යාළුවෝ යාළුවෝ... මාළුවෝ..

Comments: (0)
මේක මේ ආව ෆෝවර්ඩ් එකක්... ඒත් මරු කතාව...





ඔයාලා මෙහෙම දේවල් දැකලා තියනවාද? මං නං දැකලා තියනවා.. මං හිතන්නෙ ඉස්සර කාලෙත් තිබිලා තියනවා..ඒකනෙ කතාවක් හියෙන්නෙ " නඩුත් හාමුදුරුවන්ගෙ.. බඩුත් හාමුදුරුවන්ගෙ කියලා "




ධර්ම ද්වීපයට තෙරුවන් සරණයි!!! උපුල්වන් දෙවියන්ගේ රැකවරණයි!!!

කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ...?

Comments: (4)
මං මේ හඳ පානෙ රවුමක් යන්නෙ හදි හදිස්සියෙන්... හිතේ උතුරන නැවුම් හැන්ගුමක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතිච්ච නිසා... ඔයාලට මතකද අර අනවසර පදිංචි කාරයෝ දෙන්නා? (මෙතන ක්ලික් කරලා බලන්නකො..)
ඊයෙ මං නොටිස් කළා අලුත් කෙඳි වගයක් එහෙම ඔතලා පොඩි රෙපෙයාර් වැඩ වගයක් ගිහිං තියනවා අපි නැති අතරෙ.. දැං ඩිංගකට කළින් මං ජීවිතේ මල් වැඩට යන්න කලින් කිව්වා කුරුළු බිරිඳ අද තප්පලං ගහගෙන ඉන්නෙ අමුතු ෆැෂන් එකකට කියලා.. වම් තට්ට අහස දෙසට...
මං ඉස්සරහ දොර ළඟ ඉන්දැද්දි ඔන්න පෙම්වතා අළුත් සින්දුවක්... සද්දෙ ඇහිච්ච ගමන්ම මෙන්න උපදින්න ඉන්න පුන්චි උන් ටිකත් දාල කිරිල්ලියෙක් වගේ විසේකාර ලීලාවෙන් හම්බාගෙන ගිහිං තුරුල් උනා.. මාත් ඇස් කොනින් ඔක්කොම බලාගෙන... වෙලාවකට මට හිතුනා අම්ම කෙනෙක් වෙන්න තාම කලින් වැඩියි කියලා.. එක වහලක් යටට ඇවිල්ලත් කොච්චර ටික කාලයක්ද?
මං හිතන්නෙ පොඩි ආරෝවක් වෙන්නැති.. දෙන්නා කරට අත් (තටු ) දා ගෙන රවුමක් ගියා.. මං හිමීට කිට්ටු උනා..

අනේ වාසනාවන්... පුංචිම පුංචි කුරුළු පැටව් දෙන්නෙක් වගේ චායාවක් නළියනවා... ඒත් තියන තැන හැටියට හිතාගන්න බැහැ එක්කෙනයි ද දෙන්නයිද කියලා.. මට පේන විදියට නිමුන්නු..(කොට ජීවිතේ.. ජනේලෙ උසයි )
ටිකකින් ජෝඩුව ආවා.. පනු පැටවු වගයක් හොටෙන් අරන්.. දෙන්න තරඟෙට පුන්චිඋන් හුරතල් කර කර කව්වනවා.. පුංචි බන්ඩියට දැන්ම පනු පැටව් බර වැඩිද මන්දා....?
මං ඔය දැක්කමයි කුරුළු ජෝඩුවක් එකතු වෙලා පැටවුන්ට කවනවා... අනේ වාසනාවන්...


ආ.. කියන්න අමතක උනා... ජෝඩුව එනකන් මං නැළවිලි ගීයකුත් කිව්වා..


පිං සිදු වෙන්නේ.. අනේ බාල ළමුන්නේ..
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...

කොළේ කොළේ දමා කුඩා නිවස තනන්නේ..
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ..
රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ..
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ...

මේ පහළ පින්තුර වල ඉන්නෙ අළුත් දෙමාපිය යුවළ..


