ලිංගික ශ්‍රමිකයන් නීතිගත වීම.. අනභිබවනීය ප්‍රයත්නය...

ලිංගික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මානව හිමිකම් ගැන W3lanka ලියපු දේ අඹගහ යට ඉඳන් කියවද්දි ... ආහ්හ්හ්!!!!


මෙහෙම හිතන්න... ඔන්න සඳුදා.. ඔක්කොම පත්තර වල, ටීවී වල.. රේඩියො වල නෙට් එකේ මෙකී නොකී සියලු තැන් වල ලිංගික ශ්‍රමිකයින්ගේ ඡායා රූප පළ වෙනවා.. මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙනවා.. මාධ්‍ය වේදීන්, මාධ්‍ය ලෝලීන්, ප්‍රකාශකයින්.. ප්‍රේක්ෂකයින් ෆුල් බිසි වෙනවා..


ඔය අතරෙ.. බස් ස්ටෑන්ඩ් වල පාර තොටේ රට වටේ ගැහැණු පිරිමි දෙපක්ෂයම එකතු වෙලා හැම ගැහැණියෙක්ගෙම මූණ හිස් කබළේ ඇට මිදුළ දක්වාම තමන්ගෙ ඇස් දෙකෙන් ම ස්කෑන් කරනවා..මොකද.. අර මාධ්‍ය වල තිබ්බ තහනම් ගහේ ගෙඩි කාපු ගෑණියෙක්ගෙ පිංතූරයක්ද කියලා බලන්න.. ඔන්න සඳුදත් ගෙවෙනවා.. රටම ෆුල් බිසි මූඩ් එකක නින්දට යනවා..



ඔන්න අඟහරුවාදා....අපෙ රටේ මානව හිමිකම් යථා පරිදි සිද්ද වෙනවා.. ඔන්න නඩු කාර හාමුදුරුවෝ යුක්තිය පසිඳලනවා.. ඊට පස්සෙ ලෝකයේ පැරණිම වෘත්තියේ ඇති වටිනා කම සහ අයිතීන් හඳුනාගෙන ලිංගික ශ්‍රමිකත්වය නීති ගත කරනවා..
(මේ අතරෙ කසු කුසු පැතිරෙනවා.. අහවලාගෙ අහවලා ත් ඔතන ඉන්නවා.. එයාගෙ පිංතූරෙත් තිබිලා තියනවා.. ඒකයි ඔය බේරගන්න සපෝට් කරලා තියෙන්නෙ )
 
 
ඔන්න ඉතිං ලන්කාවට වසන්තය උදා වෙනවා.. අඟහරුවාදා හවස් වෙද්දිම වගේ.. සියලුම ආයතන ඕටී එපා කියා රෑ දෙගොඩහරිය වෙනකම් ක්‍රම සම්පාදනය කරනවා.. වෘත්තීය මට්ටමකින්මිල පාලනයකට යටත් කරනවා.. සම්මත මිලක් උස බර වයස පෙනුම අනුව මානයකට අනුව තීරණය වෙනවා.. ගෙදර යන ගමන් අඩුම බඩු මිලටත් වඩා අඩු මිලක් තීරණය වෙනවා..
 
 
කඩිනම් සේවයක් විදියට වහාම බ්‍රේකින් නිව්ස් වලට පණිවිඩ යවනවා.. තීරණය එනකම් පත්තර අච්චු ගහන එකත් නවත්තනවා.. ඔන්න තීරණය එනවා..
 
අදාළ ඇමැත්තා පුද්ගලිකවම මැදිහත් වෙලා මාධ්‍ය සාකච්චාවක් කැඳවනවා... "ඔබ ඇමතූ දුර කතනයෙන් ... චාරයක් නොමැත"...  "The number you dialed cannot be contacted right now.. please try again later" ... "out of the coverage area" වගේ පිළිතුරු ලැබෙනවා... රිං වෙලා රිං වෙලා නවතිනවා.. ෆුල් මල්හෝන්!!
 
ඇමැත්තා ඔලුව කහ කහ කල්පනා කරනවා.. මොකද තමන්ට තියන ජාතික වගකීම එතුමා දන්නවා.. මේ සියළු පුරංගනාවන් රෙජිස්ටර් කරන්න ඕනෙ.. සේවය ලබා ගන්න කැමති අය වෙනම රෙජිස්ටර් කරලා පෝමිට් එකක් දෙන්න ඕනෙ... ඊ ළඟට එන ප්‍රශ්න..?????? හොර පෝමිට් ඉල්ලන් එන චන්ද දායකයො මුදලාලිලා... අන්තිමට අමාරුවේ වැටෙන්නෙ අපේ ඇමති තුමා..
 
මේක පළ කරගන්න මාධ්‍ය වේදියෙක් සම්බන්ද කරගන්න නැති හැටි!!!
 
  මේ අතරෙ සියළු ම ලංකාවට සෙවා සපයන චන්ද්‍රිකා වලින් ඇලර්ට් නිකුත් කරනවා..



රටේ ශ්‍රම හමුදාව මධ්‍යම රාත්‍රිය නොතකා සරල රේඛාවක් ඔස්සේ හිටන් ඉන්නවා.. මේ ආරන්චිය ආව ගමන් ලෝකෙම බය වෙනවා.. තිස් වසරක යුද්ද්යක් නිමා කරල ජාතික සමගිය පෙන්නපු ඉන්දියන් සාගරයෙ මුතු ඇටය.. !!!!!


