ආයෙත් හඳ පානෙ රස්තියාදු ගහන්න හිතුනා...

මාස ගානක දිගු නිහැඬියාවකට පස්සෙ.. හරියට සහරා කාන්තාරෙට වැටිච්ච අනියම් වැස්සක් වගේ පොත් ප්‍රදර්ශනේ.. මං හිතන්නෙ මාස ගානක කුණු කන්දල් ඔලුව ඇතුලෙ එකතු වෙලා තියන වෙලාවෙ තමයි "ජීවිතේ මල්" එක්ක බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව පැත්තට ගියෙ.. මීහරක් බානක් දාලා අදින තරම් දැවැන්ත වේගෙකින් ධාවනය වන 154 ක නැගලා BMICH එක ළඟින් බහිද්දි තිබ්බ අන්තිම ධෛර්ය බිංදුවත් හේබාලා ගිහිං තිබ්බෙ..


ඒත් ආයෙත් පුර හඳේ රස්තියාදු ගහන්න motivate වෙච්ච re-union එක උනේ ඔතනදි... ඒකට re-union කියන්නත් බැහැ.. මොකද "re" නම් කලින් හම්බෙලා තියෙන්න එපායැ?
ඉතිං මං තාම කිව්වෙ නැහැ නොවැ මොකද්ද මේ හමුවීම කියලා.. ඒ තමයි මං රෑට රෑට හඳපානෙ රස්තියාදු ගහද්දි හම්බෙච්ච පෑනෙ (cyber) මිත්‍රයෝ ටික..
කෙහෙල් කොටුවෙ චුටි මහත්තයාවයි මැරියන්වයි නම් මං ඈත තියා හඳුන ගත්තෙ විදේශ චිත්තර ශිල්පියාගෙ දක්ශතාව නිසාමයි.. වැප් ඇතුළු කට්ටිය සරසවි එක ඉස්සරහ හම්බෙලා තාවකාලිකව විසිර යද්දි උනත් මූඩ් එකෙන් බාගයයි හරි ගිහින් තිබ්බෙ... ඊළඟට මායි ජීවිතේ මලුයි තාවකාලිකව විසිරිලා ගියා ..
ඊ වෙද්දි මට තිබ්බෙ පරණ කාර් එකක් තල්ලු කරලා ස්ටාට් කර ගත්තා වගේ හැඟීමක්.. ඒත් ගියර් දාන ලීවරය හොයා ගන්න බැරිව හිටියෙ..
ඔන්න ටික වෙලාවකින් මං "දෙවියන්ගෙ අඩවිය" ට (අනුල ද සිල්වා පරිවර්තනය කළ ."Not without my daughter") ගොඩ උනා.. වරුණාව වෑස්සෙන තල මලක් යට ( කටුගම්පල තල මල වරුණ - ජිනදාස දනන්සුරිය ) ඉඳගෙන සියක් අවුරුද්දක ඕප දූප,  ( සියවසක පුවත්පත් සිරස්තල - අනුරාධා මළලසෙකර ) ටිකක් කියෙව්වෙ "ස්වයංජාත" (සමරවීර විජයසිංහ - 2008 ස්වර්ණ පුස්තක රාජ්‍ය සම්මාන  ) එක්ක තිත්ත කෝපි ( අනුල ද සිල්වා සිංහලට නැගූ Christine Wilson ගේ Bitter Berry )  එකක් බොන ගමන්...

පොත් කීපයක හිමිකාරත්වය හිමිවීම මගින් මානසික ආතතිය දුරු වෙන බව මං මීට කලින් දැනං හිටියෙ නැහැනෙ.. ? ෂිහ්!!! හැබැයි කලින් දැන ගත්තනම් මේ වෙද්දි මං ලෝකෙ ලොකුම පොත් එකතුවේ හිමි කරයා වෙලා ගිනස් පොතටත් ගිහිං... අපරාදෙ..
ගියර් ලීවරය හොයා ගෙන ෆස්ට් එකට දැම්ම වගේ හැඟීමක් මට ඇති උනා...
ඊට පස්සෙ රන්දිල් ගෙ උපන්දිනේ සමරන්න චොකලට් කේක් එක්ක චොකලට් මිල්ක් එකකට කට්ටිය සෙට් වෙච්ච මොහොත අමතක කරන්නම බැහැ..
ඔන්න ඉතින් ඔතනදි තමයි හරියටම හෑන්ඩ් බ්‍රේක් එක නිදහස් කරලා හඳ පානෙ රස්තියාදු ගහන්න ආයෙත් සිතිවිල්ල මගට බැස්සෙ...


හිතෙන්නෙ එක දෙයයි.. "ස්තූතියි!!"