මේ අර තට්ටක් අහසට එල්ල කරගෙන ඉඳගෙන හිටිය විදිය...


මේ ඉඳු කට ගෑමේ මංගල්ලෙ.. ඔය පින්තූර දෙකේ ඉන්නෙ අම්මයි තත්තයි දෙන්නා..


ෂහ්.. මට දුකයි.. මේ ඔක්කොම වාර්තා කරන්න වෙලා තියෙන්නෙ ෆෝන් කැමරාවෙන්..


අය්යෝ!!! ඔන්න කච කචේ... දෙන්න දෙමහල්ලො ආයෙත් රන්ඩුවක්.. හැබැයි ආදරෙන්... පොඩ්ඩක් ඉන්න... මං ඕප දූපෙ බලාගෙන එන්නං..

මල්ලි ඔට්ටුව පැරදිච්ච හැටි...

Comments: (6)
ඔයාලට මතක ඇති මං කියනවා මල්ලිගෙ ආගමන කතාව.. ඉතිං ඔය මල්ලිම කරපු වැඩක් තමයි මේක..


අපේ ගෙදර නැවතිලා හිටියා නෑදෑ අක්ක කෙනෙක්.. ටික කාලෙකට.. එයා දෙවෙනි පාර ඒ ලෙවල් කරන්න පාඩම් කරන්න තමයි නැවතිලා හිටියෙ.. එයාව බලන්න ලොකු අම්මයි ලොකු තාත්තයි නිතර නිතර ආවා..

අපි ඉතිං හවස් වරුවෙ ටිකක් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා.. මල්ලි හුඟක් වෙලාවට එයාගෙ ෆුට් සයිකලේ පදිනවා.. අපි බැඩ්මින්ටන් ගහනවා..
 
දවසක් මල්ලි බයිසිකලේ ට නම්බර් ප්ලේට් එකක් ගහගෙන. අක්කව අවුස්සනත් එක්ක අක්කලගෙ කාර් එකේ නම්බර් එක තමයි ගහගෙන තියෙන්නෙ...


අක්ක හිතුවා මේක එයාට අගෞරවයක් විදියට.. 17 ශ්‍රී කියලයි නොම්මරේ පටන් අරන් තිබුණෙ..

මල්ලි හිතුවා වගේම අක්කා අහක යන තොප්පිය උඩ පැනලා අල්ලගෙන අම්මරුවෙන් තද කරලා දමා ගත්තා.. ඒ විතරක් නෙවෙයි අක්කටත් තද වෙලා...


"අපේ කාර් එක 17 ශ්‍රී නෙවෙයි ඩෑෂ්" පළමු පන්දු ඕවරයෙ ප්‍රථම පන්දුව අක්කගෙන්...


" අපොයි ඒක කොහෙද ඩෑෂ්..? ඒක ශ්‍රී... කබලක්නෙ..?"

"ඇපේ තාත්තා කබල් ගන්නෙ නැහැ.. ඒක ඩෑෂ්"

කොහොම හරි කතාව දුර යද්දි අක්කා ප්‍රබල ආයුදයක් පාවිච්චි කරන්න ලෑස්ති උනා.. ඒ බව් තේරුණේ ඇස් වලින් උල්පතක් වගේ එකක් මෝදු වෙද්දි... මල්ලිට තෙරුණා වැඩේ දෙල් වෙන්න එන්නෙ කියලා..
අක්කා මේක සීරියස් ම ගත්තා.. අපේ ගෙවල් වල්ත් ඉතිං ඉස්සෙල්ලා ගන්නෙ පිට කෙනාගෙ පැත්තනෙ..?


මල්ලි ටිකක් කිට්ටු වෙලා සාම සාකච්චාවක් පැවැත්තුවා..

"හරි!! අපි ඔට්ටුවක් අල්ලමු.. "

"හා...!! මට විස්වාසයි ඒක ඩෑෂ් කියලා.." අක්කා හැඬුම් බරව කිව්වා විතරක් නෙවෙයි ඔට්ටුවත් එයාම ඉදිරිපත් කළා.. " ඒක ශ්‍රී උනොත් එහෙම මං ඒ කර් එක මල්ලිට දෙනවා.. ඩෑෂ් උනොත් මල්ලි මල්ලිගෙ වාහනේ අපිට දෙන්න.."


