දිගටම ලියන්නම් කියලා කය්යක් ගහලා ආයෙත් වැඩ අල්ලුවාට මොකද, යනින් එනින් ගමන් මිසක පුර හඳ දිහා බලාගෙන හිතේ තිබිච්චි දේ බ්ලොග් කරන්න වෙලාවක් නැතුවම මාස දෙකක් විතර ගිහින්...
ඔය අතරෙ වැඩිය නොලියපු මාව ඇගයීමකට ලක් කළාට ටැබූ ට බොහොමත්ම ස්තුතියි!!!
මේ සංචාරය යන්න මගේ හිත තුළ මුල් ගල තිබ්බෙ ජීවිතේ මල්... ඇය සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් බව මට කියා නොදෙන්න ට, යුනිකෝඩ් පද්ධතිය මගේ මැෂිමට දමා නොදෙන්නට පුර සඳට ලියන කතා කියවන්නට කාටවත් බැරි වෙයි.. එහෙනම් ටැබූට මාව හම්බෙන්නෙත් නැති වෙයි.
එදා පොත් ප්‍රදර්ශනයෙදි කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා ආයෙත් ලියන්න කියලා කරපු ආරාධනාව පිලි ගත්තට මොකද ආයෙත් ලියන්න ගැම්ම ආවෙ දැන්!!
ඉතිං නැවතත් ස්තූතියි!!
මොහොතක් ඉඩ දෙන්න
5 years ago
1 comments:
ඇත්තෙන්ම ඔබගේ අඩවිය ගැන දැනගත්තෙත් ටැබූගෙ පෝස්ට් එකෙන්. ටැබූට ස්තුතියි.
ඔබව අපි අඹ ගහ යට ට ලින්ක් කර ගත්තා.
Post a Comment
හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...