කිසිම සහායකයෙක් නැති තැන ඇමති තුමා හාමිනේවත් නැගිට්ටවගෙන මේ කියන මිනිස් සරල රේඛාව සොයා යනවා..
 
 



හත් දෙය්යන්ටම ඔප්පු වෙච්ච වෙලාවෙ කිරි අප්පට බල්ලො පැනලලු.. කිරි අප්පත් පෝලිමේලු... පුවත පළ වෙන්න කලියෙන්ම පෝමිට් පෝලිම හැදිලා.. හෆොයි!!!!!!!!

4 comments:

Anonymous said...

අඩන්නයි හිතුනේ. වෙන මොනවා හිතෙන්නද මේ කෝලම් ඇහුවාම..:-(

Anonymous said...

ඔබ මෙතන අදහස් කරන දෙය මට හරියටම පැහැදිලි නෑ.නමුත් මේ සම්බන්ධව සිංහල බ්ලොග් වල මම දැකපු පලමු ලිපිය නිසා යමක් කියන්න කැමතියි.(සමහර විට තවත් ලිපි පලවෘ තියෙන්න පුලුවන්. නමුත් මම දැක්කෙ නැති නිසා එහෙම කීවේ.)
ඔය ‍වීඩියෝ මමත් රස කර කර බලලා තියෙනවා.ඒ ඉතිං ලංකාවේ දෙයක් අපිට වටිනවානේ. අර සුදු ඉටි රුප වල කිසි ගතියක් නෑනේ.ඒ හේතුවම නිසා එම සිංහල වීඩියෝ වලට හොද ඉල්ලුමක් තිබුනා.රටේ හැම තැනම ඒවා තිබුනා.
මෙම වීඩියෝ දෙස හොදින් බැලීමේදී පෙනෙනවා ඒවායේ පෙනී සිටින තරුනියන් බොහොමයක් ඒ අවස්ථාවේ තම පෙම්වතා එම අවස්ථාව වීඩියෝ කරන බව නොදන්නා බව.තව සමහරක් තරුනියන් එයට අකමැත්ත ප්‍රකාශ කලද තම පෙම්වතාගේ දැඩි පෙලබවීම මත කැමරාවට මුහුන දෙනවා දැකිය හැක. ඒ අනුව අපට පෙනෙන්නේ බොහෝමයක් තරුනියන් තම නොදන්නා කම නිසා හෝ තම පෙම්වතාව විශ්වාස කිරීම නිසා හෝ මෙම අවාසනාවන්ත තත්වයට මුහුන දී ඇති බවයි.
මේ වන විට එම පෙම්වතා ඇයව හැර ගොස් තිබෙන්නට පුලුවන.එසේ වන විට අර ඡායා රෑප ප්‍රසිද්ධ කිරීම?
තවත් ශෝකාන්ත කථා කීපයක් නොදුරු දිනෙක අපට අසන්නට ලැබේවී.කවුරුන්ට හෝ වැරදී ඇත.අප කල යුත්තේ එය නිවරදි කිරීම මිස තව තවත් එය වර්ධනය කිරීම නොවේ. ‍

පුර සඳ said...

හිතවත් අප්පුහාමි.. ස්තූතියි කමෙන්ටුවට!! මං කියන්න තැතනුවේ මෙච්චරයි.. ටිකක් හිතල බලන්න.. ලංකාවෙ මෑත දශකය දිහා... හිසේ කෙස් ගානට ආන්දෝලනාත්මක සිද්දි වෙලා තියනවා...ඒ හැම සිද්දියකටම අවසානයේ සිදුවීමේ රාමුව අරන් බලන්න..
මං ඔය කියලා තියන විකාර රූපි කතාවෙ රාමුව අරන් බලන්න...
දෙකේම සමානකම් තෙරෙයි..
1. ලංකාව දුවන්නේ දේශපාලනීකරණය වෙච්චි මාධ්‍ය වල අවශ්‍යතාවයන් වෙනුවෙන්...
2. එක එක පුද්ගලයන් ගේ රෙකග්නිෂන් එක එහෙමත් නැත්නම් අයිඩෙන්ටිටි එක එහෙමත් නැත්නම් පිම්බීම සහ හුළං ඇරීම මාධ්‍යයන්ගේ ජාතික වගකීමක් බවට පත් වෙලා..
සරළවම කියනවානම් නටාපු තොවිලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ ගහපු එස් එම් එසුත් නැහැ..මෙගාස්ටාර් ආගිය අතක් නැහැ..

අනිත් අතට, යන්න එන්න තැනක් නැති අසරණ පෙම්වත්තු ජෝඩුවක් කොටුවක් පැනල ඒක වීඩියො කරගෙන බ්‍රේක් අප් උනාට පස්සෙ පබ්ලිෂ් කරන එක විකුණාගෙන කන්න තරම්, ස්ටාර් කතන්දර ඉවර උන ගමන් හැදිච්ච හදිස්සිය බංකොළොත් බවේ සංකේතයක්ද?

dinesh said...

මට මේ කතාව වැඩිය තේරෙන්නෙ නෑ.පස්සෙ දවසක ටිකක් පැහැදිලිව දාන්න .අක්කියෙක්ද,නංගියෙක්ද දන්නෙ නැති හින්ද ඒක නොකිය ඉන්නම්.ආ නෑ,නෑ sister......

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...