මල්ලිත් කීප සැරයක්ම අක්කගෙ වාක්‍යය උච්චාරණය කළා.. කට පාඩම් වෙනකම්.. "හරි.. එකඟයි.."


ඔන්න ඉතිං සෙනසුරාද උදා උනා කියමුකො..ලොකු අම්මයි ලොකු තාත්තයි ආවා දෝණියන්දෑ බලන්න.. අපිත් ඉස්සරහට ගියා කාර් එකේ නම්බර් ප්ලේට් එක බලන්න..

"හු හූ.... 17 ඩැෂ්...." අක්කා උඩ පැන්නා..

"හරි හරි මං ඔට්ටුව පරාදයි.. පොරොන්දුව ඉටු කරනවා!!!"

"කෝ .. යතුර ගේන්න.."

මල්ලි ගෙට ගියා... කබල් යතුරක් අරන් ආවා..අක්කා අතට දුන්නා..


"චික් මේ මොකද්ද.. අරන් එනවා කාර් එකේ යතුර.."

"ඒක තත්තගෙනෙ..? මගේ නෙවෙයිනෙ"

"මේ ජරාව මොකද්ද..?"

" මගේ වාහනේ ගරාජ් ඒකේ කණුවට තියලා බඳින දම්වැලේ යතුර
ගන්න .. ගන්න!!! බය වෙන්න එපා"

ඉතිං ඔහොම තමයි මල්ලි පරාද කරලා අක්ක ඔට්ටුව දිනුව හැටි..

"මූ තමයි දවසකටවත් මිනිහා..!!" ලොකු තත්තා කිව්වා...

කර කියා ගන්න දෙයක් නැතුව අතට අත දීම...

Comments: (11)
මේක මං දන්න කෙනෙකුට ඇත්තටම වෙච්ච දෙයක්... මොකද සිද්දිය වෙච්ච වෙලාවෙ මං එතන.. කතාවෙ පූරවාපර සන්දි ගලප ගත්තෙ පස්සෙ.. කතාව මේකයි..

"ඇය" පහුගිය ටිකේම ගෙදර යද්දි වැස්සට අහු උනා.. වැඩට අඳින කලිසම් තත බරිත උනාම හරිම අප්පිරියයි.. ඒක නිසා අද ටිකක් කොට සායක් අඳින්න හිතුවා.. කොට කිව්වට කොටම නෙවෙයි.. දණිස්ස වැහෙන නොවැහෙන ගානට..


ඔය අතරෙ රාජකාරිමය පාර්සලයක් එන්න තිබුණා.. හිතපු වෙලාවටම ඇගේ මේසෙ උඩ තිබ්බ දුරකතනය වැදුනා.. එහි අනිත් පස හිටියෙ එතුමා... එතුමා කිව්වෙ ඇත්තටම එතුමගෙ තත්වයට එන්න අපිට තව හුඟක් කල් යයි..


".... මම මේ ගාඩ් රූම් එකෙ ඉන්නෙ.. පාරෙ වාහනේ නවත්තලයි ආවෙ.. could you please come and collect this?.."
"Yes sir!! Sure!"
 
ඔහුට ආපහු යන්න ඇති හදිස්සිය තේරුණ නිසා ඇය ලිෆ්ට් එක එනකන් ඉන්නෙ නැතුව පිය ගැට පෙළ බැස්සා.. ටිකක් වේගයෙන්..


පඩිපෙළ බාගයක් බහිද්දිම නිකන් ගැරඬියෙක් කකුල් දෙකේ එතෙනවා වගේ අපුලක් ඇයට දැනුණා.. බලද්දි එතුමගෙ ඇස් වලින් පිට වෙච්ච ආලෝක කිරණ කීපයක් විළුඹේ සිට ඉහළට වේගයෙන් එතෙනවා.. දණිස්ස පහු කරන්න කළින් ඇයව එතුමා ළඟටම ගෙනියන්න ඇගේ වේගය සමත් උනා..
 