10 comments:

Kasun Nadeeshana said...

අහ්. කේක් නමි හරි රහයි. 154 බස් නම් මාර වේගෙන්නේ යන්නේ කොච්චර වෙගෙන් යනවද කිව්වොත් ඇගේ ලේ වතුර වෙලා තියෙනනේ බස් එකෙන් බහිනක් :P

ගීතික බුලත්සිංහල said...

මෙයා පොතුත් අරන්....

ජීවිතේමල් said...

එලස්....

sameerausa said...

Not Without My Daughter is a classic book..Give it a go..
You have made some good choices!

දුකා said...

අහ් කස්ටිය සෙට් වුනු බව අපි දැක්කා පින්තූර වලින් . .

ඒත් ඔයයි ජීඑවිතේ මලුයි නම් දක්කේ නෑ ඒ පින්තූර වල . ..

ආ කියන්න අමතක වුනා පොත් වල හිමිකාරයෙක් වුනාම රටක් රාජ්ජයක් හිමිවුනා වගේ නොදනුනේ මීට කලින් සල්ලි දීලා පොත් නොගත්තු නිසාද . .

දැන් වත් තේරුම් ගත්තු එක ලොකු දෙයක් හලෝ . .

පොත් ටික නම් නියමයි . . දෙවියන්ගේ අඩවිය එහෙම කියවන්නකෝ . . . ඇඟේ ලේ හොඳට රත්වෙලා එන හටි බලන්න

පුර සඳ said...

කාලෙකට පස්සෙ හඳපානේ ඇවිදින්න ගිය වෙලාවෙ මාව මතක තිබුණාට හැමෝටම ස්තූතියි!!!
@කසුන්..154 කොච්චර ෆාස්ට් ද කියනවා නම් එක සැරයක් බලද්දි කොන්දා මල්ලි බස් හෝල්ට් එකේ ඇවිද ඇවිද ඉන්නවා.. හිකිස් :-)
@ ගීතික... ගත්තා ගත්තා.. පුළුවන් උනොත් තවත් ගන්නවා..
@ දුකා.. ඇයි මායි ජීවිතේ මලුයි තමයි කොල පාට ටී ෂර්ට් ඇඳගෙන ඉන්නෙ...
මගේ පොත් මිලදී ගැනීම ගැන කෙටියෙන්ම කියනවානම්... මා හම්බ කළ වටිනාම ධනය මා සතු පොත් එකතුවයි.. නව කතා ගන්න එක පුරුද්දක් නොවෙන්න ඇත්තෙ වටින කියන නවකතා අම්මියි, නංගියි හරහා ගෙදරට ආව නිසා වෙන්න ඇති.. ඒත් මෙච්චර කල් අත පත ගාපු විෂයයන්ට අදාළ සෑහෙන්න එකතුවක් මා සතුයි..
පොතක් ගත්තෙ කාලෙකින් සහ ඊයෙ හිටියෙ අප්සෙට් මූඩ් එකක.. ඒකෙන් නිදහස් උනා කියන්නයි මම තැතනුවේ.. :-)
@ Sameera.. I read "Not without my daughter" few years ago.. Mathubee is still living within me.. its a classic one..

දුකා said...

අනේ සමාවෙන්න.
මම වැරදියට වටහාගෙන
හරි දැන් තේරුනා හොඳින්ම
සමාවෙන්න
අහ් ඔව් ඔ ඔක්කෝම පින්තූර දැක්කේ පස්සේ
කලින් කමෙන්ට් කරපු වෙලාවේ දකලා තිබුනේ නෑ

දුකා said...

නංගී මේ මම කලින් කමෙන්ට් එකේ හලෝ කිව්වේ හිතවත් කමට හොඳේ . . තරහට නෙමෙයි . . හරිද හලෝ

පුර සඳ said...

@ Duka.. hari halo..
me ilawwe sinhala nehe.. (office eke)

බුද්ධි said...

පුරසඳ,
මේක අදයි දැක්කෙ. ටැබූගේ සම්මාන ලින්ක් එකෙන් ආවෙ නැත්තං ඒ හම්බ වෙන්නෙත් නැ! එක දෙයක් ලියලා නැනේ. කෝ මම කිව්වෙ ආයෙත් ​බ්ලොග් එක ලියන්න ගන්න කියලා! කෝ ඒ ටික. ගියර් පොල්ලක් ගැනනෙ ලියලා තියෙන්නෙ.
හිකොස්!
කොහොම හරි එදා දවස නං අපිට අමතක වෙන්නැ නේද? ලොකු ප්ලැන් නැති උනත් එදා හරිම විනෝදජනක විදිහට ගෙවුනා නේද?

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...