරලි පෙරලි වැඳීම බව කියන්නේ, "වැඩිහිටියන්ට වඩා අපි පහත්!" යන අදහස පොඩි එවුංගේ හිතට එබ්බවීමටයි.

ගරු කිරීම යන්න වැඳීමට ඌනනය කරන්නේ කවරෙකුගේ උවමනාවටද? නොවැන්දොත් අගෞරව කිරීමද? "පොඩි දරුවන්ට ගරු කරන්න!" ලෙස වැඩිහිටියන්ට නොකියන්නේ මන්ද?

යමෙකු පවසන දෙයක වටිනාකමක් තිබේ නම්, එය "වැඩිහිටියෙකු" නොව එක වසරේ සිසුවෙකු කීවද වටිනාකම වටිනාකමමය. එහි විලෝමයද එසේමය.

ඇතැම් පවුල් තුළ පරම්පරා අතර අවබෝධය ප්‍රමාණවත් තරමකට තිබුනද, සමාජයම ගතහොත් එය ගන්නට දෙයක් නැත. වෙසෙසින් "වැඩිහිටි" පරම්පරාවට දැකිය හැක්කේ වත්මනේ වැරදි පමණි!

"අද හැදෙන එව්වොංගෙ හැටි, සංගෙ නැති ඈයෝ!"

පිස්සා said...

ගීත ගොඩක් තියෙනව අක්කේ.සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනාකරන"වන්නි වනපෙතේ....."ගීතය තමයි මට මුලින්ම මතක් උණේ.

Il mondo di una povera pazza said...

මම අදමනේ ඔයාගේ බ්ලොග් එක දැක්කේ...
ඒ ආවෙත් ටැබූගේ සම්මාන බලලා.
මේ පෝස්ට් ටික ඔක්කොම කියවගෙන යන ගමන්... ඒ විතරක් නෙමෙයි බස් කතාත් බැලුවා.

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...