ඇය එතුමගෙ දෑස දිහා එක එල්ලේ බැළුවා.. ඒ බැළුම් ප්‍රහාරය සාර්ථක වෙච්චි නිසා අර අනවර්තේ එළියට දාපු ආලෝක කිරණ ටික ආපහු අරං නොපෙනෙන තැනක හංගන්න එතුමට වෙලා මදි උනා.. එතුමා අප්සට් ගියා...
 
එතුමා පාර්සලය දීල ඇයට නොනවත්වා shake-hand කරන්න පටන් ගත්තා... ඔවුන් දෙදෙනාමයි ගාඩ් රූම් එකේ හිටපු සිකියුරිටියි තුන් දෙනාම අන්දුං කුන්දුං වෙලයි හිටියෙ..
 
 
මේක මේ සාක් සමුළුවේ දි හුවමාරු කරගන්න ගිවිසුමක් තරම් ලොකු ලියවිල්ලක් නෙවෙයි, ඊයෙ හවසත් හම්බුණ ඇගේ අතට පාර්සලේ දීලා අතට අත දෙන්න තරම්.. අනික එතුමයි ඇයයි දෙන්නම ඉංග්‍රීසි පන්නෙ අයත් නෙවෙයි ...
 
ඒ කට්ටිය විතරක් නෙවෙයි.. මාත් අන්දුං කුන්දුං උනා... ඒක නිසා එතනින් එහාට එතුමට මොකද උනේ කියලා මතක නැහැ... අපි දෙන්නම එතුමා ගියාට පස්සෙ බඩ පැළෙනකං හිනා උනා... ආපහු ඔෆිස් එක ඇතුලට ගිහිං අනිත් අයටත් කියමින් හිනා උනා... එතුමාට පිංසිද්ද වෙන්න සිකුරාදා දවසෙ තියන වෙහෙසකර ඇල් මැරිච්ච ගතියෙන් මදකට මිදෙන්න අපිට පුළුවන් උනා... හිනාව කියන්නෙ වෙහෙසට හොඳ බෙහෙතක්..
 
 
 
ඒත් හවස බස් එකෙ නැගලා එද්දි මට එතුමා ගැන අනුකම්පාවක් ඇති උණා.. මොකද දන්නවද.. ඔය හැඟීම ඇති වෙන්න ඇත්තෙ හැත්තෑ වයස් පිරුණ එතුමට විතරක් නෙවෙයි.. තව බොහෝ දෙනෙකුට.. ඒත් ඒ ඒත් හිතේ ඇති වෙච්ච කුපාඩි හැඟීම ඇස් දෙකෙන් එළියට නොදා වහ ගන්න බැරි වෙන්නෙ එතුමා වගේ අසරණයෙකුට විතරයි...

අනවසර පදිංචි කරුවන් ගේ ගෙවැදීම...

Comments: (1)
අපේ ගෙදරට අහන්නෙ බලන්නෙ නැතුව පදිංචියට ආව ජෝඩුව ගැන මං කිව්වනෙ? මෙතන කොටලා බලන්නකො..
දැං ඒ ගෙයි කට්ටිය පදිංචියි.. කට්ටිය කිව්වට මහ ලොකු සෙනගක් නැහැ.. ජෝඩුව ආවා.. මූලික වැඩ කෙරුණට පස්සෙ කීප සැරේ මං දැක්කෙ මිසිස් ව විතරයි..
මං හිතන්නෙ දෙන්න තුන්දෙනා වෙන්න හිතලා වගේ.. කිරිල්ලි මළු සේසතම රැකගෙන හිත තද කරගෙන ගෙදරටම වෙලා ඉන්නවා.. හෙට උදේට පුළුවන් උනොත් හොරෙන් පිංතූරයක් අරන් දාන්නං...
මට පොඩි ප්‍රශ්නයක් තියනවා... මේ දෙන්නා කොන්ඩ කුරුල්ලෝ.. මෙයාලා හරියටම කොහොමඩ දන්නෙ අපි එයාලට කරදර කරන්නෙ නැහැ කියලා...? මොකද මීට කලින් හම්බෙලා කතා කරලා තියනවයැ?

අනවසර පදිංචි කරුවන් සමග සාමයෙන්...

Comments: (6)
කාලෙකින් හඳ පානෙ රවුමක් යන්න බැරි වෙච්චි එකේ පෝය දවසෙ උදෙන්ම ඉඳගත්තා කවුළුව ළඟ...


මේ දවස් වල මට පුංචි වැඩක් හින්දා බිසි උනා.. මොකද අපේ ගෙදරට අනවසර පදිංචි කාරයෝ දෙන්නෙක් ඇවිත්...ඒක තනිකරම බලහත්කාරයෙන් වෙච්ච දෙයක්..

අපි මීට මාස කීපෙකට උඩදි ගල්කිස්සෙ ගාලු පාරට ඇවිදින දුරින් ගෙයක් කුළියට හොයා ගත්තෙ දෙය්යනේ කියලා නිදහසේ ඉන්නයි... මාස කීයද ගියෙ.. ?

දවසක් මං අහම්බෙන් දවසම ගෙදර හිටිය දවසෙ මට ඇහුණා සාලෙ දොර ළඟ කච කච ගාලා ඝොෂාවක්..
බලද්දි දෙන්න දෙමහලෝ දෙන්නෙක් පදිංචියට තැනක් තෝර ගන්න බැරුව අඩව් අල්ලනවා.. සාලෙ ජනෙල් හතරෙ පියන් අඩවල් කරලයි තිබුණෙ.. දෙන්න ජනේලෙට හේත්තු වෙලා මහ හඬින් කතාව.. මට තේරුණා එන පොට එච්චර හොඳ නැහැ කියලා.. මං පේන මානෙට ගියා.. මොකද කුළියක් ගෙවලා ගෙයක් ගත්තෙ පාඩුවේ ඉන්නනෙ...
දෙන්නා එසැනින් නොපෙනී ගියා.. ඒ උනාට මං වැඩක යෙදෙන අල්ල පනල්ලෙ ඕන කරන බඩු මුට්ටු ටික ළං කරගෙන තිබුණා.. තමං ගෙ පාඩුවේ ලැගල ඉන්න තැනක් හොයා ගන්නවා වගේ නෙවෙයිනෙ.. අර ළන්කර ගත්ත බඩු මුට්ටු වල සුන් බුන් වලින් පළාතම වනසලා..
අලුත් ජෝඩුවක්නෙ.. තාම මධු සමය වෙන්න ඇති.. මං අනුකම්පා කරලා එදා හවස සුන් බුන් ටික අස් කරලා දැම්මා.. මොකද අපිටත් ඔය වගේ කාලයක් තිබුණනෙ.. අළුත් ජෝඩු වලට පදිංචියට තැනක් ගැන එකඟ වෙන එක තමා අමාරුම කාරණේ...
ඉතිං දෙවෙනි දවසෙ ගෙදර එද්දි.. ජනෙල් ග්‍රිල් එකක ගැටයක් ගහලා මොකද්දෝ සෙල්ලමක් දාලා.. මං ඒත් ඉවසලා හිටියා.. මං දැක්කා හවස් අතේ මාව ගනන් ගන්නෙ නැතුව වගේ ඇවිල්ලා අර ගැටේ තියනවාද ගියලා බලලා.. අහක බලාගෙන යන්න ගියා..


පහුවදා නිවාඩු දවසක්.. උදේ තේක බොන ගමං නංගියි මායි කතා කළේ මේක මාර වැඩක් නෙ කියලා.. අපිට ඒ ගොල්ලොත් එක්ක හවුලෙ ෆෑන් එහෙම පාවිච්චි කරන්න අමාරුයි.. මොකද සාලෙ ෆෑන් එක ෆුල් දාන එකක් නෙ..

හවස මං ගෙදර එද්දි නංගි ෆෑන් එකෙ ස්විච් එකට සෙලෝ ටේප් එකක් ගහලා තිබුණා.. මොකද අපි එකඟ උනා මෙයාල ඉන්නකං සාලෙ ෆෑන් එක දාන්නෙ නැහැ කියලා.. කවුරු හරි වැරදීමකින් හරි දැම්මොත් අපි ගත්ත තීරණය වැඩක් නැහැනෙ..


ඊට පහුවදා ගෙදර එද්දි වැඩේ හරි.. සියල්ල සංවිදානාත්මකව සිද්ද වෙලා තිබුණා.. වෙනම ගේ කෑල්ලක් හදා ගන්න අත්තිවාරම විතරක් නවෙයි බිත්තිත් නග්ගලා.. මදැයි..
 
ඩබල දන්නවා කළ වැඩේ බරපතල කම.. මේක දෙහිවල ගල්කිස්ස මහ නගර සභා සීමාවනෙ.. අනවසර පදින්චිය ගැන හුඟක් සැළකිළිමත්.. අපි ඉතිං කම්ප්ලේන් කරන්න ගියේ නැහැ.. මොකද කට උත්තර ගන්න නගරාධිපතිට මෙයාල පස්සෙ යන්න බැහැනෙ..


දැන් සෑහෙන දුරට ගෙයි වැඩ ඉවරයි.. හෙට අනිද්දම පහිංචියට එයි.. කුළියක් ගන්න විදියක් නැහැ.. මොකද මේ ගෙට ගහපු ඇග්‍රිමන්ට් එක අස්සන් කළේ ලෝයර් කෙනෙක් ළඟ.. ඒකෙ පැහැදිලිව තියනවා නැවත කුළියට දෙන්න අපිට බැහැ කියලා... ඒ උනත් පිනට අහක යන ජෝඩු වලට ලගින්න දෙන්න බැහැ කියලා කියලා නැහැනෙ.. මං බදු ගිවිසුම කියවලා බළුවා.. එහෙම එකක් නැහැ..
අද උදෙත් ඇවිත් නක්කලේට වගේ මගෙ වටේ ර්වුමක් ගහලා ගියා.. බලමුකො..


ආහ්.. මං ඔය අතරෙ හදිස්සියට හරි ඕන වෙයි කියලා එයාලට හොරෙන් පිංතූර කීපයක් ගත්තා.. ඔය තියෙන්නෙ ඒව ටික..

මේ තියෙන්නෙ ඉස්සෙලාම දවසෙ ගහපු ගැටේ..

මේ තියෙන්නෙ ගැට ගහන්න ගිහිං අතේ මාට්ටු වෙච්ච හැටි. ("මොකද කට උත්තර ගන්න නගරාධිපතිට මෙයාල පස්සෙ යන්න බැහැනෙ.. ")



කැදැල්ල ඉන් ප්‍රොග්‍රස්...


මධු සමයෙදිම ගැබ් බර වෙච්ච ආදරණීය බිරිඳට ඕනෙ මිමි වලට කැදැල්ලේ හැඩ රුව තීරණය කරන හැටි..


මේ අද උදේ.. දැන් සෑහෙන්න ගෙයි වැඩ ඉවරයි.. අද හෙට පදිංචියට එයි..


 
 
බබ්බු හම්බෙන්න ඉද්දි ගෙවල් හදන්න හොඳ නැහැ කියන්නෙ ඇත්තද මන්දා...? ඔය හදලා තියෙන්නෙ...!!!

සංකේත.. පර්ස් එක, කුඩය සහ ලේන්සුව...

Comments: (21)

මේ දවස් වල අපි දවල් වරුවෙ එළියට බහින්නෙ ඕනම කමකට විතරයි නෙ.. ඉතින් ඔය වගේ ඕනෙම කමක් ඇති වෙලා ඉතාම අකමැත්තෙන් මං ගාළුපාරට ආවා...
මට ඇවිදින්න තිබුණේ මීටර 100 ටත් වඩා අඩු දුරක්... ගිනි කාස්ටක අව්ව.. බැරිම තැන මං කුඩේ ඉහළගත්තා.. අත් බෑගය ගෙනාවෙ නැති මෝඩ කම කියලා තේරුණේ එක අතකින් කුඩෙයි අනිත් අතින් පර්ස් එකයි අල්ලගෙන තුම්මුනින් වැක්කෙරෙන දාඩිය පිහ ගන්න විදියක් නැති වෙද්දියි...


කඩ මන්ඩිය පහු කරලා ටික දුරක් එද්දි කර් එකක් නැවැත්තුවා පාරක් අහන්න වගේ.. ම්හු.. අහන පාටක් නැහැ.. මං මගේ පාඩුවේ ඉස්සරහාට ගියා..
මීටර 10-20ක් විතර යද්දි ආයෙත් අර කාර් එක මාව පාස් කරලා නැවැත්තුවා.. ඒක ටොයොටා ඇලියොන් කාර් එකක්.. මං ගනන් ගත්තෙ නැහැ.. මොකද ඉඳලා හිටලා කොල්ලෙක් නක්කලේට වෙට්ටු දානවා කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි නෙ?.. මට ඕවා නවත්තන්න බෑ නෙ?.. මං නොනැවතී ඉස්සරහට ගියා..
ආයෙත් ඒ කාර් එක මාව පාස් කරලා නැවැත්තුවා..ඒ ගමනෙ ඉස්සරහා ෂටරය පාත් කරලා... මම නැවතිලා තියුණු බැල්මක් දුන්නා.. බඩ තඩි, තට්ට, අවුරුදු 65-70 ක විතර පොරක් මා දිහා කන්න වගේ බලන් ඉන්නවා.. මට කලින් කට ඉස්සර උනා..


"ඇයි අංකල්?"..

පිළිතුර ආලවන්ත කෝලවන්ත බැල්මක්.. චික්... පොර ගියර් එක නියුට්‍රල් කරගෙන මං ඇවිදින වේගෙට...

"ඇයි අංකල් මොකද්ද ප්‍රශ්නෙ?"
මං කිණිසි පාරක් වගේ බැල්මක් මදක් නැවිලා ඇරපු ෂටරය කඩාගෙන යන්න දුන්නා..


නැවතත් අසරණ කෝල බැල්මක්... මට හරියට පෙණුනෙ ඩ්‍රයිවර් සීට් එකේ තඩි ගෙම්බෙක් ඉන්නවා වගේ..

වික්ශිප්ත වූ ප්‍රශ්නාර්තයක් එක්කම නැවතත් මට පෙර කට..

"අඃ.. අංකල් කිව්වට සීයා කෙනෙක්.. සොරි.. ඇයි?"

පොර ගාලු පාර පලාගෙන වගේ ලෑල්ලට පාගලා ගියා..



කතාවේ දෙවෙනි කොටස වුනේ හවස් වරුවේ.මං නංගිත් එක්ක නැවත දෙහිවලට ගියා. යද්දි මං එයාට ඔය කතාව කිව්වා..


"හහ්.. කුඩයක් ඉහලගෙන පර්ස් එකක් අරගෙන යද්දි කාර් නවත්තන එක පුදුමයක් යැ? තව ලේන්සුවකුත් තිබුණනම් මරු" ඒ නංගිගෙ අදහස..

"ලේන්සුවත් තිබුණා නේන්නම්.. :-( "

"ඉතිං හරිනෙ..." ඈ හක හක ගා හිනා උනා..

මට පොළව පලාගෙන යන්න හිතුනා..

"මං ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ ලෝකෙ පැරණිතම ස්වයං රැකියාවට යුනිෆෝම් එකක් තියන බව... "
"යුනිෆෝම් එක දැන් සාමාන්‍යකරණය වෙලා.. ඉතිරි වෙලා තියෙන්නෙ ඔය අයිටම් තුන විතරයි.. කුඩෙයි, පර්ස් එකයි, ලේන්සුවයි"


අනේ කාලේ.. වනේ වාසේ!!!!